පෙම්වතුන් හෝ අඹූසැමියන් අතර සූහදතාවය මනින ක්‍රමය!
සමහරවිට ඔබත්, ඔබගේ පෙම්වතා පෙම්වතියත් විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින දෙදෙනකු විය හැකියි. එසේ නැතිනම්, ඔබ දෙදෙනා මේ වනවිටත් විවාහවී සිටින අඹූ-සැමි දෙදෙනකු විය හැකියි. දෙදෙනාටම දෙදෙනා හරියාකාරව පෑහෙනවාද, අනූකූලතාවයකින් යූතුව කටයූතු කරනවාද කියා දැනගන්න, දෙදෙනාටම ඕනෑකමක් තිබෙනවාට සැකයක් නැත.
ඒ සඳහා කළ යූත්තේ දෙදෙනා පහත සඳහන් ප්‍රශ්න 30 ට වෙන්වෙන්ව පිළිතුරු සැපයීම පමණය.
- ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ හෝ දේශපාලන මතිමතාන්තර මොනවාද?
- දරු ඵල වලට ඔහූ හෝ ඇය හෝ කැමැත්තක් දක්වනවා නම්, එසේ දරුවන් කී දෙනෙකුටද?
- ප්ලාස්ටික් ශල්‍යකර්ම ගැන ඔහූ හෝ ඇය හෝ කිසි දිනක කල්පනා කළාද?
- ඔහූගේ හෝ ඇයගේ හෝ ඉතාමත් වටිනා වස්තුව කුමක්ද?
- ඔහූ හෝ ඇය හෝ අන්තිම කැමති පත්‍රයක් ලියා තිබෙනවාද?
- වැඩෙන වයසේ සිටියදී ඔහූගේ හෝ ඇයගේ හෝ හිතේ පැවති කිසියම් අරමූණක් තිබෙනවාද?
- කේන්දර, චිත්ත බලයෙන් විස්මිත වැඩ කිරීම ආදී අරුම පූදුම දේවල් සම්බන්ධයෙන් ඔහූ හෝ ඇය හෝ තුළ විශ්වාසයක් පවතිනවාද?
- ඔහූ හෝ ඇය හෝ පාරේ යන හිඟන්නන්ට කාසි මූදල් දෙනවාද?
- ඔහූ හෝ ඇය හෝ කොපමණ මූදලක් උපයනවාද?
- තැනින් තැනට ගොස් රාත්‍රී කාලයේදී සංදර්ශන පවත්වන කණ්ඩායම් සම්බන්ධයෙන් ඔහූ හෝ ඇය හෝ තුළ ඇති හැඟීම කුමක්ද?
- මරණ දඬූවමට ඔහූ හෝ ඇය හෝ එකඟතාවයක් දක්වනවාද?
- අනාගතයේ දිනක ඔහූට හෝ ඇයට හෝ පදිංචිය අතහැර වෙන තැනක පදිංචියට යාමට සිදු වූවහොත්, ඔහූ හෝ ඇය හෝ ජීවත්වීමට කැමැත්තක් දක්වන්නේ කුමන ස්ථානයකද?
- ළඟදීම දිනක සිදුවන්නට තිබෙන එසේම, ඔහූ හෝ ඇය හෝ ඕනෑකමකින් බලා සිටින කිසියම් දෙයක් තිබෙනවාද?
- අත්කර ගැනීම සඳහා ඔහූ හෝ ඇය හෝ වැඩියෙන්ම උනන්දුවක් දක්වන නිපූණතාවය කුමක්ද?
- නිවාඩූ දිනකදී තමන්ගේ ශ්‍රමයෙන්ම ඔහූ හෝ ඇය හෝ කරන්නේ කුමක්ද?
- දෙවියන් පිළිබඳව ඔහූ හෝ අය හෝ තුළ පවත්නා සැබෑ කල්පනාව කුමක්ද?
- ඔබත් ඔබගේ සහකරු හෝ සහකාරියත් නොඑසේ නම් පෙම්වතා හෝ පෙම්වතියත් ප්‍රමාණවත් තරමින් කතාබස් කොට වැඩ කටයූතු කරන වගක් ඔබට සිතෙනවාද?
- රූමත් කාන්තාවකගේ ඇඟිලි උරන පින්තූර කීපයක් දුටූ ඔහූ හෝ ඇය හෝ ඒ ගැන කල්පනා කළේ එය පෞද්ගලික ජීවිතයකට බලහත්කාරයෙන් අතපෙවීමක් හැටියටද?
- ඔහූ හෝ ඇය හෝ අවසන් වරට හැඬූවේ කවදාද? හැඬිමට හේතුව කුමක්ද?
