Biz Log
Classifields
Biz Log
Classifields

මංගල දිනයට පුංචි කරුණු ටිකක්

මංගල දිනයට පුංචි කරුණු ටිකක්

මනාලියක් විදිහට ඔබ හැඩවන අවස්ථාව වගේම ඒ දිනයත් ඔබට හුගාක් වැදගත්. ඒ වැදගත්කම දන්න නිසාම ඒ දිනය තවත් සුන්දර කර ගන්න පුංචි පුංචි කරුණු කාරණා කීපයක් තමයි අද අපි ඔබට කියන්න හදන්නේ. 

ඔබ දන්නවාද? මංගල දිනයේ කවුරුත් වැඩිපුර අවධානයක් යොමු නොකරන කාරණාවක් තමයි මනාලියගේත් මනාලයාගේත් උස. මනාලයාත් මනාලියත් අතර ඇති උස ඡායාරූපකරණයේදීත්, පෝරුවේදීත් වගේම මංගල දිනය පුරාවටම බොහෝම වැදගත් වෙනවා.

  • මනාලයා උසින් අඩු නම් මනාලියට ගැලපෙන්නේ උසින් අඩු කොණ්ඩා මෝස්තරයක්. ඒ වගේම ඒ කොණ්ඩා මෝස්තරය මනාලියගේ මුහුණටත් ගැලපිය යුතු වෙනවා.
  • පහතරට හෝ ඉන්දියානු මනාලියකගේ මනාලයා උස වැඩි අයෙක් නම් ඇගේ වේලය මදක් උස් කර සැකසීම වඩාත් උචිතයි. ඒ වගේම ඔහු මදක් මිටි කෙනෙක් නම් මනාලියගේ වේලය සාමාන්‍ය උසකට සකස් කරගන්නට පුළුවන්.

ඒ වගේම මනාලියගේ කරමාලයත් මනාලයාගේ උසට බලපාන බව ඔබ දන්නවාද? ඔබේ හිතු මනාපයට හෝ පවතින විලාසිතාවට ගැලපෙන ලෙස කරමාලය තෝරාගැනීම කවුරු අතින් වුනත් නිතරම සිදු වෙන වැරැද්දක්. ඒක මනාලියට, ඇගේ පවුලේ අයට හෝ හැඩගන්වන රූපලාවන්‍ය ශිල්පියා අතින් හෝ සිදුවෙන අවස්ථා ඕන තරම්.

  • මනාලයා උස කෙනෙක් නම් මනාලියට ගැලපෙන්නේ බෙල්ලටම ඇති සුන්දර කර මාලයක්. මනාලයාත් මනාලියත් අතර ඇත්තේ එක සමාන උසක් නම් ඇයට ඇත්තටම ගැලපෙන්නේ දිග කරපටියක් බව මතක තබා ගතයුතු වෙනවා.
  • මනාලයා උස වැඩි අයෙක් නම්, මනාලියට ගැලපෙන්නේ දිගු ටසල් වැනි තෝඩු දෙකක්. මනාලයා මිටි කෙනෙක් නම් මනාලියට සුදුසු වන්නේ කනටම ඇති විශාල තෝඩු දෙකක්.
  • මනාලයා උස කෙනෙක් නම් මනාලියගේ කැමැත්ත අනුව ඇගේ සාරි බ්ලවුසයේ අත දිගට මැසීම යෝග්‍යයි. ඒ වගේම සාරි පොට අතට යොදනවාට වඩා සුදුසු කරට යොදා හැඩ ගැන්වීමයි.

ඔබේ ජීවිතයේ සුන්දරම දිනය තවත් හැඩ කරගන්නට වගේම රූපලාවන්‍ය ශිල්පීන්ටත් ඉතාමත් වැදගත් වන කරුණු කීපයක් තමයි මේ. බලන්න මේ පුංචි කරුණු වලින් ඔබේ විවාහ මංගල උත්සවය මොනතරම් හැඩ කරගන්නට හැකිද කියලා.

Share This Article

ලස්‌සන මනාලියක්‌ වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්‌

මනාලියක්‌ ලස්‌සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා. එහෙම නම් බලමු මනාලියක්‌ වන යුවතිය මනාලිය වන දිනයේ ලස්‌සනට...

සාම්ප්‍රදායික බවින් බැහැර වූ උඩරට මනාලියක්

බැලූ බැල්මට උඩරට මනාලියක් සේ පෙනුණද මෙම මනාලිය හැඩගන්වා තිඛෙන්නේ සාම්ප්‍රදායික බවින් බැහැර වූ උඩරට මනාලියක් ලෙසිනුයි. එමෙන්ම සාරි හැට්ටයේ අත්...

වෙඩින් සාරි එකක් හරියටම තෝරා ගන්නේ කොහොමද?

වෙඩින් එකක් කියන්නේ අපි හැමෝගෙම ජීවිතයේ අමතක නොවන ලස්සන දවසක්. ඉතින් එදාට මනාලියක් විදියට ලස්සනට ඉන්න තමයි අපි හැමෝම කැමති නේද?...

මනාලිය විලාසිතා කුඩුවක් නොවේ

මංගල දිනයකදී අප ඇස් පුරා දකින්නට බලාපොරොත්තු වෙන්නේ මනාලියගේ සැබෑ සුන්දරත්වයයි. චාම්බව මනාලිය වන යුවතියට කෙතරම් ආඩම්බරයක්ද? එහෙත් දැන් බොහෝ විට...

දුම්පානය කරන පූද්ගලයෙක්ව බඳිනවද - නැද්ද ?

විශේෂයෙන් ගැබිණි මව්වරු මත්පැන් හා දුම්පානයෙන් වැළකී සිටිය යූතුමයි. බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය ගන්නේ නැහැ. නමූත් තමන් නොගත්තට පරිසරය විසින් තමන්වත් තමන්ගේ...

කාන්තාවනි ඔබටත් පුළුවන් මේ විදිහට සැනසෙන ගමන් මෙන්න මේ ලෙඩ දුක් අවම කරගන්න

ස්වයං වින්දනය කියන දේ මේ වෙද්දි හරි සාමාන්‍ය කරුණක් වී තිබෙනවා. ඒ වගේම තමයි ස්වයං වින්දනය පිරිමින්ට විතරක් කියන මතය මෑත...