මංගල යහනට සූදු පිරුවටය අදට කෙතරම් ගැලපෙනවාද?
සූදු පැහැ රෙද්දක් කී සැණින් ඔබේ සිතට මොනවගේ සිතිවිල්ලක් ඇති වෙනවාද?
සිංහල ගැමි සමාජය තුළ සූූදු පිරුවටයට හිමිවී ඇත්තේ සූවිශේෂි ස්ථානයකි. භික්ෂූවක් නිවසට වැඩියහොත් අසූන මත සූදු රෙද්දක් එලන්නේ හද තුළ ඇති භක්තිය, ගෞරවය පෙන්නන්ටය. ඒ වගේම සිල් රෙද්ද සූදු පැහැතිය. මළ ගෙයක් සිදුවූ විට ගේ ඉදිරිපිට සූදු කොඩියක් එසවෙන්නෙ. නිරායාශයෙනි. ආගමික උත්සවල වගේම, ගිහි ජීවිතයේ සූවිශේෂ අවස්ථාවලදී සිංහලයාට සූදු පිරුවටය නැතිවම බැරිය. අද අපේ කතිකාවට ලක්වෙන්නේ, සූදු පිරුවටයක් විවාහ මංගල්‍යය දින මධූසමයට යන ගමනට එක්වීම ගැනය. සමහරවිට මධූසමයට යන යූවළවත් දන්නෙ නැතිවම ඔවූන්ගේ ඇඳුම් මල්ලට සූදු රෙද්දක් එක්වෙයි. එය එක්වන්නේ මනාලියගේ කන්‍යාභාවය තහවූරු කරමින්, පිරිසිදුකම සහතික කරන්නටය.
සැබැවින්ම, අපේ සමාජය තුළ තිබූ ඒ චාරිත්‍රය අපට උසස් යැයි සිතන්නට පූළුවන්ද? එදා පමණක් නොව අදටත් එය කෙතරම් වලංගුද? මේ ගැන අප නැවත නැවතත් සිතා බැලිය යූතුයි නේද? වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලුවද කාන්තාවකගේ කන්‍යාභාවය මෙවැනි සරල ක්රියාදාමයකින්, ඔප්පූ කර ගැනීමට නොහැකිය. අනෙක් අතට මෙවැන්නක් තුළින් සිද්ධවෙන්නේ, මූළු ස්ත්‍රී සංහතියටම නිගාවක් නොවේද?
අද අප ඉදිරියේ බිහිවී ඇත්තේ, වචනයෙන් විස්තර කරන්නට බැරි තරමේ වාණිජ සමාජ ක්රමයකි. මේ ක්‍රමය වඩ වඩාත් කාන්තාව විකිණෙන සීමාවන් කරා ගෙනයන බව අව අසත්‍යයක් නොවේ. ස්ත්‍රීත්වය, මාතෘත්වය වැනි තත්ත්වයන් ආරක්ෂා කිරීමට සැබෑ වූවමනාවකින් කටයූතු කරන පූද්ගල චරිත හෝ සිවිල් සංවිධාන නැතිකමින්, කාන්තාවන් පෙළන මෙවැනි ක්‍රියාදාමයන් අදටත් අඩූ වැඩි වශයෙන් සමාජයේ ඇති බව රහසක් නොවේ. ඇත්තෙන්ම, ශිෂ්ටාචාරයට පත් සමාජයකින් බලාපොරොත්තු විය නොහැක්කක් ලෙස මේ සූදු පිරුවටයේ කතාව හඳුන්වා දිය හැකි ය. මෙවැනි කටයූත්තක් වඩාත් සූදුසූ වන්නේ මනූෂ්යයන්ට වඩා ම්ලෙච්ජයන්ටය. කෙසේ වෙතත් අද වනවිට මේ පිරිසිදුකමේ සංකේතය සොයන ප්‍රවණතාව අඩූවී ඇතත්, කාලාන්තරයක් තිස්සේ මූල් බැසගත් ආකල්පයන් නිසා පිරිමියාද තම සහකාරියගේ පිරිසිදුකම ගැන මේ තුළින් සොයා බැලීමට දක්වන අවස්ථා නැත්තෙ නොවේ. අනික් අතට මෙවැනි ශිෂ්ටත්ව සමාජයට නොගැලපෙන කටයූත්තක් කරන්න සූදු පිරුවටය එලන්නට මහ ඉහළින් බලා සිටින වැඩිහිටි නෑදෑ පරපූරක් ද සිටී.
කාන්තාවගේ කන්‍යාභාවය බලන පිරිමියා, තමන් දෙසම ආපසූ හැරී බලන්නට මැලිකමක් දක්වන්නේ ඇයි කියා මට පැණයකි. විවාහයට පෙරාතුව ඇති පදමට ස්ත්‍රී සේවනය කර ඇති පිරිමින් පවා මේ සූදු පිරුවටය මංගල යහනේ එලන්නේ හෘද සාකෂියට එකඟව දැයි මට ඇති වන්නේ විශාල ප්රශ්නයකි. සමස්ත කාන්තාවන් විසින්ම එකතු වී මෙවැනි ම්ලේච්ඡ ක්‍රියාදාමයන් තුළින් ස්ත්‍රීත්වය මනින මිණූම් දඬූ නැති කරන්නට කටයූතු කළ යූතුය යන්න මගේ විශ්වාසයයි.
ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා
ඔබේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයා පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? විවාහයෙන් පසුව මේ වන විට ගත වූ අතීතය තුළ මුහුණ දීමට සිදු...
ලේ නෑයින් කියන්නේ කවරෙක් ද?මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරියන් ළඟ...
කෙනකුගේ විවාහය නිසි කලටම සිදු වන්නත් තව කෙනකුට ප්‍රමාද වෙන්නත් තවත් කෙනකුට ජීවිත කාලයටම විවාහ වාසනා නොලැබෙන්නත් හේතුව කුමක්ද? ජේයාතිෂයේදී අපට එය...
විනෝදය ආශ්වාදය පුද්ගලයා සතු මානුෂික අවශ්‍යතාවයකි. නමුත් එවැනි කෙටි කාලීන වින්දනයක් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුවහොත් එය කොතරම් ඛේදනීයද ? අප කතාබහ...
විවාහය යනු කුමක්ද?විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත...
රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය...