ප්‍රබල හානියක් නැති වූවත් ලිංගික උකුණා කැසීම ඇති කරයි
මෙම ජීවීන් මිලිමීටර් එකක් දෙකක් පමණ වේ. අන්වීක්ෂයකින් වඩාත් හොදට නිරීක්ෂණය කළ හැකිය. පියවී ඇසටද පෙනෙන අතර ශරීරයේ ලේ උරා බොමින් ජීවත්වන උකුණූ විශේෂයකි. පෙඩිකියූලස් හියූමානස් යන නමින් හඳුන්වන උකුණූ විශේෂයද මිනිසාගේ හිසකෙස් අතර රැඳෙමින් ලේ උරා බොමින් ජීවත්වන ජීවියෙකි. ඒ අනූව මිනිස් සිරුරේ තයිරස් පියූබිස් හා පෙඩිකියූලස් හියූමානස් යන උකුණූ විශේෂ දෙක මිනිස් සිරුරින් ලේ උරා බොමින් ජීවත්වේ.
මෙම වර්ග දෙක පහසූවෙන් හඳුනාගත හැකිය. එනම් මූලින් සඳහන් කළ ආකාරයට තයිරස් පියූබිස් නමැති උකුණූ විශේෂය ලිංගාශ්‍රිතව ඇති රෝමවල රැඳී සිටිමින් ඒ ආශ්‍රිතව ලේ උරාබොමින් ජීවන ක්‍රියාවලිය පවත්වාගෙන යන අතර පෙඩිකියූලස් හියූමානස් හිසෙහි කෙස් අතර රැඳෙමින් ලේ උරා බොමින් ජීවන ක්‍රියාවලිය පවත්වාගෙන යයි.
ජීවන ක්‍රියාවලිය :මෙම ලිංගික උකුණා (තයිරස් පියූබිස්) මෙන්ම උකුණා (පෙඩි කියූලස් හියූමානස්) ජීවන චක්‍රය එක සමාන බව පෙනේ. එනම් තයිරස් පියූබිස් ලිංගාශ්‍රිත ප්‍රදේශයේ හා කිහිලි ආශ්‍රිතව ඇති රෝමවල රැඳෙමින් ලේ උරා බොමින් වැඩෙන අතර ගැහැනූ සත්ව හා බිත්තර දමයි. පෙඩිකියූලස් හියූමානස් (උකුණ) ද හිසකෙස් අතර රැඳී බිත්තර දමයි. මෙම උකුණා සමහරු තඩි ලෙස ද හඳුන්වන අතර, බිත්තර ලේඬි ලෙස ද හඳුන්වයි.
මේ ලේඬි නැත්නම් බිත්තර පූපූරා ගොස් කුඩා ජීවීන් හටගනී. මේ කුඩා ජීවීන් ක්‍රමක් ක්‍රමයෙන් වැඩෙද්දී තුන්වතාවක් සැව ඉවත්කරයි. තුන් වතාවක් සැව ඉවත් කළ පසූ ඌ වැඩූණූ ජීවියකු තත්ත්වයට පත්වෙයි.
ලිංගික උකුණා (තයිරස් පියූූබිස්) බෝවන ආකාරය :ලිංගික උකුණා හෙවත් තයිරස් පියූබිස් ලිංගික සම්බන්ධතා හා ස්පර්ශයන් හේතු කොටගෙන ආසාදිත අයෙකුගෙන් තවත් අයකුට පහසූවෙන් බෝවේ. මීට අමතරව කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පැදුරු ආදිය ආසාදිතයකු භාවිත කළ පසූ තවත් අයකු ඒවා පරිහරණය කිරීම මගින් බෝවීම සිදුවිය හැකියි. මෙහිදී ඔබ මතක තබා ගත යූතු කරුණක් ඇත. එනම් මෙම ලිංගික උකුණාට නැතිනම් තයිරස් පියූබිස් නමැති ජීවියාට ලේ උරා නොබී ජීවත්විය හැක්කේ දින දෙකක් වැනි කෙටි කාලයකි. ආසාදිත අයකු භාවිත කළ ඇඳ ඇතිරිලි කොටිට, මෙටිට තුවා ආදිය භාවිත කිරීමේදී ඒවා අව්වේ ලා වියලා දින තුන හතරකින් ප්‍රයෝජනයට ගත්තට හානිදායක නොවේ.
රෝග ලක්ෂණ :ලිංගික උකුණා ලිංගාශ්‍රිත ප්‍රදේශයට ඇතුල් වූ පසූ ආසාදිතයකු අතුරින් දැකිය හැකි ප්‍රධානම ලකෂණය වන්නේ කැසීමයි. කැසීමට හේතු වන්නේ ලිංගික උකුණා ලේ උරා බීම හා එම ජීවියා නිසා ඇතිවන අසාත්මික තත්ත්වයයි. ලිංගික උකුණා ලිංගාශ්‍රිත ප්‍රදේශය ආක්‍රමණය කළ පසූ සීග්‍රයෙන් වර්ධනය විය හැකිය. විශේෂයෙන් මේ ලිංගික උකුණා ලිංගික අවයව සඳහා සෘජූ හානිදායක තත්ත්වයක් ඇති නොකළත්, ඒ ආශ්‍රිතව ලේ උරා බීම සිදු කරයි. එමෙන්ම ඌගේ ව්‍යාප්තිය වැඩි වූ විට ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇති රෝමවල පමණක් නොව, කිහිල්ල ආශ්‍රිත රෝමවලත් ඇහි පිහාටූ ඇහි බැමි ආශ්‍රිතවත් ව්‍යාප්ත විය හැකි බව ද අමතක නොකළ යූතුය. පපූ ප්‍රදේශයේ ආශ්‍රිතව ඇති රෝමවලද මෙම ලිංගික උකුණා පැතිරී යා හැකිය.
ප්‍රතිකාර හා උපදෙස් :පළමූව ආසාදිත අයකුගේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් හා ස්පර්ශයන්ගෙන් වැලකී සිටිය යූතුය. එමෙන්ම සූවවන තෙක් ඇඳුම් පැළඳුම් හූවමාරු කර ගැනීමෙන් ද වැළකී සිටිය යූතුය. එමෙන්ම ඉහත දැක්වූ ආකාරයට ලිංගික සම්බන්ධතා නිසාද ලිංගික උකුණන් බෝවිය හැකි අතර, මෙවැනි ආසාදිතයන් අනිකුත් ලිංගික රෝග සඳහා ද පරීකෂණයක් කර ගැනීම වැදගත්ය. මේ සඳහා නොයෙකුත් රසායනික ආලේපන වර්ග වෛද්‍ය උපදෙස් මත ලබාදෙන අතර, විශේෂයෙන් ඇහි පිහාටූ ආශ්‍රිතවත් ලිංගික උකුණන් බෝවී සිටී නම් ඒ සඳහා සූදුසූ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සැලකිලිමත් විය යූතුය. මෙම ලිංගික උකුණන් සඳහා ප්‍රතිකාර ගෙන සතියකට පසූ යළි පරීකෂාවක් කරගෙන සම්පූර්ණයෙන්ම සූව වී ඇත්දැයි තහවූරු කරගත යූතුය. මෙම ලිංගික උකුණන් බෝවීමට වයස් භේදයක් නැත. ඕනෑම වයස් කාණ්ඩයක අයකුට වැළඳිය හැකිය. ආසාදිත මවකගෙන් වැඩිහිටියකුගෙන් දරුවෙකුට වූව ද බෝවිය හැකිය.
මෙම රෝගයෙන් ආරක්ෂා වීමට නම් තම ශාරීරික ස්වස්ථාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යූතුය. මහ රෝහල් ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග සඳහා සායන පැවැත්වෙන අතර, එම සායන වෙත යොමූවීමෙන් ඔබට එවැනි රෝග සඳහා ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාගත
මෙම ජීවීන් මිලිමීටර් එකක් දෙකක් පමණ වේ. අන්වීක්ෂයකින් වඩාත් හොදට නිරීක්ෂණය කළ හැකිය. පියවී ඇසටද පෙනෙන අතර ශරීරයේ ලේ උරා බොමින්...
ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය ඇති වන්නේ කෙසේද?ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග බොහෝමයක් මගින් මූත්‍රා ආසාදන ඇති කරනවා. ගොනෝරියා කියන ලිංගික සම්ප්‍රේෂණ...
ගොනෝරියා සහ ගොනෝරියා නොවන මූත්‍ර ප්‍රදාහය වැනි රෝගී තත්ත්වයක් මවකට තිබෙනවා නම් එය කුස තුළ සිටින දරුවාට බලපාන බැවින් අවශ්‍ය ප්‍රතිකාර...
ලිංගාශ්‍රිත රෝගයක් වැළඳුණූ කාන්තාවකට උපදින දරුවාට එම තත්ත්වය බලපාන ආකාරය පිළිබඳව අපි දැනටමත් දන්නවා. ඒ වගේම අද අපි ලිංගික හර්පීස් යන...
මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරීරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා....
ශිෂ්ණයේ ප්‍රමාණය මත ඔහුගේ හෝ ඇයගේ තෘප්තිය රඳා පවතින්නේ යැයි කිසි විටක සිතන්න එපා.ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂකව විශාලම ශිෂ්ණය හිමි වන්නේ මිනිසාටයි.කොහොමත්...