Biz Log
Classifields
Biz Log
Classifields

යාලුවෙක් එක්ක සෙක්ස් කළාට කමක් නැද්ද? ඊට කලින් මේ ටිප්ස් කිහිපය කියවන්න!


අහලා තියෙනවද “ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්” කියලා එකක්? සමහරු අහලා ඇති. අහලා නැති අයට කියලා දෙනවනම්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නේ අපිත් එක්ක සෙක්ස් කරන යාලුවෙක් කියන එක තමයි. දැන් සාමාන්‍යයෙන් අපි සෙක්ස් කරන්නේ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් එක්කනේ, එහෙම නැතිනම් හස්බන්ඩ් හරි වයිෆ් හරි එක්ක. එතනින් එහාට එක්කෝ වන් නයිට් ස්ටෑන්ඩ් – ඒ කියන්නේ මුණ ගැහුණු දවසෙම සෙක්ස් කරලා කෙලවර වෙන සීන් එහෙමත් තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් තියෙන්නේ ගොඩක් දුරට ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් ටයිප් එකේ එව්වා තමයි. ඒ කියන්නේ යාලුවෝ දෙන්නෙක්, එකඟ වෙනවා තමන්ගේ යාලුෆිට් එකත් තියාගෙන එකට සෙක්ස් කරන්න. හැබැයි ඒක එහෙම කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. අන්තිමට යාලුෆිට් එකත් නැතිවෙලා වැඩේ කෙළවර වෙන්නත් පුළුවන්. ආන්න ඒ නිසා ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් වගේ දේකට, එහෙම නැතිනම් යාලුවෙක් එක්ක සෙක්ස් කරන්න යන්න කලින් මේ උපදෙස් ටික පොඩ්ඩක් කියවලා හිතේ ධාරණය කරගෙන ඉන්න එක වටිනවා!

1. යාලුවෝ කිව්වට යාලුවෝමත් නෙවෙයි!

කොන්ෆියුස් වෙන්න එපා. මේ කියන්නේ මෙහෙම කථාවක්. දැන් අපිට විරුද්ධ පාර්ශවයේ බොක්කේ යාලුවෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම දෙයක් කියන්න පුළුවන්, ඕන මහ රෑක කතා කරලා තමන්ගේ හිතේ තියෙන අප්සට් ටික කියන්න පුළුවන්, අපි ගැන ලෝකේ වෙන කෙනෙක්ට කියන්න ලැජ්ජා හිතෙන, බය හිතෙන විදියේ දේවල් වුනත් කියන්න තරම් විශ්වාසවන්ත යාලුවෙක් ගැන මේ කියන්නේ. හැබැයි මතක තියාගන්න. ආන්න ඒ විදියේ යාලුවෙක් එක්ක සෙක්ස් කරන්න ගියොත් වැඩේ හබක්. ඇත්තටම අපි සෙක්ස් කරන්න එකඟ වෙන යාලුවෙක් අපේ බොක්කේ ෆිට් එකක් වෙලා බැහැ. ඊට වඩා අපිට දැඩි ලිංගික ආකර්ෂණයක් තියෙන, හැබැයි තදබල බොක්කේ ෆිට් එකක් නැති යාලුවෙක් එක්ක තමයි ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් වර්ගේ වැඩකට යන්න සුදුසු.

2. විශ්වාසය උපරිමද?

දැන් කාලේ යාලුවෝ හොයාගන්න හරිම ලේසියි. ඕන කරන්නේ ෆේස්බුක් එකවුන්ට් එකක්, ට්විටර් එකවුන්ට් එකක් වගේ දෙයක් විතරයි. හැබැයි ඉතින් එහෙම සයිබර් ස්පේස් එකෙන් හොයාගන්න යාලු මාලුවෝ ගැන විශ්වාසේ තියන එක නම් ඉතාම බයානකයි. ආන්න ඒ නිසා මතක තියාගන්න, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් හෙවත් යාලුවෙක් එක්ක ජිංකි ජිකා කරන්න කලින් හිතලා බලන්න අපිට යාලුවාව කොයි තරම් විශ්වාස කරන්න පුළුවන්ද කියලා.මේක සරලවම නියුඩ් ෆොටෝස්, සෙක්ස් වීඩියෝස් වලට විතරක් සීමා වෙන්නෙ නෑ. අපි රහසිගතව තියාගන්නවා කියලා හිතන ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් සම්බන්ධයක් සමහර වෙලාවට යාලුවා කියලා හිතාගෙන ඉන්න මාලුවා ලෝකෙටම අනාවරණය කරන්න පුළුවන්. ආන්න ඒ නිසා ඊයේ රික්වෙස්ට් එවලා අද ඇක්සෙප්ට් කරපු යාලුවෝ එක්ක සෙක්ස් කරන්න හිතන්නවත් එපා. ඊට කලින් විශ්වාසය ගොඩනැගෙන්න ඉඩ දෙන්න.

