Biz Log
Classifields
Biz Log
Classifields

ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට විශේෂ කරුණු අටක්‌

bride

යුවතිය මනාලියක ලෙස හැඩවීමේදී මනාලයා ඇගේ උසට සමාන අයෙකුනම් පිළිපැදිය යුතු කරුණු බොහෝමයක්‌ තිබේ. මනාලියක්‌ වන යුවතියටත් මනාලිය හැඩගන්වන ශිල්පියාට හෝ ශිල්පිනියටත් එකලෙස වැදගත් වන කරුණු අටක්‌ ඔබට ඉදිරිපත් කරමු.

01) මංගල දින පළඳින පාවහන් යුවළ තෝරා ගැනීමේදී මනාලයාගේ උස පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුය. ඔබ කැමැත්තක්‌ දක්‌වන්නේ උස්‌ වු කොණ්‌ඩා මෝස්‌තරයකට වුවත් මනාලයා උසින් අඩු නම් ඔබට උස්‌ වූ කොණ්‌ඩා මෝස්‌තරය ගැළපෙන්නේ නැත. එවිට ඔබ ඛෙල්ලට සකස්‌ කරන කොණ්‌ඩා මෝස්‌තරයක්‌ ඔබේ මුහුණට ගැළපෙන ලෙසින් තෝරාගත යුතුය.

02) වේලය රැඳවීමේදීද විලාසිතා තිබුණද එය පැළඳවිය යුත්තේ මනාලයාගේ උස අනුවය. මනාලයා උසින් වැඩි අයෙකු නම් මනාලියට උස්‌ වූ ආකාරයට වේල් එක පැළඳීමට පුළුවන.

03) කර මාලය කරවටා පැළඳීමට බොහෝ මනාලියන් කැමැත්තක්‌ දක්‌වයි. මේ සඳහා ද මනාලයාගේ උස බලපාන බව ඔබ මොහොතකටවත් සිතුවාද?

04) මනාලයා උස නම් මනාලියගේ කර මාලය ගෙලවටා පැළඳිය හැක. මනාලයා එතරම් උස නැතිනම් මනාලියගේ කර මාලය පපු පෙදෙස දක්‌වා දිගුවිය යුතුය. දෙදෙනාගේ ලස්‌සන මතුවන්නේ මෙවැනි පුංචි කාරණා එක්‌වූ තැනදී බව අමතක නොකළ යුතුය.

05) කරාබු ජෝඩුව තෝරා ගැනිමේදීද සැලකිලිමත් විය යුතුය.

  • මනාලයාගේ උස අඩුනම් මනාලියට ටසල් (එල්ලෙන) කරාබු සුදුසු නැත.
  • මනාලයා උස අයෙකු නම් මනාලියට ටසල් කරාබු පැළඳීමේ හැකියාව තිබේ.
  • නැතිනම් ඇය ටසල් කරාබු පැළඳීම කිසිසේත්ව සුදුසු නැත.

06) ඇතැම් මනාලියන් V හැඩති කරට කැමතිය. තවත් අය රවුම් කර සහිත හැට්‌ටයටද කැමතිය. තවත් පිරිසකට හතරැස්‌ කර සහිත හැට්‌ටය සුදුසුය. මනාලයා උස නම් මනාලියට V හැඩැති කර සහිත හැට්‌ටය යෝග්‍යය.

07) හැට්‌ටයේ අතද තීරණය වන්නේ උස අනුවය. මනාලයා උස අයෙකු නම් හැට්‌ට අත දිගුවට මැසීම අවලස්‌සන නැත. එය සුදුසු විලාසිතාවකි.

08) මංගල සාරියේ පොට රැඳවීමේදී එය ඉනටද, උරහිසටද යන්න තීරණය කරන්නේද මනාලයා ගේ උස අනුවය. මනාලයා උස නම් සාරි පොට රැඳවිය යුතු ක්‍රමය උරහිසටය. එනම් ෆිලීට්‌ අප් ක්‍රමයටය.

සැබවින් ම දෙදෙනකු එකතැන සිටින විට දෙදෙනා ගැළපෙන ලෙසින් හැඩවිය යුතුය. මනාලිය හැඩවීමේදී අනිවාර්යයෙන්ම මනාලයාගේ උස පිළිබඳ සැලකිලිමත් විය යුතුමය.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි අතුල මෙන්ඩිස්‌නවලිය පුවත් පත

Share This Article

ජීවිතයේ හොඳම දවස ලස්සන කරගන්නේ කොහොමද?

හොඳ අවබෝධයක් තිබෙන, ඉදිරි ජීවිතය ගැන ගැඹුරින් සිතන අයට පුංචි මංගල උත්සවයක් ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් අය කරන නිසා, තමන්ගේ...

උඩරට ඔසරියට නම් ඇත්දළ පාට වඩා සුදුසුයි

මංගල දිනයට සූදානම් වීමේදී කල්වේලා ඇතිව කළයුතු බොහෝ දේ ගැනත් කල් ඇතිව සූදානම්වීමේ වැදගත්කම ගැනත් අප ගිය සතියේ කතා කළා. මේ...

ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට විශේෂ කරුණු අටක්‌

යුවතිය මනාලියක ලෙස හැඩවීමේදී මනාලයා ඇගේ උසට සමාන අයෙකුනම් පිළිපැදිය යුතු කරුණු බොහෝමයක්‌ තිබේ. මනාලියක්‌ වන යුවතියටත් මනාලිය හැඩගන්වන ශිල්පියාට හෝ...

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

නිසි වයස එළඹෙන සෑම තරුණියකගේම පැතුම යහපත් පෙම්වතෙකි. සහකරුවෙකි. මේ නිසාම බොහෝ යුවතියන් තරුණ වියට එළඹෙත්ම ප්‍රේමයේ පැටලීම සිදුවන්නේ දැන හෝ...

මවගේ රන් ආභරණ හිමිවිය යූත්තේ දුවට පමණද?

ලේලියට රන් ආභරණ ලබාදෙන්නට නැන්දම්මලා අකැමැති ඒවා පිටට යනවා කියලා හිතන නිසයි. බොහොම පැරණි සමාජයේ ඉදලා දෙමව්පියන්ගෙන් දරුවන්ට පරම්පරාවෙන් එන චංචල...

මංගල දිනය අවලස්සන කරන තෙල් - පිටි - සීනි

යුවතියකගේ මංගල දිනයේ වඩාත් සුන්දරව හැඩගැන්වීමට නම් සිරුරේ පැහැය, සමේ නිරෝගීබව , හිසකෙස්, ශරීරයේ හැඩය කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්විය යුතු වෙනවා....