Biz Log
Classifields
Biz Log
Classifields

පෝරුව ගැන මේ චාරිත්‍ර 10 දන්නවාද?

පෝරුව ගැන මේ චාරිත්‍ර 10 දන්නවාද?මංගල පෝරුව මංගල උත්සවයක වැදගත්ම අංගයක් වෙනවා. එහෙත් පෝරුව යනු ආවාට ගියාට තැනිය යුත්තක් නම් නොවේ. එම නිසා පෝරුවක් තැනීමට පෙර පහත කරුණු ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.






  • නැකැත් සාදනු ලබන ජේ‍යාතිවේදියාගෙන්, පෝරු නැකැතට සුබ මනාලියගේ ඇඳුමේ වර්ණය දැනගත යුතුය.
  • මඟුල් පෝරුවක් සාදන පිරිසට එම නිවැසියන් විසින් ගිතෙල් මිශ්‍ර කිරිබතින් ද, බුලතින්ද සංග්‍රහ කළ යුතුයි.
  • වෙනත් යුවළකට භාවිත කළ පෝරුවක් භාවිතයට ගනී නම් පෝරුව මත කිරි සහිත ගසකින් ගත් ලෑල්ලක් සවිකර ඒමතට නැඟිය යුතුය.
  • පෝරුව සාදා එහි චාරිත්‍ර ඉටුවන තුරුම පෝරුව තනි නොකළ යුතුය.
  • මඟුල් පෝරුවට නඟින මනාලිය කන්‍යාභාවයකින් යුත් තැනැත්තියක විය යුතුය. (එසේ නොවේ නම් වස් ‍ෙදාස් මතු වෙයි.)
  • මඟුල් පෝරු ස්තෝත්‍ර, අෂ්ටක, ගාථා කීම සඳහා පළපුරුදු ශක්තිමත් ගුණවත් සත්පුරුෂ සැදැහැවත් විවාහක පුද්ගලයකු තෝරාගත යුතුයි.
  • පෝරුව අසල ඇති පහන් දල්වා, මනාලිය පෝරුවේ වම්පසින්ද, මනාලයා පෝරුවේ දකුණු පැත්තෙන්ද, නැකැත් ආසන්නයේදී පෝරුවට ළංව සිටිය යුතුයි.
  • මනාලියගේ ඇවැස්ස මාමා කෙනකුද, මනාලයාගේ මාමා කෙනකුද එකතුව දෙපළ පෝරුවට නැඟිය යුතුය. (දෙපාර්ශ්වයේ පියවරු වුවද කම් නැත.)
  • නිවෙසේ ගිනිකතුරු පාදයද පරික දණ්ඩයද බලා එයට අසු නොවන තැනක පෝරුව තිබිය යුතුයි.
  • රවි, චන්ද්‍ර මුල්කරගත් සුබ මුහුර්තයක් ඒ සඳහා යොදාගන්නා බැවින් පෙර දින සිට දෙපළ මස් මාංසයෙන් වැළකිය යුතුය.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී ගාමිණී මාරඹ
උපුටා ගැනීම මව්බිම

Share This Article

පෙම්වතුන් හෝ අඹූසැමියන් අතර සූහදතාවය මනින ක්‍රමය!

සමහරවිට ඔබත්, ඔබගේ පෙම්වතා පෙම්වතියත් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකු විය හැකියි. එසේ නැතිනම්, ඔබ දෙදෙනා මේ වනවිටත් විවාහවී සිටින අඹූ-සැමි දෙදෙනකු...

මඟුල් පෝරුවේ වාස්තු දෝෂ නිසා සිදුවන කරදර

වාස්තු ශිල්පය නමැති ඍෂි දහමින් සෑම විටම හුදී ජනයාගේ ලෞකික ජීවිතය යහපත් කර ගැනීම උදෙසා වූ සාර්ථක ක්‍රියා පිළිවෙත පිළිබඳ උපදෙස්...

විවාහය සිදුවන දිනය නිවැරැදිව කියන්න පුළුවන්ද?

කෙනකුගේ විවාහය නිසි කලටම සිදු වන්නත් තව කෙනකුට ප්‍රමාද වෙන්නත් තවත් කෙනකුට ජීවිත කාලයටම විවාහ වාසනා නොලැබෙන්නත් හේතුව කුමක්ද? ජේ‍යාතිෂයේදී අපට එය...

රෑ යාමේ මංගලසාද හිරු බැස ගිය සඳ කුමන සුබ නැකැත් ද?

විවාහ මංගල උත්සවයකදී නැකැත්, චාරිත්‍ර වරිත්‍ර සඳහා හිමිවන්නේ, වැදගත් ස්ථානයකි, විවාහයට පෙර හඳහන්, පොරොන්දම් බැලීමේ සිට මංගල ඇඳුම් පැලැඳුම් ඇන්දවීම, විවාහ...

පෝරුව ගැන මේ චාරිත්‍ර 10 දන්නවාද?

මංගල පෝරුව මංගල උත්සවයක වැදගත්ම අංගයක් වෙනවා. එහෙත් පෝරුව යනු ආවාට ගියාට තැනිය යුත්තක් නම් නොවේ. එම නිසා පෝරුවක් තැනීමට පෙර...

නිවැරදි ආකාරයෙන් පෝරුවේ චාරිත්‍ර කරන්නේ මෙහෙමයි

විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව කිවයුතු නොවේ. විවාහ නැකත් බහුලව යෙදෙන ඉදිරි මාස කීපය තුළ උත්සව ශාලා කල්...