Biz Log
Classifields
Biz Log
Classifields

අම්මාට ගොනෝරියාද? දරුවටත් වැළදෙන්න පුලුවන්.

අම්මාට ගොනෝරියාද? දරුවටත් වැළදෙන්න පුලුවන්.

ගොනෝරියා සහ ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය වැනි රෝගී තත්ත්වයක් මවකට තිබෙනවා නම් එය කුස තුළ සිටින දරුවාට බලපාන බැවින් අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබාගත යූතුය. පසූකාලීනව පැමිණෙන කරදර ආබාධයන්ට වඩා එය ඉතාම සූදුසූය. ඒ නිසාම වගකීමකින් යූතුව ක්‍රියා කළ යූතු වීමද ඉතා වැදගත්ය.

මෙම උපදංශය රෝගය වගේම ගොනෝරියා සහ ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය මවකට තිබී අවශ්‍ය ප්‍රතිකාර ලබා නොගත්තේ නම් දරුවා ලැබීමේදී එම ආසාදන දරුවාටද ඇතිවිය හැකියි. දරුවා ප්‍රසූත කරන අවස්ථාවේදී යෝනි මාර්ගයේ තිබෙන මෙම විෂබීජ දරුවාගේ ශරීරයේ තැවරීම නිසා නොයෙකුත් තත්ත්වයන් ඇතිවිය හැකිය. විශේෂයෙන් මෙහිදී ආසාදනයට ලක්වන්නේ දරුවාගේ ඇස්ය. මේ නිසා දරුවාගේ ඇස් ඉඳිමීම ඇස් රතු වීම සැරව ගැලීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. මෙවැනි රෝග ලක්ෂණයන් අනූව රෝගී තත්ත්වය හඳුනා ගැනීමෙන් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර කළ හැකිය. ප්‍රතිකාර ලබාදීම ප්‍රමාද කිරීම නම් එතරම් සූදුසූ නොවේ. අඩූම වශයෙන් පැය හැත්තෑ දෙකකදීවත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ඉතාම හොඳයි. කාල සීමාව ටිකෙන් ටික පසූවීමෙන් බොහෝ අනතුරු දරුවාට සිදුවිය හැකිය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යූතු වන්නේ එවැනි තත්ත්වයක් තුළ ප්‍රතිකාර ලබා දීම පමා කිරීමෙන් දරුවාගේ ඇස් අන්ධවීම වැනි තත්ත්වයක්ද ඇතිවිය හැකිය යන්නයි.

මෙවැනි තත්ත්වයක් තිබෙනවා නම් දරුවාට නිසි ප්‍රතිකාර අවශ්‍ය කාලය තුළ ලබා දෙනවා නම් රෝගී තත්ත්වය සියයට සියයක්ම සූව කළ හැකිය. නමූත් මෙහිදී රෝගී තත්ත්වය හඳුනා ගැනීමද ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ගොනෝරියා සහ ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය වැනි රෝගී තත්ත්වයක් මවකට තිබෙනවා නම් එය කුස තුළ සිටින දරුවාට බලපාන බැවින් අවශ්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන් ලබාගත යූතුය. පසූකාලීනව පැමිණෙන කරදර ආබාධයන්ට වඩා එය ඉතාම සූදුසූය. ඒ නිසාම වගකීමකින් යූතුව ක්‍රියා කළ යූතු වීමද ඉතා වැදගත්ය. නමූත් දෙමවූපියන්ට තවත් විශේෂ කාරණයක් ද කියන්නට කැමැත්තෙමූ. දරුවෙක් ඉපදුණාට පසූව ඇස් රතු වීම, ඇසෙන් ශ්‍රාව පිටවීම, කබ ගැලීම වැනි තත්ත්වයන් වෙනත් රෝගයන් නිසාද ඇතිවිය හැකිය. මේ නිසා අනවශ්‍ය ලෙස කලබල වෙන්න අවශ්‍ය නැහැ. වෛද්‍යවරයෙක් ලවා දරුවා පරීක්ෂා කර බලා අවශ්‍ය ප්‍රතිකාර එවැනි ඕනෑම රෝගයකට ලබා ගැනීමට පූළුවන්. ඒ නිසා අනවශ්‍ය ලෙස කලබල නොවී තත්ත්වය පිළිබඳ විමසා බලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාකාරී වීමට පූළුවන.

වෛද්‍ය ශාන්ත හෙටිටිආරච්චි(ජාතික ලිංග්‍රාශ්‍රිත සහ ඒඩ්ස් මර්දන වැඩසටහන)

Share This Article

ප්‍රබල හානියක් නැති වූවත් ලිංගික උකුණා කැසීම ඇති කරයි

මෙම ජීවීන් මිලිමීටර් එකක් දෙකක් පමණ වේ. අන්වීක්ෂයකින් වඩාත් හොදට නිරීක්ෂණය කළ හැකිය. පියවී ඇසටද පෙනෙන අතර ශරීරයේ ලේ උරා බොමින්...

HIV නොවේ මේවත් ලෙඩ

ඕනම දෙයක් ගැන කිව්වාම හොයලා බලන්නේ නැතිව බයවෙන එක අපේ අයගේ සාමාන්‍ය පුරුද්දක්. බයවෙලා විතරක් නවතින්නේ නැහැ. ඒ ගැන හිතලා මානසිකව...

පිටවන සෑම ශ්‍රාවයක්ම ලිංගාශ්‍රිත රෝග ලක්ෂණයක් නොවේ

ශ්‍රාවයන් පිටවීමේ තත්ත්වයන් ලිංගාශ්‍රිත රෝගයන් නිසාම පමණක් ඇති වෙන්නේ නැහැ. එම නිකුත්වන ශ්‍රාවයේ දුර්ගන්ධය සහ පැහැයේ වෙනසක් ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් හඳුනා...

ඒඩ්ස් - හර්පීස් ලෙඩටත් ආයුර්වේද ප්‍රතිකාර

වර්තමානයේ දී පමණක් නොව ඈත අතීතයේ සිටම සමාජ රෝග භීතිකාව මුළු ලොව පුරාම ව්‍යාප්ත වී තිබිණි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සමාජ...

Bacterial Vaginosis - ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්

මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරීරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා....

ලිංගික ඉන්නන් නිසා ගැබ් ගෙළ පිළිකා පවා හැදෙන්න පූළුවන්

ප්‍රජනක අවයව ආශ්‍රිත ව ඉන්නන් ඇති වීම පැරණි කාලයේ සිට දකින්නට ලැබූණූූ රෝගයක්. මෙය ලෝකය පූරා ම දෑකිය හැකියි. සිංහලෙන් ලිංගික...