Biz Log
Classifields
Biz Log
Classifields

මංගල දිනයේ මතකය වෙනුවෙන් තැනෙන බෝනික්කෝ

මංගල දිනයේ මතකය වෙනුවෙන් තැනෙන බෝනික්කෝඕනෑම යුවතියකගේ ජීවිතයේ සොඳුරුතම දිනය වන මංගල දිනයේ සොඳුරු මතකයන් රැගත් සදාකාලික සිහිවටනයක් ලෙස මංගල ඡායාරූප ඇල්බමයක් සැකසීම පිළිගත් සම්ප්‍රදාය වුවද ජපාන යුවතියන්ට නම් එය යල් පැනගිය ක්‍රමවේදයකි. මංගල ඡායාරූප ඇල්බමයක් සැකසීම වෙනුවට නව ආරක සිහිවටන සොයා යන තෝකියෝවේ මනාලියන් අතර මේ දිනවලදී ප්‍රකට තේරීමක් වනුයේ මංගල ඇඳුමින් සැරසුණු තමාගේ රුවට හැම අතින්ම සමාන ත්‍රිමාණ මුද්‍රණය ආධාරයෙන් නිර්මාණය වූ බෝනිකි ක්ලෝනයන්ය. මෙබඳු අවශ්‍යතා පිරිමැසීමේ අරමුණින්ම "අකිබාරා" නුවර පිහිටා ඇති ක්ලෝන කම්හ‍ලේදී මිනිස් අනුරූ පමණක් නොව සුරතලුන්ගේ ක්ලෝනීය පිටපත්ද ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඇසුරෙන් නිර්මාණය කර දෙන්නේ නූතන තාක්ෂණයේ බල මහිමයට පින් සිදු වන්නටය. සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කෙරෙන මෙහිදී පළමුවෙන්ම ඔහු ඩිජිටල් (SLR) කැමරා ආධාරයෙන් විවිධාකාර කෝණයන්ගෙන් ගනු ලැබූ පුද්ගලයකුගේ ඡායාරූප පරිගණකය ආධාරයෙන් දත්ත හා ප්‍රතිරූප සංකලනයකට ලක් කරනු ලදුව, ඉන් අනතුරුව එකී දත්තයන්ට අනුකූලව විශේෂිත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් බදාම තීන්ත යොදාගනිමින් ත්‍රිමාණ මූර්ති නිර්මාණය කිරීම සිදුවේ. සමස්ත ක්‍රියාවලියම සංකීර්ණ වන්නා සේම අධික පිරිවැයක් දැරිය යුතු වුවද අවසන් ප්‍රතිඵලය හැමාකාරයකින්ම ජීවමාන පුද්ගලයාට සමාන වන ක්ලෝනයක් බඳු හෙයින් සිය ජීවිතයේ වටිනාම දිනය වෙනුවෙන් එවැනි සිහිවටනයක් බ්‍රිතාන්‍ය පවුම් නවසිය තිස් දෙකක් වැනි ඉහළ මුදලක් ගෙවා වුවද නිර්මාණය කර ගැනීමට ජපාන මනාලියන් පසුබට වන්නේ නැත.

