සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට
සැදෑ සමයේ උත්සව අවස්ථාවකට සහභාගි වන ඔබට පහසුවෙන්ම සැරසිය හැකි කොණ්ඩා සැකසුමක් (Hair Style) ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම. එපමණක් නොව මංගල දිනයේ මනාලියට Going away විලාසිතාව සඳහාද මෙවැනි කොණ්ඩා සැකසුමක් වඩාත් හොඳින් ගළපා ගැනීමට හැකිය.
මෙහි විශේෂත්වය වන්නේ කෙටි කාලයකින් කොණ්ඩයට අවම හානි වන අයුරින් මෙම විලාසිතාව සිදුකර ගත හැකි වීමයි. එනම් කිසිදු රසායන ද්‍රව්‍යයක් භාවිතයෙන් තොරවම මෙම විලාසිතාව යොදාගත හැකි වන අතරම ඉතාමත්ම ඉක්මනින් එය ඉවත් කර ගැනීමද පහසු වේ.
පළමුව හොඳින් කොණ්ඩය ෂැම්පු කන්ඩිෂනර් යොදා සෝදා පිරිසුදු කරගන්න. ඉන්පසුව කොණ්ඩය වැඩි ආරක්‍ෂාව සඳහා Hair Protection භාවිත කරයි.
කොණ්ඩය වියළීමෙන් පසුව මේ ආකාරයට පනාවෙන් හොඳින් පීරා කොටස්වලට (Section) ඛෙදාගන්න.
මේ ලෙස ඛෙදාගත් කොණ්ඩයෙන් කොටසක් ගෙන ඉතිරි කොණ්ඩය උඩට කර Section clip එකකින් රඳවා ගන්න.
දැන් කොණ්ඩය කරල් (Curl) කරන විශේෂිත වූ අයන් එකක් ගෙන කොණ්ඩයෙන් කුඩා කොටසක් ගෙන මෙලෙස එම උපකරණයට ඇතුළු කරගන්න.
උපකරණයෙන් පිටතට එන කොණ්ඩය මෙලෙස සුන්දර කැරලි (Curl) ස්වභාවයක් ගෙනදෙයි. අයන් එකට කොණ්ඩය ඇතුළු කළ යුතු වන්නේ ටිකෙන් ටිකය. නැත්නම් එය අයන් එකේ පැටලීමට වුවද පුළුවන.
මේ ආකාරයට කොණ්ඩය කොටස් කර අයන් කරගත යුතු වන්නේ පහළ සිට ඉහළටය.
අයන් එක ආධාරයෙන් (Curl) කැරලි කරගත් කොණ්ඩය මේ ආකාරයට Hair Spray එකකින් ස්ප්‍රේ කර ගත යුතුයි. (ස්ප්‍රේ භාවිත කළ යුතු වන්නේ හිසට අඟල් 8ක් පමණ දුරක සිටය) මෙලෙස පහළ සිට ඉහළට කොටස් වශයෙන් ඛෙදා කොණ්ඩය කැරලි (Curl) කර ගන්නා විට ස්ප්‍රේ කර ගනිමින් එහි පැවැත්ම ආරක්‍ෂා කරගත හැකිය.
සම්පූර්ණ කොණ්ඩයම (Curl) කළ පසු මෙවැනි සුන්දර කොණ්ඩා විලාසිතාවක් ඔබටත් ලබාගන්න හැකි වේවි.
ඔබට කොණ්ඩය සෝදා හරිමින් මෙම විලාසිතාව පහසුවෙන්ම ඉවත් කළ හැකිය. එමෙන්ම ඉතාමත්ම පහසුවෙන් වෙනත් කොණ්ඩා විලාසිතාවකින් සැරසීමටත් ඔබට මින් ඉඩකඩ හිමි වේ. විනාඩි 10-15ක් වැනි සුළු වේලාවකින් මුළු කොණ්ඩයම මේ ආකාරයට සරසා ගැනීමට හැකි වීමත් මෙහි ඇති සුවිශේෂත්වයයි.
උපුටා ගැනීම මව්බිම
බාහිර පරිසරය කොතෙක් දුරට වෙනස් වූවත් ආකල්පමය වෙනස්වීම් එතරම් ශීඝ්‍රයෙන් සිදු නොවිය හැකිය. යූවතියකගේ පවිත්‍රත්වය කියන සූදු පිරුවටය නවීන සමාජය තුළ...
මංගල උත්සවයක් සංවිධාන කිරීමේදී අප වැඩි අවධානයක් ලබාදෙන්නේ උත්සව ශාලාව වෙතය. එකල නම් මනාල යුවළගේ නිවෙස මෙම කටයුතු සඳහා යොදාගනු ලැබීය....
ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත්...
තරුණ යූවලක් අතිනත ගැනිමේදී පොරොන්දම් බැලීම අතීතයේ පටන් සිදුවන චාරිත්‍රයක්. මේ පොරොන්දම් බැලීමත්, රුධිර පරීක්ෂා කිරීමත් එකට ගලපන්න බැහැ. මේ දෙක...
දෙදෙනකු අතර සිදුවන විවාහයක් සාර්ථකව පවත්වාගෙන යැමට නම් ඔවුනොවුන් අතර ඇතිවන්නා වූ අවබෝධයක් ප්‍රධාන වශයෙන්ම තිබිය යුතුය. අවබෝධය නැති තැන සාමය,...
දියණියන්ගේ ගුණ යහපත්කම නැතිවීමට වගකියන්න ඕනේ අම්මලා. අද ගැහැනූ පිරිමි දෙපක්ෂයම රැකියා කරනවා. දැවැදි අවශ්‍ය නැහැ. ලීසිං ක්‍රම තියෙනවා. ක්ෂණික තීරණ...