3. දෙන්නම එකම පිටුවේ!

ඔය “Friends with benefits” කියලා පෙන්නපු පික්චර් එක එහෙම බලපු යාලුවෝ දන්නවා යාලුවෙක් එක්ක සෙක්ස් කරන සම්බන්දෙකදී දෙන්නම එකම පිටුවේ නොහිටියොත් වෙන සංගෙදිය ගැන. දෙන්නම එකම පිටුවේ කියන්නේ දෙන්නම තමන්ට වුවමනා මොනවද, තමන් කරන්නේ මොනවද කියන එක ගැන අවබෝධෙකින් ඉන්න එක. දැන් ඔය ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කතන්දරේදී යාලු සැලකිල්ල මිසක් ලව් කිරිලි නැහැනේ. හැබැයි ලව් කිරිලි බැහැ, සෙක්ස් සහ යාලුකම විතරයි කියන එක ගැන දෙන්නම හරි අවබෝධෙකින් ඉන්න ඕන. එහෙම නැති වුනොත් හිත් රිදීම් විතරයි ඉතුරු වෙන්නේ. ආන්න ඒ නිසා යාලුවෝ දෙන්නා වෙලා සෙක්ස් කරන්න කලින් දෙන්නම හොඳ සන්නිවේදන හැකියාවන් පාවිච්චි කරලා තමන්ට ඕන මොනවද, තමන් කරන්නේ මොනවද කියන එක ගැන සාකච්ඡාවක් දාන්න ඕන!

4. පිටුවෙන් පනින්නෙ නැතුව ඉන්න!

ඇත්තටම අපි තියරියක් විදියට කිව්වට ‘ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්’ කියලා යාලුවා එක්ක සෙක්ස් කරනකොට පුළුවන් තරම් ලව් ෆීලින්ග්ස් ඇති කර නොගෙන, යාලු කලාපයේ සම්බන්ධතාවය තියාගන්න කියලා, ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මොකද, අපි කෙනෙක් එක්ක සෙක්ස් කරනකොට අපි දන්නෙත් නැතුව ඒ කෙනා ගැන ආදරයක් පහළ වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා ඒකට කරන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ සීමාවන් විවෘතව තේරුම් ගන්න එක. ඒ කියන්නේ ඇත්තටම තමන් එක්ක සෙක්ස් කරන යාලුවා ‘තවත් එක යාලුවෙක් විතරක්’ වෙන්න බැහැ කියන එක තේරුම් ගන්න වෙනවා. එතකොට තමන් දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක කියන්නේ යාලුවෝ දෙන්නට විතරක් විශේෂ වුණු “අපේ රහස” කරගන්න පුළුවන්. වෙන යාලුවෙක්ට වඩා බෙනිෆිට්ස් යාලුවා ගැන වැඩිපුර කෙයාර් කරන්න පුළුවන්. හැබැයි ආදරයකට මේක වර්ධනය වෙනවා කියලා දැනෙනවා නම් වහාම සෙක්ස් නවත්තලා දෙන්නම සීරියස් ටෝක් එකකට යන්න ඕන. දෙන්නම එතනදීත් ඉන්නේ එක පිටුවේ නම්, ඒ කියන්නේ දෙන්නටම දෙන්නට දෙන්නා ගැන ආදරයක් වර්ධනය වෙලා නම් ඔන්න ආදරවන්තයෝ වෙන්න පුළුවන්!

5. ආසාවන් ගැන විවෘත වෙන්න!

ඇත්තටම යාලුවෙක් එක්ක සෙක්ස් කරන්නේ අපිට යාලුවා ගැන ලිංගික ආකර්ෂණයක් තියෙන නිසානේ. ඒ වගේම එයා යාලුවා වීම හින්දම තමන් ආස කරන දේවල් ගැන, එයා ආස කරන දේවල් ගැන වඩාත් විවෘතව කථාබහ කරන්නත් පුළුවන් කම තියෙනවා. ආන්න ඒක ලොකු වාසියක්. ඒ නිසා තමන්ගේ සෙක්ෂුවල් ෆැන්ටසීස් ගැන, සැඟවුණු ආසාවන් ගැන දෙන්නට දෙන්නා විවෘත වෙන එක හොඳ දෙයක්. ඒ වගේම දෙන්නට ඒ දේවල් එක්ස්පෙරිමන්ට් කරලා බලන්නත් පුළුවන්. ඇත්තටම අන්තිමට වෙන්න ඕන දෙන්නා හොඳ ෆන් එකක් ගත්තා කියන එකනේ. යාලුවා එක්ක කරන සෙක්ස් කිරිල්ල අන්න ඒ ෆන් කියන තැනට යන්න දෙන්නගේ ආසාවන් ගැන විවෘත සංවාදයක් තිබීම ඉතාම හොඳයි.

6. අනික් යාලුවන් කියන දේවලින් පරිස්සම් වෙන්න!