මංගල දිනයේදී තමා පැළඳි ඇඳුම, හැඩැගැන්වීම (Make Up) මෙන්ම කොණ්ඩා විලාසිතාවද ක්ලෝනීයකරණයට ලක්කිරීමට ඔවුහු පෙළඹෙන්නෝය. සමස්ත ක්‍රියාවලියේම සංකීර්ණ භාවය හේතුවෙන් ඊට සූදානම් වීම සඳහා යම් කාල සීමාවක් අවශ්‍ය කෙරෙන නිසා උත්සව අවස්ථාවට දින කීපයකට පෙර ඒ සිය ඇණවුම් ඉදිරිපත් කිරීමට පාරිභෝගිකයන්ට සිදුවේ. ත්‍රිමාණ මුද්‍රණ ක්ලෝනීයකරණයේදී පළමුව සිදු වන්නේ අදාළ පුද්ගලයා (SLR) කැමරාවලින් පිරුණු කාමරයක මධ්‍යයේ අසුන් ගන්වා තත්පර කීපයක කාලය තුළදී ඔහු වටා භ්‍රමණය වන කැමරා රාශියකින් විවිධ කෝණයන්ගෙන් ඡායාරූපගත කිරීමයි. එලෙස ප්‍රමාණික දත්ත ලබාගැනීම අවසන් වූ පසුව විශේෂිත (Zprinter 650) නමැති මුද්‍රණ යන්ත්‍රයක් විසින් බදාම තැටියක් මත තීන්ත වත්කිරීම සිදු කෙරෙනුයේ එහි බදාම තැටියේ මතුපිට කිසිදු වෙනසක් දැකිය නොහැකි ආකාරයටය. අවසන් නිර්මාණය නොහොත් ක්ලෝනය එහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බාහිර ආ‍ලේපයක් ගල්වනු ලැබිමෙන් ක්‍රියාවලිය අවසන් කරනු ලැබේ. "මම" යන අර්ථය ඇතිව "ජිබුන් සාන්" ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියේදී නිපදවෙන ක්ලෝනයේ මතුපිට, ඒ සඳහා යොදාගන්නා මුද්‍රණ යන්ත්‍රයේ ප්‍රමිතිය හා ස්වභාවය අනුව රළු විය හැකි වුවද, "ඩිජිටල් වැක්ස්" ලෙස හැඳින්වෙන වඩාත් මිල අධික මුද්‍රණ පත්‍ර ආධාරයෙන් ළදරු සමක් මෙන් සුමුදු මතුපිටකින් යුතු ක්ලෝනයන් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි.

උපුටා ගැනීම ලක්බිම

Share This Article

දියණියකට දැවැද්ද කියන්නේ මිල මූදල් අල්මාරි පෙටිටගම් නෙමෙයි

දියණියන්ගේ ගුණ යහපත්කම නැතිවීමට වගකියන්න ඕනේ අම්මලා. අද ගැහැනූ පිරිමි දෙපක්ෂයම රැකියා කරනවා. දැවැදි අවශ්‍ය නැහැ. ලීසිං ක්‍රම තියෙනවා. ක්ෂණික තීරණ...

මංගල ‍පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු

මංගල උත්සවයක් පැවැත්වීමේදී ‍පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව ‍පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු...

කුලියට ගන්න පෝරුවකින් ආශිර්වාදයක් ලැබෙයිද?

මංගල මල් නැකතින් නව යුග දිවියක් ආරම්භ කරනා ඒ සුබ දිනය අපට කොයිතරම් නම් වටිනවාද? වසර ගණනාවක් පෙරුම් පුරා ඇඟිලි ගනිමින්...

විවාහ විමට සූදානමින් සිටින තරුණියක්ද?

විවාහ අපේක්‌ෂිත තරුණියන් හා නුදුරු දිනක විවාහ විමට සූදානමින් සිටින තරුණියන් දෙපිරිස අතර කාල පරාසය ගෙවන තරුණියන් මුහුණ දෙන ගැටලු සහ...

ඔබේ විවාහයත් මෙහෙමද?

සුනිමලුත් කුමාරිත් සවස හත පමණ වන විට බණ්‌ඩාරගේ නිවසට ළඟා වූහ. ඒ බණ්‌ඩාර යුවළගේ ආරාධනාව පරිදි කුඩා තිළිණගේ උපන්දින සාදය වෙනුවෙනි....

අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකී ආරක්ෂිතව සිටින්න තරුණ දූවරුන්ට වෛද්‍ය උපදෙස් කිහිපයක්

අද තරුණ දූවරුන්ට නොලැබෙනම අධ්‍යාපනය තමයි “විධිමත් ලිංගික අධ්‍යාපන” දැනුම. ඒ නිසාම ඒ අය බොහෝ විපත්වලට ඇදවැටෙනවා. අද අපේ මාතෘකාව එවන්...