- ඔහූ හෝ ඇය හෝ ඔබ ගැන කතා කළොත් කතා කරන්නේ ඔබේ ඉතාමත් නොමනා පූරුද්ද ගැන යයි ඔබ සිතනවාද? එවිට ඔබ කියන්න යන්නේ ඔහූගේ හෝ ඇයගේ හෝ නොමනා පූරුද්දක් ගැනද?
- ඔහූගේ හෝ ඇයගේ හෝ ප්‍රථම ප්‍රේමයට සම්බන්ධ කෙනාගේ නම කුමක්ද?
- ඔහූ හෝ ඇය හෝ හිස ඩයි කරනවාද?
- ඉතාමත් දැකුම්කළු නළුවා / නිළිය, ගායකයා / ගායිකාව, ක්‍රීඩකයා / ක්‍රීඩිකාව හැටියට ඔහූ හෝ ඇය සළකන්නේ කවූරුන්ද?
- ඔබ වෙනත් විධියකට ඇඳුම් අඳිනවාට ඔහූ හෝ ඇය හෝ කැමතිද? කැමති නම් කුමන විධිහකටද?
- ඔහූට හෝ ඇයට හෝ පූද්ගලික මටිටමින් නැත්නම්, සේවා මටිටමින් ආඩම්බර විය හැකි දෙයක් පසූගිය වසර තුළදී හෝ ඒ ආසන්නයේ හෝ සිදුවූණාද?
- පසූගිය මස 12 තුළ ඔහූ හෝ ඇය හෝ මූදල් සම්බන්ධයෙන් වෙනදාට වඩා කනස්සලු ගතියකින් සිටියාද?
- හෙට සල්ලි උවමනාවක් පිළිබඳ ගැටලුවකට ඔහූ හෝ ඇය හෝ මූහූණ දුන්නා නම්, ඒ සම්බන්ධයෙන් ඔහූ හෝ ඇය හෝ කරන්නේ කුමක්ද?
- ඔහූගේ හෝ ඇයගේ හෝ පාදවල ප්‍රමාණය කුමක්ද?
- චිත්‍රපටයක් නරඹන්න ගිය විට ඔහූ හෝ ඇය හෝ කිසියම් කෑමක් එසේ නැත්නම්, කිසියම් බීමක් ගැන උනන්දුවක් දක්වනවාද?
- ඔහූට හෝ ඇයට හෝ පෞද්ගලික ප්‍රශ්නයක් මතුව තිබියදී ඒ ගැන ඔබට මොන විධියකින්වත් නොකියනවා නම්, ඔහූ හෝ ඇය හෝ ඒ ගැන කතා කරන්න යන්නේ කවූරුන් හා සමගද?
පෙම්වතුන් දෙදෙනා හෝ අඹූසැමියන් දෙදෙනා හෝ වෙන වෙනම මෙම ප්‍රශ්න 30 උත්තර සැකසීමෙන් අනතුරුව එම උත්තර හූවමාරු කරගෙන, දෙදෙනාගේ තත්ත්වය කෙසේදැයි දෙදෙනාට සොයා බැලිය හැකිය. දෙදෙනා කෙතරම් දුරට ඔවූනොවූන් හඳුනනවාද? පෑහෙනවාද? අනූකූලතාවයකින් යූතුව කටයූතු කරනවාද යන්න දෙදෙනා එවිට දැනගත හැකිය.
මංගල උත්සවයක් සංවිධාන කිරීමේදී අප වැඩි අවධානයක් ලබාදෙන්නේ උත්සව ශාලාව වෙතය. එකල නම් මනාල යුවළගේ නිවෙස මෙම කටයුතු සඳහා යොදාගනු ලැබීය....
විවාහය යනු කුමක්ද?විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත...
"නඩු යන්නෝ වැනසෙන්නෝ." මෙවැනි කියමන් සමාජගත වී තිබෙන්නේ ලංකාවේ අධිකරණයේ නඩු විභාග කර අවසාන කිරීමට ගතවන දීර්ඝ කාලයත් සමඟ අදාළ පාර්ශ්වකරුවන්ගේ...
තරුණ යූවලක් අතිනත ගැනිමේදී පොරොන්දම් බැලීම අතීතයේ පටන් සිදුවන චාරිත්‍රයක්. මේ පොරොන්දම් බැලීමත්, රුධිර පරීක්ෂා කිරීමත් එකට ගලපන්න බැහැ. මේ දෙක...
විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයන් බව කිව යුතු නොවේ. විවාහ නැකත් බහුලව යෙදෙන ඉදිරි මාස කීපය තුළ උත්සව...
රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය...