ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා
ප්‍රශ්නය :
අවූරුදු විසි දෙකක් වන අවිවාහක යූවතියක් වන මට ඇති ගැටලුව මෙයයි. වෛද්‍යතුමනි කලක සිට මගේ ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා. මූලදි සූළු වශයෙන් තිබූණූ අතර දෑන් ඒවා වර්ධනය වී ඇති බවයි පෙනෙන්නේ. තුවාල සතියකින් පමණ සූව වී යළිත් ඒ අවට කැසීමෙන් බිබිලි ඇතිවෙනවා. තුවාල සූව වූ තැන් කළු පැහැයට හැර තිබෙනවා. මෙවැනි රෝග ඇති වෙන්නේ ලිංගික සම්බන්ධකම් පැවත්වීමෙන් බව මම අසා තිබෙනවා. නමූත් මා කිසිදු ආකාරයකින් ලිංගික සම්බන්ධකමක් පවත්වා නැත. මේ සඳහා ප්‍රතිකාරයක් ගැනීමට යාමට ලැජ්ජාවෙන් පසූවෙමි. ඉකිිලි ප්‍රදේශයෙන් පසූපසටත් එය අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලටද පැතර යයි යන බියෙන් පසූවෙමි. එය මගේ අනාගතයට බලපායිද? ප්‍රතිකාරවලින් තොරව මෙය සූව නොවේද? මාස් ශුද්ධිය ඇති වී දින 3 - 4 කින් මෙම තත්ත්වය බහූලව ඇති වෙයි. මගේ රෝගය කුමක්ද? මෙය ස්ථිරවම සූව කර ගත නොහැකිද?
පිළිතුර :
ඔබට වැළඳී ඇත්තේ චර්ම රෝගී තත්ත්වයක්. දිලීරයක් නිසා හට ගන්නා මෙය මාසයක් මාස එකහමාරක් වැනි කාල සීමාවක් එක දිගට ප්‍රතිකාර ගැනීමෙන් සූව කර ගත හැකියි. ඒ සඳහා දිලීර නාශකයක් භාවිත කරන්න. එය වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත සිදු කිරම වඩාත් උචිතයි. උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකිය යූතු අතර පිරිසිදු යට ඇඳුම් ඇඳීම ද අත්‍යවශ්‍ය බව මතක තබා ගෙන ක්‍රියා කරන්න.
රාගම උතුරු කොළඹ මහ රෝහලේ ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ වෛද්‍ය සූනිල් ප්‍රනාන්දු
ප්‍රශ්නය : වෛද්‍යතුමනි මා ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන විසි එක් හැවිරිදි තරුණියක්මි. මම එක්තරා ඇබ්බැහි වීමකට පත්ව සිටිනවා. මෙයට මා...
මම දහ අට හැවිරිදි යූවතියක්මි. ළඟදි විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින මගේ හද දවන ගැටළුවක් ඇත. මා විවාහ වීමට සිටින්නේ වසරක පමණ...
මිනිසාගේ සෞඛ්‍ය සම්පන්නතාව සඳහා කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය මෙන්ම ලිංගික සෞඛ්‍ය ද වැදගත් වේ. මිනිස් සිරුර ක්‍රියාත්මක කරන මූලික අවයවය ලෙස...
ප්‍රශ්නය : මගේ වයස අවූරුදු විසිහයයි. ඔහූගේ වයස අවූරුදු විසිහතයි. එක් දරු මවක් වන මා ඔහූ සමග විවාහ වූයේ වසර පහක...
ප්‍රශ්නය : වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි....
ප්‍රශ්නය : මගේ වයස අවූරුදු විසිතුනයි. කලක් පේ්‍රමවන්තයෙකු ආශ්‍රය කළෙමි. ඔහූත් මාත් විවිධාකාර ක්‍රමවලට සතුටූ වූයෙමූ. පසූව ඔහූ මා හා අමනාප...