Biz Log
Classifields
Biz Log
Classifields

විවාහයේදී කාන්තාව අසරණ කිරම පිරිමිකම නොවේ.

මෙය කාන්තාවන් සම්බන්ධයෙන් ඉතා වැදගත් දෙයක්. එය අප කන්‍යාභාවය විදිහට හඳුන්වනවා. අතීත සමාජයේ නම් විවාහයකදී මෙම කන්‍යාභාවය නමැති සාධකය අනිවාර්යය දෙයක් වූණා. කාන්තාවකට සිය විවාහයේදී තමන්ගේ පාරිශුද්ධත්වය ඔප්පූ කළ නොහැකි වූවහොත් ඇගේ විවාහයට අවලංගු තත්ත්වයක් උදාවූණා. නමූත් අද වනවිට සමාජය බෙහෙවින් දියූණූයි. එදාට වඩා විද්‍යාව හා තාකෂණය ඇත්තේද ඉදිරියෙන්. ජීව විද්‍යාවේ නව සොයා ගැනීම්වලට අනූව කාන්තාවන්ගෙන් සියයට 25 ත් 30 ත් අතර ප්‍රමාණයකට කන්‍යාපටල පිහිටීමක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙය වෛද්‍ය පර්යේෂණවලින් පවා ඔප්පූකර ඇත.

අතීත සමාජයත් අද සමාජයත් සැසඳීමේදී වර්තමාන සමාජය හාත්පසින්ම වෙනස් වූවකි. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳීමේදී වූවත් ලාංකිකයන් බොහෝ වේලාවට අරුත්සූන් චාරිත්‍රවිධි මහ ඉහළින් සළකන පිරිසක් වෙලා. වයස අවූරුදු 6-15 අතර කාලයේදී වැඩිවියට පත්වන දියණිය විවාහ වන්නේ අද සමාජයට අනූව වයස අවූරුදු 30 න් පමණයි. මේ නිසාවෙන් සමාජය තුළ විවාහ මූලික ලිංගික සබඳතා කියන දේ රහසක් නොවේ. සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට තරුණ අසහනය, රැකියා වියූක්තිය මේ සඳහා බලපානවා. කුමන සමාජ බලවේගයක් මත වූව ද විවාහයට ප්‍රථම ලිංගික සම්බන්ධතා පැවැත්වූවත් නැතත් කාන්තාවට සිය පාරිශුද්ධත්වය ඔප්පූ කළ නොහැකි වූවහොත් මෙහි වැරැද්ද පැටවෙන්නේ කාන්තාවටයි. දෙදෙනකුගේ එක්වීම මත සිදුවන දෙයින් කාන්තාවට පමණක් වැරැද්ද පැටවීම අමානූෂිකයි. මෙය සෑම කෙනෙක්ම බූද්ධිමත්ව සිතිය යූතු සමාජ ගැටලුවක්.

මෙහිදී කාන්තාවගේ පාරිශුද්ධත්වය සම්බන්ධ ගැටලුවලදී පිරිමියා බූද්ධිමත් විය යූතුයි. විවාහයකදී බලාපොරොත්තු වෙන්න ඕනෙ සිය සහකාරිය පමණයි. අවූරුදු 15 න් ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගන්නා සමාජයක මේ ප්‍රශ්නය දෙස පිරිමින් පමණක් නොව සමස්ථ සමාජයම තාර්කානූලව බැලිය යූතුයි. විශේෂයෙන් පිරිමියා යූක්තිගරුකනම් මෙය ගැටලුවක් නොවේ. සමාජ චින්තනයන්ට අනූව මංගල රැයේදී කාන්තාවගේ රුධිරය පිටවනවාදැයි පරකෂා කිරම ගෝත්‍රික සමාජ ලකෂණයකි. මෙයින් නිරූපණය වන්නේ අප තවදුරටත් සංවර්ධනය නොවූ ජන කොටිටාශයක් බව සමාජ චින්තකයින් පෙන්වා දෙයි. උදාහරණයක් වශයෙන් ප්‍රේම සම්බන්ධතාවකදී ලිංගික සම්බන්ධතා පැවැත්වූ පිරිමියාම නැවත කාන්තාවට අවමාන කරනවා. මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයා බොහෝ දෙනෙක් මානසික පීඩාවලට ලක්වී ප්‍රතිකාර ලබනවා. බොහෝ වේලාවට ඉහත ගැටලුව තුන්වන පාර්ශ්වයකට ගෙන යන්නේද එම පිරිමියා, මෙහිදී අනවශ්‍ය ප්‍රශ්න ගැටලු, චෝදනා අපවාද විඳින්නේ කාන්තාවයි. මෙවැනි හෙළිදරව් තුළින් පිරිමියා සිය පිරිමිකම පෙන්වීමට උත්සහ කළත් සැබෑවටම නිරූපණය වන්නේ පිරිමියාගේ මිලේච්ජත්වයයි. ඔහූගේ බිඳුණූ පෞරුෂයයි.

මෙවැනි ගැටලුවක් තුන්වැනි පාර්ශ්වයකට යාමෙන් සිදුවන්නේ ස්වාමි ඃ භාර්යා දෙදෙනාටම ගැටලුවක්. ලිංගිකත්වය සම්බන්ධයෙන් උපදේශන ලබාදෙන විශේෂඥයන් දක්වන්නේ ප්‍රේම සම්බන්ධතා සූලභ සමාජයක කන්‍යාභාවය වර්තමානයට නොගැලපෙන අවලංගු කාසියක් බැවින් මේවා පසූපස ලුහූබැඳීම වැදගත් කරුණක් නොවන බවයි.

Share This Article

නියම මඟුල් නැකත මොකක්‌ද?

මංගල යන්නෙහි අරුතය වන්නේ අපායට යන මග වළක්‌වා යහපතෙහි පිහිටුවීම යන්නයි. යහපත් වාසනාවන්ත ජීවිතයක්‌ ආරම්භ කොට ඒ මගින් මතු පිංවත් වැඩදායි...

ඔබට ගැලපෙනම සහකරුවා ඔබට හමු වී ඇති බව පෙන්වන ලක්ෂණ 14ක්

ගැලපෙන කෙනා එක පාරින් හොයාගන්න වාසනාවන්ත අය ඉන්නවා, නමුත් වැඩි දෙනෙක්ට අත්දැකීම් වැඩි ප්‍රමාණයකින් පස්සෙ තමයි තමන්ගෙ සැබෑ සහකාරයාව තෝරා ගන්න...

මමත්වය ආදරේට හොඳ නෑ !

ආදරේ හා විරහව එකිනෙක බැඳිලා තියෙනවයි කියන්න පුළුවන් තරමටම සම්බන්ධයක් තියෙන වචන දෙකක්. අපි ආදරය කරන්න පටන් ගන්නවා. අපි හිතන්නේ නෑ...

යාලුවෙක් එක්ක සෙක්ස් කළාට කමක් නැද්ද? ඊට කලින් මේ ටිප්ස් කිහිපය කියවන්න!

අහලා තියෙනවද “ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස්” කියලා එකක්? සමහරු අහලා ඇති. අහලා නැති අයට කියලා දෙනවනම්, ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් කියන්නේ අපිත් එක්ක...

උඩරට පෙළපත් කිහිපයකට සීමා වූ නිළමේ ඇඳුම දැයටම දායාද කළ අපූරු මිනිසා

ඔබ අප කවුරුත් දන්නා උඩරට මුල් ඇඳුම, එසේත් නැත්නම් ‘නිළමේ ඇඳුම’ හෙවත් ‘තුප්‍පොට්ටිය’ අතීතයේ අද මෙන් සියලු දෙනාටම පරිහරණය කළ හැකි...

විවාහයේ ප්‍රමාදයට තිත තබමු

කුවේනි ත්‍රෛයිලෝක වශීය මෙන්න ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ශෘංගාර රසය ලබාදෙන විවාහය යහපත් දිවි මගකට ආලෝකයක්‌ ලබා දෙන චූඩා මාණික්‍යයකි. එමෙන්ම අවාසනාව, දුක,...