Biz Log
Classifields
Biz Log
Classifields

අඹූ සැමි සබඳතා නොපැවැත්වීමෙන් ශරීරය කෙට්ටු වෙනවාද?

අඹූ සැමි සබඳතා නොපැවැත්වීමෙන් ශරීරය කෙට්ටු වෙනවාද?

ප්‍රශ්නය :

වෛද්‍යතුමනි මගේ වයස අවූරුදු විසි හතරකි. වයස අවූරුදු දහඅටෙිදී විවාහ වූ අතර එකල දරුවකු හදාගැනීම කල් දැමීම අවශ්‍ය කළ නිසා තුන් මාසේ පවූල් සැළසූම් එන්නත ලබා ගත්තෙමි. එය වාර කිහිපයක් ම ලබා ගත් අතර එය ලබා ගනිද්දී මට නොයෙකුත් ආබාධිත තත්ත්වයන් ඇති විය. ඒ නිසා එම එන්නත ලබා ගැනීම නවතා පවූල් සැළසූම් ක්‍රමයක් ලෙස ගිලින පෙති භාවිතයට ගත්තෙමි. වෛද්‍යතුමනි, මා වැඩිවියට පත්වූනූ දා සිට ක්‍රමාණූකූලව ඔසප් චක්‍රය සිදුවිය. දැන් එය අක්‍රමවත්ව වී ඇත. ඇතැම් වාර වලදී එය දින දෙක තුනක් පවතී. රුධිරය පිටවන්නේ ද ඉතාමත් සූළු වශයෙනි. මෙය මහත් ගැටලුවක්. එන්නත ලබාගන්නා අවදියේදී ද හිසරදය හන්දිපත් රුදාව මට ඇතිවිය. ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් ද ඇතිවිය. එන්නත් ලබාගත් විට එහි අතුරු ඵලයක් ලෙස දරුවන් පිළිසිඳ ගැනීම ප්‍රමාද කරවන බව අසා ඇත්තෙමි. මෙහි සත්‍යතාවයක් තිබේද. පැහැදිලි කර දෙන්න.

පිළිතුර :

මූලින්ම ඔබට කිවයූත්තේ හිත කලබල කර නොගෙන සිටින්න යන්නයි. ඔබ පමණක් නොවෙයි සාමාන්‍යයෙන් විවාහ වූණ අලුතම දරුවෙකු හැදීමට බලාපොරොත්තුවක් නැතිනම් බොහෝ අය පවූල් සැලසූම් ක්‍රමයක් අනූගමනය කරනවා. එහි වරදක් දැකිය නොහැකිය. පවූල් සැළසූම් එන්නත වගේම ගිලින පෙති භාවිතයේදී ද ඇතැම් කාන්තාවන්ට විවිධ අතුරු ආබාධ ඇතිවෙනවා. ඒ අතර ක්ලාන්ත ගතිය, ඇඟ අප්‍රාණික ස්වභාවය කැරැකිල්ල වැනි ලකෂණ ඒ අතර දකින්නට පූළුවන්. එය ක්‍රමක් ක්‍රමයෙන් මග හැරී යනවා. වසර හයක් පමණ පවූල් සැළසූම් ක්‍රම අනූගමනය කරන ඔබ තාවකාලිකව මෙම ක්‍රම දෙක නවත්වා වෙන්ත ක්‍රමයක් අනූගමනය කරන්න. තවදුරටත් දරුවකු හැදීම ප්‍රමාද කරන්නෙ නම්. එහෙත් විවාහ වී වසර හයක්ම ගතවී ඇති නිසා ආර්ථික ශක්තියක් ඇත්නම් දරුවෙකු හදා ගැනීමට උනන්දුවීමත් වැදගත්. ඔසප් චක්‍රය ක්‍රියාත්මක වන්නේ ශරීරයේ හෝමෝන තත්ත්වය මත සිදුවන්නකි. එමෙන්ම ඔබේ ශරීරයේ පෝෂණ තත්ත්වයද ඒ කෙරෙහි බලපානවා. එම නිසා ඔබේ ආහාර වේල් නිතරම සමබරව ලබා ගැනීමට උත්සාහ ගන්න.

-----------------------------------------------------------------------------

ප්‍රශ්නය :

මම වයස අවූරුදු 49 ක් වයසැති කාන්තාවක්මි. පවූල් සැළසූම් ක්‍රමයක් ලෙස මීට වසර හයකට පමණ පෙර ලූපයක් පළඳවා ගත්තෙමි. එය සිදුකර ගත්තේ පෞද්ගලික රෝහලකිනි. වෛද්‍යතුමනි, දැන් මගේ ඔසප් චක්‍රය නැවතී ඇත. වසර දෙකක් පමණ ගතවී ඇත.දැන් මට ලූපය ඉවත් කර ගැනීමට අවශ්‍යයි. එය එය ඉවත් කරගන්නේ කෙසේද?

පිළිතුර :

ලූපයක් පැළඳවීම වෛද්‍යවරයෙකු විසින් කරනූ ලැබූවා සේම එය ඉවත් කළ යූත්තේ ද වෛද්‍යවරයෙකු විසිනි. එය ඉවත් කර ගැනීමට ඔබට හැකියාවක් නැත. ඒ සඳහා ඔබ උත්සාහ නොකළ යූතු බව තරයේම සිතට ගත යූතුයි. මෙය ඉවත් කරන්නේ සියූම් උපකරණයකිනි. ඉන් ඔබට වේදනාවක් ඇති නොවේ.

