විවාහයට පෙර සම පැහැපත් කරන සත්කාර ප්‍රවේසමෙන්
විවාහයට සති දෙක තුනකට පෙර රූපලාවන්‍යාගාර මඟින් සිදු කරන සම පැහැපත් කරන සත්කාරවලින් ප්‍රවේසම් වන ලෙස ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මෙරට තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි. රසදිය වැඩි ආලේපන භාවිතා කර සිදු කරන සම පැහැපත් කිරීම් මඟින් සමට සහ ශරීර අභ්‍යන්තරයට අහිතකර වන බව සමීක්ෂණ වාර්තාවලින් පෙන්වා දී ඇති බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසුවේය. මෙරට වෙළෙඳපොළේ භාවිතා කරන සම පැහැපත් කරන ආලේපන සම්බන්ධයෙන් පර්යේෂක හේමන්ත විතානගේ මහතාගේ මූලිකත්වයෙන් ඔහුගේ පර්යේෂණ කණ්ඩායම සිදු කළ පර්යේෂණ වාර්තාව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයට ලබා දී ඇත. විශේෂයෙන්ම තායිලන්තයෙන් සහ චීනයෙන් මෙරටට ගෙන්වන සම පැහැපත් කරන ආලේපනයන්හි රසදිය අඩංගුව පවතින බවට මේ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.
මීට අමතරව ඇතැම් ආයුර්වේද සම පැහැපත් කරන ආලේපනවල ද රසදිය අඩංගුව ඇති බවට මේ පර්යේෂණයෙන් හෙළි වී ඇති බව වෛද්‍ය ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. රසදිය අඩංගු ආලේපන වර්ග දිගු කාලීනව භාවිතා කිරීමෙන් ස්නායු පද්ධතියට සහ වකුගඩුවලට බලපෑම් සිදු වන බව ද ඒ මහතා අවධාරණය කළේය. තමන් භාවිතා කරන සම පැහැපත් කරන ආලේපන සම්බන්ධයෙන් කුමන හෝ ගැටලුවක් පවතින්නේ නම් 0112686143 දුරකථන අංකය අමතා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.
විවාහ මංගල්‍ය උත්ත්සවයක අතිශයින්ම වැදගත් අවස්ථාව වන්නේ පෝරුවේ චාරිත්‍රයයි. මංගල පෝරුවක් මත නංවා යුවලක් විවාපත් කිරීමේ චාරිත්‍රය සිංහල බෞද්ධයාට විශේෂ දෙයකි....
ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ...
විවාහ වීමට පෙර මනාලියන් සහ මනාලයන් තෝරා ගැනීමේදී ඔවුනොවුන් සිය කේන්දර දැඩි ලෙස විමර්ශනය කළ යුතුය. විවාහ දිවියට එළැඹෙන දෙදෙනා ගෙන්...
විවාහ අපේක්‌ෂිත තරුණියන් හා නුදුරු දිනක විවාහ විමට සූදානමින් සිටින තරුණියන් දෙපිරිස අතර කාල පරාසය ගෙවන තරුණියන් මුහුණ දෙන ගැටලු සහ...
ගැලපෙන කෙනා එක පාරින් හොයාගන්න වාසනාවන්ත අය ඉන්නවා, නමුත් වැඩි දෙනෙක්ට අත්දැකීම් වැඩි ප්‍රමාණයකින් පස්සෙ තමයි තමන්ගෙ සැබෑ සහකාරයාව තෝරා ගන්න...
අද තරුණ දූවරුන්ට නොලැබෙනම අධ්‍යාපනය තමයි “විධිමත් ලිංගික අධ්‍යාපන” දැනුම. ඒ නිසාම ඒ අය බොහෝ විපත්වලට ඇදවැටෙනවා. අද අපේ මාතෘකාව එවන්...