Biz Log
Classifields
Biz Log
Classifields

තරුණ දියණියන් පිළිබඳ අම්මලා බිය කරවන රෝගී තත්ත්වයක්

තරුණ දියණියන් පිළිබඳ අම්මලා බිය කරවන රෝගී තත්ත්වයක්

තරුණ, වැඩිහිටි කාන්තාවන් කා හටත් කරදරයක් වූ රෝගී තත්ත්වයක් ගැනයි අද අපි කතා කරන්නේ. බොහෝ දෙනා මේ රෝගය ගැන දන්නේ "සූදයාම" යන නමින්. යෝනි මාර්ගයෙන් යම් ශ්‍රාවයක් පිටවීම මේ රෝගී තත්ත්වය යි. බොහෝවිට තරුණ ගැහැනූ ළමයින්ද මේ තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙනවා. ඇතැම් වෙලාවට ඔවූන් බියට පත්වෙනවා, ඔවූන්ට කුමක් හෝ බරපතල අසනීපයක් ඇති වෙලා කියලා. නමූත් ප්‍රතිකාර ලබන්නට පැමිණෙන බොහෝ තරුණ ගැහැනූ ළමයින්ගේ මේ තත්ත්වය සාමාන්‍යයයි. ස්වභාවිකයි.

මාසික ඔසප්වීම ආසන්න කාලයේදී යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවයන් තරමක් වැඩිවන්නට පූළුවන්. මෙයට ප්‍රතිකාර කරන්නට පූළුවන් කමක් නෑ. එය ස්වභාවික තත්ත්වයක් බව තේරුම් ගන්නට ඕන. එම ශ්‍රාවය වර්ණයකින් හෝ ගන්ධයකින් තොරයි.

නමූත් මේ පිටවන ශ්‍රාවය කිරි කැටි මෙන්, දුගඳක් සහිතව පිටවනවා නම්, ඒ සමග යෝනි මාර්ගය අවට දැවිල්ලක්, කැසීමක් තිබෙනවා නම් එතැන ගැටලුවක් තිබෙනවා. යම් ලෙසකින් විෂබීජයක් ඇතුළුවීම නිසා එම තත්ත්වය ඇතිවන්නේ. මෙයට බොහෝවිට කැන්ඩිඩා කියන දිලීර ආසාදනයයි. මෙම රෝග තත්ත්වය සමාජ රෝගයක් කියල හඳුන්වන්නට බැහැ. ඇතැම් විට අප ශරීරයේම ඇතිවන විවිධ වෙනස්කම් නිසා එනම්, ඔසප් චක්‍රය ආරම්භ වන අවදියේ, ආරම්භ වූ පසූ හා අනෙක් කාලවලදී යෝනි මාර්ගය තුළ තත්ත්වය එකිනෙකට වෙනස්. ඒ වෙනස්කම් නිසා මේ දිලීරය ඇතිවන්නට පූළුවන්.

තවත් ට්‍රයිකොමොනාසීස් කියන බැක්ටීරියා නිසාත් ශ්‍රාවයන් පිටවීම ඇති වෙනවා. බැක්ටීරියාව ඇතුළු වන්නේ ලිංගික සම්බන්ධතාවකින්. එය ශරීරය තුළම ඇතිවනවා යැයි කියන්නට බැහැ. දැවිල්ල, කැසීම වැනි තත්ත්වයන් ඇතිවනවා නම් එය සාමාන්‍ය ලිංගික ශ්‍රාවයක් නෙමෙයි. ඒ නිසා එයට ප්‍රතිකාර ලැබිය යූතුයි.

මෙම තත්ත්වයට ප්‍රතිකාර ලැබීමේදී මූලින්ම එම ශ්‍රාවය සාම්පලයක් අරගෙන පරීකෂා කරලා බලනවා. මෙය කුමන ආසාදනයක් ද කියල. මෙම ආසාදනයන් හැරුණූ විට ලිංගික සබඳතා පවත්වන කාන්තාවකගේ නම් වෙනත් රෝග තත්ත්වයන් නිසා යෝනි මාර්ගයේ ශ්‍රාවයන් ඇතිවන්නට පූළුවන්. ඒ ගොනෝරියා, හර්පීස් වයිරස් ආසාදනය වැනි රෝග තත්ත්වයන් වන්නට පූළුවන්. කුමන රෝගයක් වූව ද මූලින්ම පරීකෂාකර බැලීම සූදුසූයි. එවිට අවශ්‍ය නම් පැප් පරීකෂණයක් මගින් රෝග තත්ත්වය හඳුනාගෙන එයට හේතුව සොයා ගැනීමට පූළුවනි.

හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරස නිසා ඇතිවන ආසාදනය සමාජ රෝගයක්. එය ඇතිවන්නේ ලිංගික සම්බන්ධකම් තුළින්. එහි තවත් ලකෂණයක් යෝනි මාර්ගය අවට කුඩා තුවාල හට ගැනීම. ඇතැම් විට මේවායේ දැවිල්ලක්, අධික වේදනාවක් සමග ශ්‍රාවය පිටවීමක් සිදුවෙනවා. ඒ සමග මූත්‍රාශයේද වේදනාවක් ඇතිවන්නට පූළුවනි. මූත්‍රා පිටකිරීමද වේදනා සහිත විය හැකියි. මේ රෝග තත්ත්වයේදී කාන්තාව හා පූරුෂයා දෙදෙනාම ප්‍රතිකාර ලබන්නට ඕන. කාන්තාව පමණක් ප්‍රතිකාර ලැබීමෙන් නැවතත් පූරුෂයාගෙන් රෝගය බෝවෙනවා.

හර්පීස් රෝගය ඇති කරන වයිරසය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට අපහසූයි. එය පාලනය කිරීම පමණයි කළ හැක්කේ. ඒ නිසා රෝගය මතුවන හැම අවස්ථාවකදීම ප්‍රතිකාර ලබන්නට ඕන. ඒ වගේම එවැනි කාන්තාවක් දරුවකු ප්‍රසූත කරනවා නම්, සිසේරියන් ශල්‍ය කර්මයකින් දරුවා බිහිකරන්නට ඕන. සාමාන්‍ය දරු උපතක් සිදුවූණොත් දරුවාට විවිධ රෝගී තත්ත්වයන් ඇතිවන්නට හැකියාව තිබෙනවා.

Share This Article

ප්‍රබල හානියක් නැති වූවත් ලිංගික උකුණා කැසීම ඇති කරයි

මෙම ජීවීන් මිලිමීටර් එකක් දෙකක් පමණ වේ. අන්වීක්ෂයකින් වඩාත් හොදට නිරීක්ෂණය කළ හැකිය. පියවී ඇසටද පෙනෙන අතර ශරීරයේ ලේ උරා බොමින්...

තරුණ දියණියන් පිළිබඳ අම්මලා බිය කරවන රෝගී තත්ත්වයක්

තරුණ, වැඩිහිටි කාන්තාවන් කා හටත් කරදරයක් වූ රෝගී තත්ත්වයක් ගැනයි අද අපි කතා කරන්නේ. බොහෝ දෙනා මේ රෝගය ගැන දන්නේ "සූදයාම"...

අම්මාට ගොනෝරියාද? දරුවටත් වැළදෙන්න පුලුවන්.

ගොනෝරියා සහ ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය වැනි රෝගී තත්ත්වයක් මවකට තිබෙනවා නම් එය කුස තුළ සිටින දරුවාට බලපාන බැවින් අවශ්‍ය ප්‍රතිකාර...

යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන ( Pruritus Vulvae)

ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු...

ගොනෝරියා රෝග ලක්ෂණ ම ඇති කරන ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය

ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය ඇති වන්නේ කෙසේද?ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග බොහෝමයක් මගින් මූත්‍රා ආසාදන ඇති කරනවා. ගොනෝරියා කියන ලිංගික සම්ප්‍රේෂණ...

මවගේ ලිංගික රෝගය දරුවාටත් බලපානවා

ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණූ කාන්තාවකට උපදින දරුවාට එම තත්ත්වය බලපාන ආකාරය පිළිබඳව අපි දැනටමත් දන්නවා. ඒ වගේම අද අපි ලිංගික හර්පීස් යන...