සාමාන්‍යයෙන් යාලුවෝ දෙන්නෙක්, විශේෂයෙන්ම ලිංගික ආකර්ෂණයකින් එකට බැඳුණු, එකට සෙක්ස් කරන යාලුවෝ දෙන්නෙක් තමන්ගේ අනික් පොදු යාලුවොත් එක්ක ඉන්නකොට කැපී පේනවා වැඩියි. ඒක විරුද්ධ ලිංගයේ දෙන්නෙක් නම් සමාජයේ තියෙන පොදු විශ්වාසයනුත් එක්ක තවත් තීව්‍ර වෙනවා. උදාහරණයකට ගත්තොත් යාලුවෝ විතරක් වෙන, හැබැයි සෙක්ස් ලයිෆ් එකකුත් තියෙන දෙන්නෙක් එකිනෙකා ගැන චූට්ටක් වැඩියෙන් කෙයාර් කරනවා දකින අනික් යාලුවෝ හිතනවා මුන් දෙන්නා සෙට් කියලා. ඊට පස්සේ ඉතින් පෝළිමට යාලුවෝ ට්‍රයි මුන් දෙන්නව නිල වශයෙන් පෙම්වතුන් කරලා අන්තිමට බන්දලත් දෙන්න. සමහර වෙලාවට ගෙවල් වල මිනිස්සුන්ටත් දෙන්නව ඉව වැටුනොත් වෙන්නේ ඕක තමයි. හැබැයි එහෙම බාහිර සමාජයෙන් බලපෑමක් එනකොට, අපිටත් නිකම්ම හිතෙන්න පුළුවන් මෙයාව බැන්දොත් මොකද කියලා. ආන්න ඒ උගුලේ නම් වැටෙන්න එපා. එහෙම දෙයක් වෙන්න පුළුවන් අර 4 වෙනි අංකයේ විදියට දේවල් සිද්ධ වුනොත් විතරයි.

7. බැරි වෙලාවත් ලව් එකක් ඇති වුනොත්?

ආන්න ප්‍රශ්නේ. ඔව්වා වෙන්න පුළුවන් දේවල්නේ. අන්න ඒ නිසා ඒ වගේ අවස්ථාවකටත් සූදානම් ශරීරෙන් ඉන්න එක හොඳයි. අපි කලිනුත් කිව්ව විදියට මේක දෙන්නාටම එකිනෙකා ගැන ඇතිවෙන ආදරයක් නම් ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් අල්ලලා දාලා ඊට එහා සීරියස් දේකට යන්න පුළුවන්. හැබැයි අපිට විතරක් නම් ආදර හැඟීම් තියෙන්නේ? එයාට ඔයාව සෙක්ස් කරනා විශේෂ යාලුවා විතරක් නම්? මෙතනදී කරන්න පුළුවන් හොඳම දේ තමයි එළිපිටම තමන්ගේ හැඟීම් කියන එක. එහෙම නැතුව දැනගන්න විදියක් නැහැනේ එයාටත් එහෙමද කියලා. හැබැයි එයාට එහෙම නැතිනම්, වහාම තීරණයක් ගන්න ඕන. තීරණේ තමයි දිගින් දිගටම ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියල සෙක්ස් කරනවද, එහෙම නැතිනම් හොඳ හිත තියාගෙන ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් සම්බන්ධේ අවසන් කරනවද කියන එක. කොහොමත් තමන් බොහොම දැඩිව එයාට බැඳිලා නම්, හැබැයි එයාගේ හිතේ අපි ගැන එහෙම මෙව්වා එකක් නැති නම් අපි ටික කාලෙකට හෝ යාලුකමෙනුත් ඈත් වෙලා ඉන්න එක අපේ හිතට හොඳයි. නැත්නම් හිත හදාගන්න බැරි වෙනවා. එහෙම නැතුව තමන්ගේ හිතේ ආදර හැඟුම් මෝදු වෙලා තිබුණත් දිගටම යාලු සෙක්ස් සීන් එකේ ඉන්නවා කියලා තීරණය කරන්නත් පුළුවන්. හැබැයි එහෙම අවදානම් තීරණයක් ගත්තොත් හොඳට මතක තියාගන්න ඕන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න යන්න, එයාට වාත වෙන්න යන්න, කොටින්ම කිවුවොත් විශේෂ යාලුවා කියන සීමාවෙන් පිට පනින්න යන්න හොඳ නෑ කියන එක.

ඕන්න ඔය විදියට පරිස්සමෙන්, සීමාවන්ගෙන් පිට පනින්නේ නැතුව ඉන්න පුළුවන් නම්, දෙන්නට දෙන්නා ෂුවර් නම්, යාලුවෝ විදියට සෙක්ස් කරන්න දෙන්නට දෙන්නා කැමති නම්, දෙන්නත් එක්ක ජීවිතේ එන්ජෝයි කළා කියලා මොකෝ වෙන්නේ?

Share This Article