Biz Log
Classifields
Biz Log
Classifields

මංගල පෝරුව සකස් කිරීමට නීති රීති රාශියක් තිබෙනවා

මංගල පෝරුව සකස් කිරීමට නීති රීති රාශියක් තිබෙනවා

රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය සතු සංස්කෘතිය සලකන්නේ ඒ නිසා වෙන්නටත් පූළුවනි. අපේ රට පිළිබඳ කතා කිරීමේදී පෞඩ සංස්කෘතියට උරුමකම් කියන බව නම් රහසක් නොවේ. එම නිසා අපේ සමාජය තුළ ඉෂ්ඨ සිද්ධ වෙන සියලුම සූබ කටයූතු සඳහා සංස්කෘතික ලකෂණ සහ ජ්‍යෙතිෂ්‍ය කාරණාවන් එකතුවන බව පෙනේ.

අපේ සමාජ ක්‍රමය තුළ විවාහය තවමත් මංගල කාරණාවක් ලෙස සලකයි. අපේ රටෙි ආවාහ විවාහ සිදුවන අවස්ථාවේ ප්‍රධාන තැනක් ගන්නා පෝරුවේ සිරිත් විරිත් කවදා කොහොම පටන් ගත්තාදෑයි අපට හරිහැටිම පැවසිය නොහැකි වේ. එදා බෞද්ධ සාහිත්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ විවාහය තුළ ද පෝරුවක් තිබූ බව සඳහන් වේ. පෝරුවට නැංවිය යූත්තේ චරිතවත් කන්‍යාවන්ය. එසේ නොවන ලලනාවන් ද පෝරුවට නංවන අවස්ථා ඕනතරම් තිබේ.

මෙකී පෝරුව සකස් කිරීමේ නීති රීති රාශියක් තිබේ. විවාහ උත්සවය පවත්වන ශාලාවේ හෝ නිවසේ වම් පැත්තේ පෝරුව ඉදිකිරීම සූදුසූ වේ. මනාල යූවළ පෝරුවට නැංවීමත් පෝරුවෙන් බැස්සවීමත් මනාළ යූවළට ගැලපෙන නැකතකින් සිදුවිය යූතුය. විවාහයට නැකත් නියම කරගත් පසූ එම දිනයට කලින් හයවැනි දිනයේ හෝ නවවැනි දිනයේ යෙදෙන සූබ මොහොතකින් පෝරුව තැනීම කළ යූතු වේ. විවාහ සිරිත් විරිත් නිම කිරීමෙන් පසූ හයවැනි දිනයෙන් පසූව එළඹෙන ඉරටිටෙි දිනයක පෝරුව එම ස්ථානයෙන් ඉවත් කිරීම කළ යූතු වේ.

පෝරුවේ තැබීම නැතහොත් නැංවීම යන්නෙන් අදහස් කරන්නේ මනාළ යූවළ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස් ස්ථානයකට නැංවීමයි. ඒ සඳහා අපේ පැරැන්නෝ කිරි වෘක්ෂයක ලීවලින් හෝ රන් රිදී පිත්තල තඹ තහඩූවලින් හෝ උස් වේදිකාවක් තනා ඒ මත පැදුරක් එලා ගොක් රැහැන් ආදියෙන් ද සරසා පෝරුව සකස් කළ බවට උදාහරණ තිබේ. පසූව තම තමන්ගේ ආර්ථික සහ සමාජ තත්ත්වයට සරිලන පරිදි කලාත්මක ආකාරයට පෝරුව නිමකර තිබේ.

මනාල යූවළ උස් තැනක තබා සම්මත සිරිත් විරිත් පවත්වන්නේ ඇය පතිනියක් වීමේ වරම ලබන නිසාය. මනාලියට ගෞරවාන්විත තත්ත්වය ලබාදිය යූතු නිසාය.

පෙර දවසේ කොතරම් ආර්ථික දුෂ්කරතා තිබූණද එම විවාහයට අදාළ පවූල්වල ශක්ති ප්‍රමාණයෙන් වත්කමේ හැටියට අලුත් පෝරුවක් සකස් කිරීම සිරිතකි. එසේ කිරීමෙන් ඔවූන් බලාපොරොත්තුවන්නේ අලුත් කටයූත්ත අලුත් තැනක විය යූතු නිසාය.

මනාලියට වේල් දෑමීම අපේ සංස්කෘතියට බටහිරින් එකතුවූවක් ලෙස පිළිගන්නට සිදු වේ. නමූත් එහි තේරුමක් තවමත් සිතා ගන්නට නොහැකි වේ.

