Biz Log
Classifields
Biz Log
Classifields

පෝරුවේ ‍චාරිත්‍ර හා බැදුණු පැරණි මත

පෝරුවේ ‍චාරිත්‍ර හා බැදුණු පැරණි මතපෝරුවේ උපත කවදා කොතැනක දී සිදු වීද යන්නට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇත. මහ සම්මත රජ දවස සි‍ට පෝරුව පැවත එන බවත් මහ සම්මත රජු සහා මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍යරාජෝත්තමයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව සඳහන් වන අතර නෙළුම් පත්මයක ඕපපාතිකව උපන් පත්මාවති කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුව පැවත එන බවත් පත පොතේ සඳහන් වේ. සිද්ධාර්ථ – යශෝධරා කුමරියගේ විවාහ මංගල්‍යයේ පටන් පෝරුව පැවත එන බවට ද මතයක් පවතී. පෝරුව යුවතිපති දෙපළට සෙත් ශාන්තියක් උදා කරන තැනකි. පොළවට මඳක් ඉහළින් සකස් කරන ලද පුවරුව පෝරුව යන්නෙන් හඳුන්වන අතර මල් ලියකම්වලින් එය අලංකාර කර ඇත.

මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය දව්‍ය :

  1. සුදු රෙදි යාර 2
  2. සුදු හාල් කිලෝ 1
  3. ලදපස් මල් පැකට් 1
  4. පඬුරු 21
  5. බුලත් අත් 7
  6. පිරිත් නූල් කැබැල්ලක්
  7. කෙන්ඩියක් හෝ සංඛයක්
  8. පැන් වැඩිමට භාජනයක්
  9. පොල් මල් 4
  10. පොල් ගෙඩියක්
  11. මැ‍ටි පහන් 4
  12. පහන් තිර පැකට් 1
  13.  පොල් තෙල් බෝතල් 1/2
  14.  කැත්තක් 

මනාලයා විසින් ගෙන ආ යුතු කළමනා

  1. හඟල හුරැලු සඳහා බුලත්.
  2. කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට)
  3. මංගල මුදු
  4. තැල්ල
  5. පිළි (‍දෙවැනි ගමන සඳහා) පුරාණයේ නම් කිරිබත්, කැවුම්, කෙසෙල්, තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්, රිදි, මුතු, මැණික්, පස්ලො කාසි ඒ මත ඇතිරූ බවට ද කියැවේ.

ප්‍රථමයෙන් සුභ මූර්ති චාරිත්‍රයන් උදෙසා නව ජයම්පතින් පෝරු මස්තකාරූඪ කරනු ලැබේ.

සතර වරම් දෙවියන් උදෙසා පහන් දැල්වීම :
පෝරුව සිව් කොනෙහි ධෘතරාෂ්ට, විරෑඬ, විරෑපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා උදෙසා පුන් කලස් මත පහන් දැල්වීම.

ත්‍රිවිධ රත්න නමස්කාරය :
ත්‍රිවිධ රත්න නමස්කාර‍යෙන් සහ සර්වදේව අවසරයෙන් පසුව හෙළ සංස්කෘතික ‍පෞඨත්වය විදහාපාමින් මංගල බෙරසක් හඬ මැද දකුණු පාදය පෙරට තබා නව ජයම්පතින් පෝරු මස්තකාරූඪ කරනු ලැබේ.

දළු මුර පිදීම :
බුලත් හුරැල්ලක් මත පඬුරක් තබා යුවළගේ අතට දී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලබා ගනි. බුලත් කොළ 40කින් සමන්විත වේ. ‍‍

භූම දිව්‍යරාජෝත්තමයන්ගෙන් අවසර ලබා ගැනීම :
බුලත් හුරැල්ලක් යුවළගේ අතට දී දිව්‍ය රාජෝත්තමයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ ස්ත්‍රෝත ගායනා කිරීමත් සමඟ බුලත් හුරැල්ල පෝරුව මත පතිත කළ යුතු ය.

මංගල මුදු පැළඳවීම තැල්ල හා පිළි ඇන්දවීම අත් කවුතුක බැඳීම :
යුවළගේ දකුණු අතේ දෙසුළැඟිලි පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබේ.

පැන් වැඩිම :
පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගේ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේ දී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි.

බාලිකාවන් විසින් ජය මංගල ගී ගායනය හඟල හුරැළු පිදීම :
හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.

බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම කිරිකඩ හේලය පිදීම :
මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේ දී පිදීම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරිවල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයි ද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ. දෑවැද්ද මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්‍රමයක් ද තිබේ. කැත්තක්, උදැල්ලක්, හරක් බානක් හෝ දෙකක්, තුවක්කුවක් සහ රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත් ය. මෙය දෑවැද්ද දීමේ ආරම්භය යි. ඇතැම් විට මෙම දෑවැද්දට ඉඩකඩම්, මිළ මුදල් පවා අයත් විය.

පෝරුවෙන් බැස්සවීම :
පුරාණයේ සිට ම පෝරුව සශ්‍රීකත්වය සංකේතවත් වන ලෙස සකස් කළ බව පැහැදිලි ය. ඵසේ හෙයින් ඵම චාරිත්‍ර හෙට දවස වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමකි

Share This Article

විවාහ අපේක්‍ෂකයන් මුළාවට පත්වන පොරොන්දම

ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්‍ෂා කර බැලීම සිදු කරති. සමහර...

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?

"පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබටයි මේ..."සිය පෙම් සබඳතාව බිඳී යෑම ගැහැණූන්ට දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස...

දෑවැද්ද ආදරයටත්, ජීවිතයටත් ඉහළින්

දෑවැද්ද නිසා සෑම පැයකට ම ඉන්දියාවේ මරණයක්. හින්දු චාරිත‍්‍රානුකූලව කුලගෙට යාමට මනාලයාත් සමග වට හතක් යද්දීවත්, සෙනෙහසින් පිළිණ දී මනාලයාගේ සුරතින්...

අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකී ආරක්ෂිතව සිටින්න තරුණ දූවරුන්ට වෛද්‍ය උපදෙස් කිහිපයක්

අද තරුණ දූවරුන්ට නොලැබෙනම අධ්‍යාපනය තමයි “විධිමත් ලිංගික අධ්‍යාපන” දැනුම. ඒ නිසාම ඒ අය බොහෝ විපත්වලට ඇදවැටෙනවා. අද අපේ මාතෘකාව එවන්...

නිරෝගි පිරිමින් වෙතට ගැබිණි සිත් ඇදෙනවාලු

රෝගී මූහූණක් දෑකීිමට වඩා නිරෝගි මූහූණක් දෑකීම කාගෙත් සිත් පහන් කිරීමට හේතුවක්. ඇබර්ඩින් සරසවියේ විද්‍යාඥයන් පිිරිසක් විසින් කරන ලද පර්යේෂණයකින් කාන්තාවන්...

විවාහය "විවාහයක්" කර නොගෙන විවාහයක්ම කරගන්න

ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත්...