------------------------------------------------------------------------------------

ප්‍රශ්නය  :

අප දෙදෙනා විවාහ වූයේ වැඩිහිටි කැමත්තෙනි. එහෙත් වසර දෙකක් පමණ අප පෙම්වතුන් ලෙස ඇසූරු කළ අතර ඒ කාලයේදී අප අතර මොනයම් හෝ ආකාරයක ලිංගික සම්බන්ධකම් ඇතිවූයේ නැත. විවාහ වී මාස හතකට ආසන්නය. එහෙත් තවමත් මා කන්‍යාවක්මි. කොතරම් උත්සාහ කළත් අප දෙදෙනාට අඹූසැමි සම්බන්ධතා පැවැත්වීමට අපහසූ වී ඇත. ඊට හේතුව එම අවස්ථාවේ මට අධික බියක් ඇතිවීමයි ක්ලාන්තය ඇතිවීම වැනි තත්ත්වයටද මම පත්වෙමි. මේ පිළිබඳව අපේ වැඩහිටියන්ට ද පවසා නැත. එයට හේතුව මගේ සැමියා ඊට අකමැතිවීමයි. විවාහයෙන් පසූ මා දිනෙන් දින කෙටිටූ වනබව මට හැඟෙයි. ඒ නිසා වෛද්‍යවරයෙකු අප හමූවූ අතර වෛද්‍යවරයා පැවසූවේ මට ලෙඩක් නැති බවයි. එහෙත් ලිංගික සම්බන්ධකම් නොපැවැත්වීම කෙසඟ වෙනබව මගේ හැඟීමයි. වෛද්‍යතුමනි අපට මේ ගැටලූවෙන් මීදීමට උපදෙස් දෙන්න.

පිළිතුර :

රොගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය ද ඔබට නිසි ප්‍රතිකාරයක් ලැබී නැත. ඒ ඔබ රෝගී තත්ත්වය වසන්කර තිබීම නිසයි. අඹූසැමි සබඳතා පැවැත්වීමට ඔබට නොහැකිව ඇත්තේ ඔබේ මානසික බලපෑම නිසයි. ඔබේ රෝගය එයයි. කලබල නොවන්න. ඔබේ සැමියා සමග ගොස් උපදේශන සේවා ආයතනයක සහාය ලබාගන්න. ඒ අනූව ක්‍රියා කරන්න. ප්‍රතිකාර කළයූතු තත්ත්වයේ රෝගයක් ඔබ දෙපළට නැති වග පමණක් සිතට ගන්න.

Share This Article

සාර්ථක ඩිම්බ මෝචනයක් ඇත්නම් දරුවකු පිළිසිඳ ගන්නවා

වෛද්‍යතුමනි, මම තිස්තුන් වියැති කාන්තාවක්මි. විවාහ වී වසර 7 කි. අපට තවම දරුවන් නොමැත. මගේ සැමියාගේ ධාතු පරීක්ෂණයක් කළ විට සරු...

ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි ඇති වී ඒවා රතු පැහැයට හැර පසූව ඒවා ගෙන් දියර ගලනවා

ප්‍රශ්නය : අවූරුදු විසි දෙකක් වන අවිවාහක යූවතියක් වන මට ඇති ගැටලුව මෙයයි. වෛද්‍යතුමනි කලක සිට මගේ ඉකිලි ප්‍රදේශවල කැසීමෙන් බිබිලි...

ඔසප්වීම ප්‍රමාද කරගැනීම අපහසූ ද?

ළඟඳි විවාහ වීමට සිටින මාහට මාසික ඔසප්වීම නියමිත දිනට දින කීපයකට පෙර හෝ පසූ කිරීමට අවශ්‍යව ඇත. එය බෙහෙත් මගින් කළ...

කුඩා කල නොදැන ගත් උපත් පාලන පෙති දැන් සිරුරට අගුණ වේවිද?

ප්‍රශ්නය : වෛද්‍යතුමනි මෙම ගැටලුව මටත් මගේ නැගණියටත් පොදු වූ එකකි. මගේ දෑන් වයස අවූරුදු 19 කි. නැගණියගේ වයස අවූරුදු දාහතකි....

අඹූසැමි සම්බන්ධතාවලට වයස ප්‍රශ්නයක් නොවේ

ප්‍රශ්නය : මම දහනව හැවිරිදි කාන්තාවක්මි. වසරක පමණ කාලයක සිට පෙම්වතෙකු ඇසූරු කරන අතර ඔහූගේ වයස අවූරුදු තිස් හතරකි. අපගේ වයස්...

ඔසප් දිනවල ඇති වෙන සංකූලතා ගැන හරියට දැනගනිමු

ආර්තව සමය කියන්නේ බොහොමයක් යුවතියන් හරිම අපහසුවෙන් කාලය ගත කරන අවධියක්. මෙය ස්වාභාවිකවම හෝර්මෝන ක්‍රියාකාරිත්වයෙන් සිදුවන ක්‍රියාවලියක් වුවත් ඇතැම් කාන්තාවන් වෛද්‍ය...