පෝරුව දෙපස පොල්තෙල් දෑමූ පූන්කලස් තැබීම, පොල් තෙල් පහන් වැටි දෑල්වීම තුළ වැදගත් තේරුමක් තිබේ. නිසි සිරිත ලෙසට මනාලිය පෝරුවට නංවන්නේ වම් පසිනි. මනාලයා දකුණූ පසිනි. පෝරුව මත අතුරන ඇතිරිල්ල මත ඖෂධීය ගුණයක් ඇති සූබ සම්මත පස්මල් ඇතිරීමද සිරිතකි. සූබ සම්මත ඖෂධීය ගුණයෙන් යූතු එම ද්‍රව්‍ය යූවතිපතින්ගේ යටි පතුල්වල ස්පර්ශවීමෙන් දොස් සමනයවීමක්ද වන බව කියැවේ. නමූත් අද වන්නේ මනාලිය සහ මනාලයා පෝරුවට නගින්නේ පාවහන් පළඳා නිසා සූදු ඇතිරිල්ලක් මත ඇතිරූ ඖෂධවලින් නියම ප්‍රයෝජන අත් නොවේ.

පෝරුවේදී බූලත් හූරුළු දීමේ චාරිත්‍ර විධි කෙරෙන අතර අෂ්ඨක ගායනය කළ යූතු වේ. අෂ්ඨක ගායනයෙන් කෙරෙන්නේ ආශිර්වාද ප්‍රාර්ථනාවන් ගෙන ඒමයි. පෝරුවෙන් බසින්නේ සූබ මොහොත එළැඹෙන විටයි. එවිට මිහිකතගෙන් අවසර ලැබෙන කියමන් කියනූ ලැබේ. මනාල යූවළ පෝරුවෙන් බසින අවස්ථාවේ මනාලියගේ මාමා කෙනෙකු හෝ ඊට සමාන වැඩිහිටියෙකු එම කටයූත්තට දායක විය යූතුවේ. එම අවස්ථාවේ පොල් ගෙඩිය බිඳීම කළයූතු වේ.

පෝරුවේ චාරිත්‍ර සිදුවන අවස්ථා වේ බූදුගුණ සහ දේවස්තෝත්‍ර ආදිය ගායනා කරන විට පැමිණ සිටින ඥාතීන් තම තමන්ගේ අසූන්වලින් නැගිට ආශිර්වාද කිරීම අපගේ සිරිතක් වේ. නමූත් අද බොහෝ මංගල උත්සවවලදී වෙන්නේ මනාල යූවළ පෝරුවට නැගීම කරන අවස්ථාවේදී ඥාතීන් නැගිට සිටීමක් පමණි. නමූත් සිංහල ක්‍රමයට පෝරුවේදී කරනූ ලබන චාරිත්‍ර වාරිත්‍රවල බොහෝ ගැඹූරක් සහ අර්ථයක් තිබෙන බව අප වටහා ගත යූතු වේ.

Share This Article

ලේ ඥාති විවාහය හොඳ නැහැ කියන්නේ ඇයි?

ලේ ඥාති විවාහය හොඳ නැති බව වෛද්‍ය විද්‍යාවෙන් පෙන්වා දුන්නද තවමත් අප රටේ ලේ ඥාති විවාහයන් සිදුවෙනවා. ලේ ඥාති විවාහයට තහංචි වැටී...

වලංගු විවාහයක් වූවත් උසාවියේදී අවලංගු වෙන්නට පූළුවන්.

එක් පාර්ශ්වයක් විවාහයට කැමැත්ත ලබාගෙන ඇත්තේ ස්වේච්ඡාවෙන් නොවන වෙනත් ක්‍රමයකින් නම් (වංචාකාර, විවිධ බලපෑම් කර විරුද්ධ පාර්ශ්වයේ අනන්‍යතාවය වැරැදි සහගත ලෙස...

සමාජයෙන් ඈතට විසිවූණූ එකගෙයි දීගය

දිගු ඉතිහාසයකට නෑකම් කියන එකගෙයි දීගය පිළිබඳව අපට හෙළි කරන්නේ රාජාවලියයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් එකගෙයි දීගය පිළිබඳව...

මනාලියන් හැඩ ගැන්වීමේ තරගයක දී රූපලාවණ්‍ය ශිල්පිනියන් දැනගත යුතුම කරුණු

නිරූපිකාව මොන වගේද? මනාලියක් හැඩගැන්වීමේ තරගයකට රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා මෙන්ම තෝරාගන්නා නිරූපිකාවද අතිශයින්ම වැදගත්ය. මෙවැනි තරගයකදී කැපීපෙනෙනුයේ ඔබ නොවේ. ඔබේ රූපය...

විවාහයට පෙර සම පැහැපත් කරන සත්කාර ප්‍රවේසමෙන්

විවාහයට සති දෙක තුනකට පෙර රූපලාවන්‍යාගාර මඟින් සිදු කරන සම පැහැපත් කරන සත්කාරවලින් ප්‍රවේසම් වන ලෙස ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මෙරට...

සාර්ථක යුග දිවියකට පොරොන්දම පමණක් ගැලපීම ප්‍රමාණවත් නැත

මනුෂ්‍ය වර්ගයාගේ අඛණ්ඩ පැවැත්මත් සතුට, තෘප්තිය මෙන්ම දියුණුව සඳහාත් විවාහය වැදගත් වේ. නමුත් යුග දිවියේ සැපත තෘප්තිය හීනකර යහන් සුව අහිමි...