Flower Girls - මල් කුමරියන්
![flower girls](https://www.sithmalyaya.com/images/wedding/wedding-57/larges/576.jpg)
පුංචි මල් කුමාරියක් මංගල දිනය කෙතරම් සුන්දර කරනවාද? ඒත් ඒ සුන්දරත්වය ඒ විදියටම රඳවලා තියාගන්න නම් මල් කුමරියටත් වැඩිහිටියන්ගෙන් පුංචි පුංචි උදවු ටිකක් අවශ්‍යයි.
- මල් කුමරියකට ඉන්න ගැහැනු ළමයා අවුරුදු 3 - 8 වගේ වයස තමයි වෙන්නේ. එයාලා මල් කුමාරියකට අන්දවන්න කලින් ටිකක් ඒ ගැන කියලා දෙන්න අවශ්‍යයි.
- මල් කුමාරියෝ ඔක්කොමලා හැම විටම යහළුවෝ වගේ ඉන්න ඕන. ඒ නිසා ඔවුන් අතර මිත්‍රත්වය ඇතිකරවීම වැදගත්. ඒ වගේම මල් කුමරියෝ හොඳ පෝෂ්‍යදායි ආහාර අරගෙන ශක්තිමත්ව ඉඳීමත් වැදගත්.
- වෙඩින් පාටී එකට කලින් මල් කුමරිය එයාගේ පාර්ට් එක හරියට කරන්න පුහුණු කරවන්න. ඒකෙන් එයාට නුපුරුදු තැනක සුපුරුදු අයත් එක්ක තමන්ගේ පාර්ට් එක හරියට කරන්න පුළුවන් වෙනවා.
- මල් කුමාරියන්ට පොරි, මල් පෙති වගේ දේවල් ඉසින්න එපා. එයාලාගේ කෙස් අතරේ රැඳුණාම අපහසුතාවක් දැනෙන්න පුළුවන්.
- මල් කුමරිය සෑම විටම සිනාමුසු මුහුණින් අමුත්තන්ට මුහුණ දෙන කෙනෙක් කරන්න. එයාට තිබෙන වගකීම තමයි අනෙක් අයට පේන්න ඉන්න එක. සමහරවිට මල් කුමාරියකගෙන් වෙඩින් එකේ සාර්ථකත්වය තීරණය වෙනවා.
- මල් කුමරියට වැඩිහිටියන්ගේ උදවු ඕන වෙනවා. ඒත් ඒ වෙඩින් එක දවසට නොවේ. වෙඩින් එක දවසට එයාට අණ කරන්න ඉන්නේ නැතිව කලින්ම එයාව සූදානම් කරන්න.
- මල් කුමරියෝ ටිකක් කරදරකාරයි. මොකද එයාලා දන්නවා මේ මොහොතට එයාලව වැදගත් කියලා. ඒ නිසා ටිකක් එයාලට ඕන විදියට මවුපියන්ට ඉන්න වෙනවා. එක එක කෑම බීම ඉල්ලයි. අන්න ඒකට සූදානම් වෙලා ඉන්න.
- මල් කුමාරියෝ ඉක්මනට මැලවෙනවා. එයාලගේ වයස තමයි හේතුව. පුංචි ළමයිනේ. ඉතින් හවස් වෙද්දි එයාලා වෙහෙසිලා නම් පුංචි සෙල්ලමක් කරන්න එයාලට නිදහස දෙන්න. කාමරයකට අරගෙන ගිහින් පොඩි වීඩියෝ එකක් පෙන්වලා මහන්සිය මඟ අරවන්න.
- මනාලියටත් මෙතැනදි වැදගත් භූමිකාවක් තිබෙනවා. ඒ තමයි මල් කුමරියන්ව මිතුරු කරගන්න එක.
උපුටා ගැනීම මව්බිම
මනාලියක් වීමට දින ගනිමින් සිටින ඔබට සුන්දර රූ සපුවක හිමිකාරියක් වීමට මාස 6ක් පුරාවට සිදු කළ යුතු සත්කාරයන් පිළිබඳ අප පසුගිය...
පුංචි මල් කුමාරියක් මංගල දිනය කෙතරම් සුන්දර කරනවාද? ඒත් ඒ සුන්දරත්වය ඒ විදියටම රඳවලා තියාගන්න නම් මල් කුමරියටත් වැඩිහිටියන්ගෙන් පුංචි පුංචි...
මනාලිය තම මංගල දිනයේ අනෙක් සියලු දේ කෙරෙහි අවධානය යොමු කරන්නා සේම යෙහෙළියක සහ මල් කුමරියක් තෝරා ගැනීමේදී වැඩි අවධානයකින් කටයුතු...