This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
කුලියට ගන්න පෝරුවකින් ආශිර්වාදයක් ලැබෙයිද?
කුලියට ගන්න පෝරුවකින් ආශිර්වාදයක් ලැබෙයිද?

මංගල මල් නැකතින් නව යුග දිවියක් ආරම්භ කරනා ඒ සුබ දිනය අපට කොයිතරම් නම් වටිනවාද? වසර ගණනාවක් පෙරුම් පුරා ඇඟිලි ගනිමින් දින ගනින ඒ අසිරිමත් දිනය වෙනුවෙන් වන ලක ලැහැස්තිය කෙතරම්ද? අතීතයේ දී මෙන් නොව වර්තමානයේදී මංගල උත්සව ආටෝප සාටෝපවලින් පිරුණු තමන් සතු මිල මුදල් අනුව විවිධාකාර අංගෝපාංග එකතු කළ සැණකෙළියකි. ඡායාරූප ගැනීම, වීඩියෝකරණය වැනි දෑ සඳහා එහිදී ප්‍රමුඛත්වයක් හිමිවන අතර චාරිත්‍ර වාරිත්‍ර උදෙසා හිමිවන්නේ අවම කාලවකවානුවකි. විශේෂයෙන්ම මංගල උත්සවයක වඩාත් වැදගත් චාරිත්‍රයක් වූ පෝරුවේ චාරිත්‍ර සහ අෂ්ටක ගායනය පවා කෙටි කාල සීමාවකට සීමා කරන අතර එය සිදු කරන්නේ ද ඡායාරූප ශිල්පියාට අවශ්‍ය ආකාරයටය. නමුත් දියණියකට වඩාත් සුවිශේෂ මෙම පෝරුවේ චාරිත්‍රය සරලව කිවහොත් දේව කාරියකි. එය උතුම් කොට සැලකිය යුතුයි.එබැවින් විවාහ මංගල්‍යයකදී නියමිත පරිදි පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීම පිළිබඳ පෙර දැනුවත් වීම වාගේම ඒ සඳහා සුදුසු පුද්ගලයකු තෝරා ගැනීම ද ඉතා වැදගත්. අතීතයේ දී මෙන් පෝරුවේ චාරිත්‍ර සඳහා වැඩි කාලවේලාවක් ගතකිරීමට අවශ්‍ය නැති නමුදු ඉටු කළයුතු චාරිත්‍ර නිසි පරිදි ඉටු කිරීම වඩා වටිනේය. ඒ සඳහා කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකු යොදා ගන්නවාට වඩා චාරිත්‍ර පිළිබඳ දන්නා නිසි පුද්ගලයකු තෝරා ගන්න. විශේෂයෙන්ම ඔහු අෂ්ටක, ශ්ලෝක, කවි, ගාථා නිසිලෙස උච්චාරණය කළහැකි පුද්ගලයකුදැයි සොයා බලන්න. වර්තමානයේ දී මංගල පෝරු කුලී පදනම මත සපයන ස්ථාන බොහෝමයි. නමුත් සරලව තමන් වෙනුවෙන් අලුතින්ම සකසවා ගත් පෝරුවක් මේ සඳහා යොදා ගන්නට හැකියාව ඇත්නම් එය අතිශයින්ම ප්‍රතිඵලදායක වන අතර පෝරුවේ චාරිත්‍ර තුළින් ලැබිය හැකි සුබඵල නොඅඩුවම ඔබට හිමිවේ. මන්ද විසිතිස් වතාවක් භාවිත කළ මංගල පෝරුවක කිසිදු විශිෂ්ට ගුණයක් අඩංගු නොවන අතර නොඉඳුල් මංගල පෝරුව නව දිවියට රැගෙන එන්නේ ආශීර්වාදයක්මයි. තමන් වෙනුවෙන් අලුත්ම පෝරුවක් සකසා ගැනීමට නොහැකි නම් අවම වශයෙන් කුලියට ලබාගත් පෝරුව මත කිරිගසක අලුත් ලෑලි කැබලි දෙකක්වත් නොසෙල්වෙන පරිදි තබා පැදුරක් සහ සුදු රෙදි අතුරා, පුන්කලස් දල්වා එය සශ්‍රීක භූමියක් බවට පත්කරගත යුතුයි. පෝරුව යනු ලෑල්ලය. සංස්කෘත ග්‍රන්ථවල මෙය හැඳින්වෙන්නේ විවාහ මණ්ඩපය වශයෙනි. එබැවින් නව යුවළ පෝරුවට නැඟීමට ප්‍රථම කැකුළු සහල්, බුලත්, පඬුරු, මල් ආදී වශයෙන් වූ මංගල වස්තූන්ගෙන් සරසා පෝරුවේ ද වස් දොස් හැර එයට ගොඩවන යුවළට ද සෙත් පැතිය යුතුය. ඊට අමතරව ඉටුදෙවි සැමරීම, දේවි දේවතා යැදුම, ඔවුනට කරන ආයාචනා නිසි ලෙස ඉටු කළයුතු අතර සියලු දොස් දුරුවන පරිදි උස් හඬින් ශබ්ද නඟා ගායනා කළ යුතුයි. පෝරුවේ චාරිත්‍ර එක් එක් පළාත් අනුව වෙනස්වන නමුදු අවශ්‍ය ශ්ලෝක, කවි, ගාථා, අෂ්ටක නියම ආකාරයෙන් උච්ච ස්වරයෙන් ගායනා කිරීම ඉතා වැදගත්.

උපදෙස් - මංගල පෝරු චාරිත්‍ර සහ අෂ්ටක උපදේශක එස්. හෙට්ටිගේ
තරුණි

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
පෙම්වතුන් හෝ අඹූසැමියන් අතර සූහදතාවය මනින ක්‍රමය!
සුන්දර හඳහනක සැඟවුණු ගින්දර
අඩු මුදලකින් සුන්දර විවාහ මංගල උත්සවයක්
සිංහලයාගේ පෝරුවේ චාරිත්‍ර
කේක් ආකෘතිය මනාලියගේ සාරියට ගළපන්න
මංගල ආභරණ සෑදීමේදී පිළිපැදිය යුතු කරුණු
දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?
මනාලියන් හැඩ ගැන්වීමේ තරගයක දී රූපලාවණ්‍ය ශිල්පිනියන් දැනගත යුතුම කරුණු
විවාහයට පෙර සුබ වදනක්‌