Biz Log
Classifields
Biz Log
Classifields

විවාහයට පෙර සුබ වදනක්‌

විවාහයට පෙර සුබ වදනක්‌දෙදෙනකු අතර සිදුවන විවාහයක්‌ සාර්ථකව පවත්වාගෙන යැමට නම් ඔවුනොවුන් අතර ඇතිවන්නා වූ අවබෝධයක්‌ ප්‍රධාන වශයෙන්ම තිබිය යුතුය. අවබෝධය නැති තැන සාමය, සතුට, ආදරය, නැති තැන සාමය, සතුට, ආදරය හෝ ප්‍රියමනාප බව මෙන්ම විශ්වාසය ද ඇති නොවනු ඇත. විවාහයෙන් පසු ගෙවන ජීවිතයේ සතුට, නොසතුට ගැන අල්ප මාත්‍රයක හෝ අනාවැකියක්‌ පවසන්නට පුළුවන්කමක්‌ වෙතොත් ඒ ජ්‍යොතිෂයෙන් පමණකි. එවන් උතුම් ශාස්‌ත්‍රයක්‌ අප සතුව තිබියදී එයට පිටුපා සමහර ඇත්තෝ විවාහ දිවියට එළැඹ පසුව එය කඩා ඉහිරවා ගනී. එසේ නොවන තැන්ද නැතුවා නොවේ. එම කේන්ද්‍ර පරීක්‍ෂා කිරීමෙන් එකිනෙකට ගැළපෙන බව ද අත්දැක තිබේ.

ජ්‍යොතිෂයට අනුව සාර්ථක විවාහ දිවියක්‌ ගතකරන්නට නම්, යුවතිපතින් දෙදෙනාගේ කේන්ද්‍ර දෙකෙහි ග්‍රහ ගැළපීම විය යුතුය. එහිදී බහු විවාහ යෝග, ස්‌ත්‍රී - පුරුෂ නාශක යෝග ආදියට ප්‍රමුඛස්‌ථානයක්‌ හිමි වේ. තවද හිර බන්ධන, කල් පවතින රෝගාබාධ වේදැයි ද බැලිය යුතුය. මෙකී දේවල් සමඟ දරුඵල වේද? පුරුෂ කේන්ද්‍රයක නම් ස්‌ත්‍රිය පෝෂණය කළ හැකි වත්කමක්‌ වේද? කියා බැලිය යුතුය. චරිතවත් බව, පුද්ගල ප්‍රසන්නතාව මෙන්ම දෙදෙනාගේ වෘත්තිය ගැළපීම ද, යෝජිත පුරුෂයා රහමෙර පානය කරන්නේ්ද යන වගත් කෙරෙහි අවධානය යෙදිය යුතුය. ඇතැම් කෙනකුගේ විවාහය ප්‍රමාද වන බව කේන්ද්‍රය තුළින් පෙනෙද්දී කල් ඇතිව විවාහ දිවියට එළැඹෙන අවස්‌ථා ඇත. එසේ කරනුයේ ඔවුන් ජ්‍යොතිෂය කෙරෙහි විශ්වාසයක්‌ නැති නිසාවෙන් විය හැකිය. විවාහයේ ප්‍රමාදය ජන්ම පත්‍රය තුළින් පෙන්නුම් කරද්දී එකී තැනැත්තා හෝ තැනැත්තිය කල් ඇතිව විවාහ දිවියට එළැඹෙතොත් කුමන හෝ අර්බුදකාරී තත්ත්වයක්‌ ඉස්‌මතු වේ. සමහර විටෙක දික්‌කසාදය පවා සිදුවිය හැකිය. මෙහිදී හීන ආයුෂ ඇති අයකු සමඟ විවාහ දිවියට එළැඹ ඔහු හෝ ඇය මියයැමෙන් පසුව සුදුසු කාලය පැමිණීමෙන් නැවත විවාහ වන අවස්‌ථා ද දැකිය හැක. තවත් විටෙක විවාහය සිදු වූ මුල් වකවානුව තුළ නොයෙක්‌ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදී පසුව යහපත් ලෙස කාලය ගෙවයි. එහෙම වන්නේ විවාහය ප්‍රමාද විය යුතු තැනට එනතෙක්‌ ඒ ගැටලුකාරී බව පැමිණ විවාහය සිදුවිය යුතු වයසේ සිට එය ඉවත්ව යන නිසාවෙන් යෑයි සිතිය නොහැකිද?

පොරොන්දම් පරීක්‍ෂා කරන ජ්‍යොතිර්වේදියා ලවා ඉහත කී අශුභ තත්ත්වයන් ඉස්‌මතු වේද කියා සේවය ලබාගන්නා ඔබ විසින් අසා දැනගත යුතුය. නැතත් ජ්‍යොතිර්වේදියකු සතුව එම වගකීම වෙයි. මා ඔබට එම වගකීම පවරන්නේ මුදලට තැනදී සිටින ඇතැමුන් විසි පොරොන්දම් පමණක්‌ බලා නතර වන නිසාවෙනි. එය නොමනා ක්‍රියාවකි. එහෙයින් විසි පොරොන්දම් පමණක්‌ ගලපා විවාහයට පෑහේ යෑයි තීරණය කිරීමට ඉක්‌මන් විය යුතු නොවේ.

බණ්‌ඩාරවෙල මංජුල තරුකෙම
උපුටා ගැනීම දිවයින

Share This Article

මංගල ‍පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු

මංගල උත්සවයක් පැවැත්වීමේදී ‍පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව ‍පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු...

සමාජයෙන් ඈතට විසිවූණූ එකගෙයි දීගය

දිගු ඉතිහාසයකට නෑකම් කියන එකගෙයි දීගය පිළිබඳව අපට හෙළි කරන්නේ රාජාවලියයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් එකගෙයි දීගය පිළිබඳව...

ලේ නෑදැයන් අතර විවාහයෙන් රෝගී දරුවන්

ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ...

පෙම්වතුන් හෝ අඹූසැමියන් අතර සූහදතාවය මනින ක්‍රමය!

සමහරවිට ඔබත්, ඔබගේ පෙම්වතා පෙම්වතියත් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකු විය හැකියි. එසේ නැතිනම්, ඔබ දෙදෙනා මේ වනවිටත් විවාහවී සිටින අඹූ-සැමි දෙදෙනකු...

සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට

සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට පහසුවෙන්ම සැරසිය හැකි කොණ්ඩා සැකසුමක් (Hair Style) ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම. එපමණක් නොව...

පෙම් සබඳතාවකට පෙර මේ ප්‍රශ්න අටට පිළිතුරු දෙන්න?

ඔබට යමක් පෙන්වීමට ඒ තරුණයා ඔබේ අත අල්ලා ගතහොත්,එය කුමක් වූවත්, ඔබ ඒ දෙස බලනවාද?ඔබ අඟවන්නේ කුමක්ද?ඔබට තිගැස්සෙන, ගතියක් ඇතිවනවාද?ඔහූත් ඔබත්...