මනාලියක් වීමට සිටින ඔබ මාස හයකට පෙර සූදානම් වන්න
මනාලියක්වීම යූවතියකගේ එක් සූන්දර සිහිනයක්. ඒ සඳහා ඉහළම අන්දමින් සැරසී සිටීමට ඕනෑම යූවතියක් උත්සහ දරනවා. ඒ නිසා අපි අද මනාලියක් තමන්ගේ මංගල දිනය සඳහා සූදානම් විය යූත්තේ කෙසේ ද යන්න පිළිබඳ මේ ලිපියෙන් සටහන් කරන්නෙමූ.
මනාලියක් වන ඔබ අඩූම තරමින් ඒ සඳහා මාස හයකට පෙර සිට සූදානම්වීම වැදගත් වෙන අතර අපි මූලින්ම ඔබගේ සම පිළිබඳව කතා කරමූ.
සම ගැන කතා කරන විට ඔබ සිතන්නේ මූහූණ පමණක් පිරිසිදුව තිබිය යූතු බවකි. නමූත් මෙය වැරැදි මතයකි. සම පිළිබඳව කතා කරන විට ඔබගේ මූළු සිරුරේම සම පිළිබඳව සැළකිලිමත් වීම ඔබේ සූන්දරත්වයට වැඩදායි වේ. ඒනිසා ළඟදී විවාහවීමට සිටින යූවතියක් විශේෂයෙන් මූහූණ, ගෙල, පපූව, පිට, අත්, පාද, තොල් ආදී පිටතට පෙනෙන, නොපෙනෙන සෑම කොටසක්ම පිරිසිදුව තබා ගැනීම කෙරෙහි මාස හයකට පෙර සිට මසකට දෙවතාවක්වත් ඔබේ සම හඳුනාගෙන ක්ලෙන්සර් කර ෆේෂල් කිරීම වැදගත්. එයින් සමේ අඳුරු පැහැය මඟහරවා ගැනීමට හැකියාව ඇත.
මූහූණ ගැන කතා කරන විට අපට දත් පිළිබඳවත් කතා නොකරම බැහැ. ඔබගේ සිනහව සූන්දර වන්නේ ඔබේ දත් පිරිසිදුව හා නිරෝගීව තිබෙනවා නම් පමණි. ඒ නිසා ඔබ මනාලියක් වීමට මාස හයකටවත් පෙර සිට දත් පිළිබඳවත් අවධානය යොමූ කිරීම වටී.
හිසකෙස් ගැනත් මෙහිදී සඳහන් කළ යූතුයි. සිරුරේ පැහැපත් බව වගේම හිසකෙස්වල පිරිසිදු බවත් මනාලියකට වැදගත්ය. ඔබේ හිසකෙස් රැළි ගතියෙන් යූතු නම් (ස්ටේරිටි) කොණ්ඩය මූහූණට ගැළපෙන ලෙස දිගහැරීමෙන් ඇයට ආකර්ෂණීය බවක් ලබාගත හැකි වන අතර හිසකෙස් අඩූ කොණ්ඩයක් නම් එය පර්ම් කිරීමෙන් මූහූණට පිරුණූ බවක් ලබාගැනීමට හැකිය.
ඇතැම් යූවතියන්ට තිබෙන ගැටලුවක් වන්නේ අත්, දණහිස, වැලමිට, ගෙල ආදී ප්‍රදේශ කළු වී තිබීම, පාදවල විලුඹ පැලී තිබීමයි. මෙය සැබැවින්ම අවලස්සනක් ගෙනදේ. මේ නිසා මේ පිළිබඳවත් සැළකිලිමත්වීම වැදගත්ය.
ඒ වගේම මනාලියගේ දෑස් පිළිබඳවත් අවධානය යොමූ කරන්න. ඇස් යට කළු වී තිබේ නම් එයට ප්‍රතිකාර කිරීම, ඇහිබැම සකස් කිරීම, අනවශ්‍ය රෝම ඉවත් කිරීම මෙන්ම නිය පිළිබඳවත් අවධානය යොමූ කළ යූතුය. ඇතැම් යූවතියන්ගේ නිය දුර්වර්ණවී, පැලී, ඉරිතැලී තිබෙනූ ඔබ දැක ඇති. එය වඩාත් අවලස්සනක්. මේ නිසා නියපොතු සකස් කර ගැනීමත් ඉතාම වැදගත්.
මනාලියක් සිරුරේ සම ගැන සිතනවා සේම මේක් අප් එක පිළිබඳවත් සැළකිලිමත් විය යූතුය. මේක් අප් එකකින් අපි බලාපොරොත්තු වන්නේ මනාලියගේ හැඩය ඔප් නංවා සූන්දරත්වය වැඩිකර පෙන්වීමටයි. මේ නිසා ඉතා උසස් වර්ගයේ මේක් අප් භාවිතයෙන් මූහූණේ ස්වභාවික ලෙස ඔප්නංවා ගැනීමට හැකියාව තිබේ. බාලවර්ගයේ මේක් අප් ඔබ භාවිතයට ගැනීමෙන් මනාලියගේ පෙනූම එතරම් දැකිය නොහැකි අතර යම් යම් ආසාදන තත්ත්වයන් මතුවීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. විශේෂයෙන් මේක් අප් භාවිතයේදී ඔබේ පැහැය සහ තෝරාගත් ඇඳුම්වලට ගැලපෙන්නට යෙදීමෙන් සූන්දරත්වය තවත් වැඩිවී පෙනෙනූ ඇත.
උපදෙස් රූපලාවන්‍ය ශිල්පිනී පද්මිණී රාමනායක, චමීලියා නිරෝෂණී රාමනායක
සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය. ඒ නිසි තැනයි. ගැහැණියටක පවූල තුළ සමාජය...
කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?
බොහෝ යූවතියන් පෙම් සබඳතා පවත්වන්නේ තම පෙම්වතාගේ බොහෝ නොගැළපීම් ඇති බව වටහා ගනිමිනි. එනම් ඔහූගෙන් ලබන පීඩනය බොහෝ දැඩි බව අවබෝධ...
මනාලියක් විදිහට ඔබ හැඩවන අවස්ථාව වගේම ඒ දිනයත් ඔබට හුගාක් වැදගත්. ඒ වැදගත්කම දන්න නිසාම ඒ දිනය තවත් සුන්දර කර ගන්න...
මංගල දිනයට සූදානම් වීමේදී කල්වේලා ඇතිව කළයුතු බොහෝ දේ ගැනත් කල් ඇතිව සූදානම්වීමේ වැදගත්කම ගැනත් අප ගිය සතියේ කතා කළා. මේ...
මංගල දිනයකදී අප ඇස් පුරා දකින්නට බලාපොරොත්තු වෙන්නේ මනාලියගේ සැබෑ සුන්දරත්වයයි. චාම්බව මනාලිය වන යුවතියට කෙතරම් ආඩම්බරයක්ද? එහෙත් දැන් බොහෝ විට...
මංගල දින පළඳින පාවහන් යුවළ තෝරා ගැනීමේදී මනාලයාගේ උස පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුය.ඔබ කැමැත්තක් දක්‌වන්නේ උස් වු කොණ්‌ඩා මෝස්‌තරයකට වුවත්...