Bacterial Vaginosis - ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්
මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරීරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා. ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශවලත් සාමාන්‍ය සෞඛ්‍ය සඳහා එවැනි බැක්ටීරියා වර්ග පවතිනවා. කාන්තාවන්ගේ ශරීරයේ පවතින ලැක්ටො බැසිලස් කියන බැක්ටීරියාව එවැනි වූ බැක්ටීරියා වර්ගයක්. නමූත් මෙම රෝගයේදී ශරීරයේ පැවතිය යූතු ලැක්ටො බැසිලස් බැක්ටීරියාව අඩූ වී එම අඩූව පිරවීම සඳහා වෙනත් බැක්ටීරියා වර්ග ඇතුළු වීම නිසා මෙම රෝගය හට ගන්නවා.
ශරීරයේ එසේ ඇතිවන අසමතුලිතතාවය නිසා හට ගන්නා බැක්ටීරියල් වැජිනෝසිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ නිසාම රෝගය වඩාත් පහසූවෙන් හඳුූනා ගන්නට පූළුවන්කම ලැබෙනවා. ලිංගේන්ද්‍රිය තුළින් ශ්‍රාවයක් පිටවීම සහ එම ශ්‍රාවයේ ඇති අධික දුර්ගන්ධය (පිළීගඳ සහිත ශ්‍රාවයකි). මෙම රෝගයේදී පැහැදිලිව දෑකිය හැකිය. එසේම ලිංගාශ්‍රිිත ප්‍රදේශයේ කැසීම් ද ඇති විය හැකියි.
මෙම රෝග ලක්ෂණ අනූව සිදු කරන පරක්ෂණවලින් අනතුරුව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පූළුවන්. සතියක් තරම් වූ කෙටි කාලයක ප්‍රතිකාර ක්‍රමයක් තමයි මෙහිදී ලබා දෙන්නේ. ඒ නිසා ඉතාම ඉක්මනින් මෙම රෝගී තත්ත්වය සූව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂ කාරණාවක් තිබෙනවා. අනෙක් රෝග මෙන් මෙම රෝගය තවත් කෙනෙකුට බෝවෙන්නේ නැහැ. ඒ නිසා ඉතාම පහසූවෙන් රෝගය සූව කර ගැනීමට පූළුවන් වෙනවා. මෙවැනි රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකාර, පරක්ෂණ මෙන්ම උපදෙස් රජයේ රෝහල්වල සායනවලින් ලබා ගන්නට පූළුවන්. ඒ වගේම රෝගී තත්ත්වයට අනූව අදාල ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය ඉක්මනින් සූව කර ගැනීමටද හැකියාව ලැබෙනවා. මේ නිසා මෙවැනි රෝගී ලක්ෂණ පවතින කිසිම කෙනෙක් අනවශ්‍ය ලෙස බිය වීමට අවශ්‍ය නැහැ. ප්‍රතිකාර ලබා ගැනීිමට සායනවලට සහභාගි වී තමන්ගේ රෝගය සූව කර ගැනීමේ හැකියාව ඔවූන්ට තිබෙනවා.
වෛද්‍ය ශාන්ත හෙටිටිආරච්චි
ඕනම දෙයක් ගැන කිව්වාම හොයලා බලන්නේ නැතිව බයවෙන එක අපේ අයගේ සාමාන්‍ය පුරුද්දක්. බයවෙලා විතරක් නවතින්නේ නැහැ. ඒ ගැන හිතලා මානසිකව...
වර්තමානයේ දී පමණක් නොව ඈත අතීතයේ සිටම සමාජ රෝග භීතිකාව මුළු ලොව පුරාම ව්‍යාප්ත වී තිබිණි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමාජ...
ප්‍රජනක අවයව ආශ්‍රිත ව ඉන්නන් ඇති වීම පැරණි කාලයේ සිට දකින්නට ලැබූණූූ රෝගයක්. මෙය ලෝකය පූරා ම දෑකිය හැකියි. සිංහලෙන් ලිංගික...
මේ දිනවල ලිංගාශ්‍රිත සායනවලට එන රෝගීන් දෙස බැලීමේදී පාසල් වියේ පූතුන් පවා මේ අතරත සිටිනවා. ලිංගික සේවා සපයන්නියන් පවසන අන්දමට ඔවූන්...
ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු...
ඔබ බොහෝ විට බියට පත්වන රෝග තත්ත්වයක සැබෑවක් හෙළි කිරීම අපේ යුතුකමක්. එය බොහෝ දෙනාගේ ඉල්ලීම මත කෙරෙන්නක්. “මොනවද මේ ගැටිති...