This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
ඔසප් දිනවල ඇති වෙන සංකූලතා ගැන හරියට දැනගනිමු

ආර්තව සමය කියන්නේ බොහොමයක් යුවතියන් හරිම අපහසුවෙන් කාලය ගත කරන අවධියක්. මෙය ස්වාභාවිකවම හෝර්මෝන ක්‍රියාකාරිත්වයෙන් සිදුවන ක්‍රියාවලියක් වුවත් ඇතැම් කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාරයන්ට යොමු වන්නේ මේ අවධියේදී ඇති වන දැඩි අපහසුතා හේතුවෙන්.

ආර්තවය පවතින දින කිහිපය පමණක් නොව ඔබේ සිරුරට ඇතැම් අපහසුතාවන් ඇතිවන්නේ ආර්තවයට පෙර දින දෙක _ තුනක් හෝ සති දෙකක පමණ සිට විය හැකියි. හෝර්මෝන වෙනස්වීම් හමුවේ මෙවැනි අපහසුතා විවිධ කාන්තාවන්ට ඇති වන්නේ විවිධ අයුරිනි.

විශේෂයෙන්ම ආර්තවය වීමට පෙර පියයුරුවල වේදනාව, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, කොන්දෙ විටින් විට ඇති වන වේදනාව වැනි අපහසුතාවන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ආර්තවය ආරම්භ වීමත් සමඟ මෙම අපහසුතා ක්‍රමයෙන් මඟහැරී යයි. මෙය දරාගත නොහැකි දැඩි වේදනාවක් ඇති කරයි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.

සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවකට ආර්තවය පවතින්නේ දින 3ත් 5ත් අතර කාල සීමාවකි. ඒ අනුව එක් එක් කාන්තාවන්ට පිටවන රුධිර ප්‍රමාණයත් වෙනස් වෙයි. උදර වේදනාව ඇති වීමද මෙහි සාමාන්‍ය ලක්ෂණයක්. නමුත් රුධිරය කැටි වශයෙන් පිටවීම සමඟ එදිනෙදා කටයුතු කිරීමට අපහසුකාරී වේදනාකාරී තත්ත්වයක් ඇතිවෙයි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම වඩාත් සුදුසුයි.

මෙවැනි වේදනාවක් සමඟ ක්ලාන්තය, වමනය පිටවීම, දහදිය දැමීම වැනි රෝග ලක්ෂණ මතු වේ නම් වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමයි.

ආර්තවය පවතින දින ගණන පිළිබඳවත් කාන්තාවන් අතර විවිධ මත පවතිනවා. දින 2ක් හෝ 3ක් පමණක් පවතින ආර්තවය සෞඛ්‍ය ගැටලු මතු කිරීමට හේතු විය හැකි බවට ඇතැම් කාන්තාවන් සිතා සිටියත් මෙය මිථ්‍යා මතයකි. වෛද්‍ය මතයට අනුව නම් ආර්තවය මසකට එක් දිනක් පමණක් පැවැතියත් එය සෑහෙනවා.

සෑම මාසයකම එකම දිනයක නියමිතව එය සිදුවිය යුතු යැයි සිතුවද පළමු ආර්තවය සිදුවී සති 3ත් 5ත් අතර ඊළඟ ආර්තවය සිදුවේ නම් එය ප්‍රමාණවත්. එය ක්‍රමවත් ආර්තව චක්‍රයක් ලෙස හඳුනා ගන්නවා.

ආර්තව සමයේදී ස්නානය කිරීමත් සුදුසු නොවන බවට විවිධ මත පවතිනවා. නමුත් මේ අවධියේදී ඔබ වඩාත් පිරිසුදුව සිටීම වැදගත් නිසා දිනපතා වුවත් ස්නානය කළ හැකියි. ඉන් ආර්තවයට කිසිදු බලපෑමක්ද ඇති නොවෙයි. එමෙන්ම පැය 3කට වරක්වත් ඔබේ සනීපාරක්ෂක තුවා මාරු කරමින් එම ස්ථාන වඩාත් හොඳින් වියළිව පිරිසුදුව තබා ගැනීමටත් ඔබ වඩාත් උනන්දු විය යුතුයි.

කාන්තාවන්ට මාසිකව සිදුවන ආර්තවයේදී ඔබේ ආහාර රටාව ගැන අනිසි බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. පෙර පරිදිම පෝෂණය සහිත ආහාරවේලක් ලබා ගැනීම වැදගත්. තෙල් සහිත ආහාර හා අන්නාසි වැනි උෂ්ණ ආහාර මේ සමයේදී නොගත යුතු බවට මතයක් පැවැතියත් එවැනි ආහාර ඔබට අසාත්මිකතා ඇති නොකරන්නේ නම් ඒවා ගැනීම වරදක් නොවේ. වමනය හා උදර වේදනා ඇති වන මෙම සමයේදී දිරවීමට පහසු සරල ආහාර ගැනීමට මුල් තැනක් දෙන්න.

ශාලිකා රංගනී සමරදිවාකර
උපුටා ගැනීම මව්බිම

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
ස්වයං වින්දනය මගින් ශරරයට බලපෑමක් ඇතිවේද?
සූද යාම සිරුර කෙටිටූ වීමට හේතුවක්ද?
කුඩා කල නොදැන ගත් උපත් පාලන පෙති දැන් සිරුරට අගුණ වේවිද?
අඹූ සැමි සබඳතා නොපැවැත්වීමෙන් ශරීරය කෙට්ටු වෙනවාද?
අඹූසැමි සම්බන්ධතාවලට වයස ප්‍රශ්නයක් නොවේ
කන්‍යාභාවය සහ කන්‍ය පටලය අතර සම්බන්ධය……
ඔසප් චක්‍රය අක්‍රමවත් නිසා විවාහ වෙන්න බයයි
සාර්ථක ඩිම්බ මෝචනයක් ඇත්නම් දරුවකු පිළිසිඳ ගන්නවා
ඔසප්වීම ප්‍රමාද කරගැනීම අපහසූ ද?