This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
ලස්‌සන මනාලියක්‌ වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්‌
ලස්‌සන මනාලියක්‌ වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්‌

මනාලියක්‌ ලස්‌සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා. එහෙම නම් බලමු මනාලියක්‌ වන යුවතිය මනාලිය වන දිනයේ ලස්‌සනට ඉන්න නම් ඊට මාස තුනකට විතර කලින් කළ යුතු දේවල් මොනවද කියලා.

අනිවාර්යයෙන් ම ඇය රාත්‍රියේ හොඳ නින්දක්‌ ලබාගත යුතුමයි. රෑ බෝ වන තුරු රූපවාහිනි යන්ත්‍රය නරඹමින් නැතිනම් නිකරුණේ කාලය ගත නොකරමින් නොඉද හැකි තරම් ඉක්‌මණින් නින්දට යා යුතුයි. ඒ වගේ ම හිරු එළිය වැටෙන්නට පෙර අවදිවිය යුතුමයි. ඔබම මොහොතක්‌ සිතා බලන්න. දවල්වන තුරු නිදාගෙන නැගිටීමේදී සිරුරට පණනැති ගතියක්‌ ඇතිවෙනවා නේද? අන්න ඒ නිසා තමයි උදෑසන අවදිවිය යුතු වන්නේ. ඒ තුළින් සිරුරට ලැබෙන ප්‍රබෝධමත් බව අමතක කරන්න එපා. මුහුණටත් එම ලස්‌සන ලැබෙන බව අමතක කරන්න එපා. දිගටම එලෙසින් වීමේදී මුහුණේ ලස්‌සන දිගටම පවතිනවා.

ඊළඟ කාරණාව තමයි පිරිසිදු වතුර බෝතල් හයක්‌ පානය කිරීමට වගබලා ගැනීම. එය අමතක කරන්නටත් එපා. ඇත්තටම ජලය පානයෙන් රූපයේ ලස්‌සනට ප්‍රබල පිටිවහලක්‌ ලැබෙනවා.

දැන් අපි ආහාර වේල පිළිබඳ බලමු. උදේ ආහාරයට පාන් බත් වගේ දේවල් ගැනීම වරදක්‌ නෙමෙයි. ඒත් අනිවාර්යයෙන්ම කඩල, මුංඇට, කව්පි වගේ දෙයක්‌ මාරුවෙන් මාරුවට උදේ ආහාරයට එක්‌කර ගත යුතුමයි. ඒ අතරතුරට ගස්‌ලබු, සීනි කෙසෙල් වැනි පලතුරු වර්ගත් එක්‌කර ගැනීමටත් අමතක කරන්න එපා.

දිවා ආහාරයේ දී අනිවාර්යයෙන් ම පලා වර්ගයක්‌ ආහාරයට එකතුකර ගත යුතුයි. දිවා ආහාරය සමබල ආහාර වේලක්‌ ලෙසින් සකස්‌ කර ගැනීම ඔබේ ලස්‌සන සඳහා ඉවහල් වෙයි.

රුව රැකෙන පුංචි රහසක්‌ කියන්නම්. හැකි සෑම විටෙකම අමුවෙන් කැරට්‌ ආහාරයට ගන්න. කැරට්‌ ජුස්‌ ලෙස සකස්‌ කර පානය කිරීමත් හොඳයි. ඇත්තටම කැරට්‌ කියන්නේ සමේ පැහැපත් බවට සම ආරක්‌ෂා කෙරෙන දෙයක්‌.

තවත් කාරණාවක්‌ කියන්නම්. ෆේස්‌ වොෂ් එකක්‌ තෝරාගෙන දිනපතා හොඳින් මුහුණ සෝදන්න. මුහුණ වගේම බෙල්ලත් පිරිසිදු කරන්න. දිනපතා නිසිලෙස කුණු දුහුවිලි ඉවත් කර ගැනීමේදී සමේ කුණු එකතුවන්නේ නැහැ. ඕනෑම සමකට සුදුසු ලෙස තෝරාගත හැකි ෆේස්‌ වොෂ් වර්ග දෙකක්‌ තිබෙනවා.

කැරට්‌ වගේ ම ගස්‌ලබු වලින් සාදා තිබෙන ෆේස්‌ වොෂ් ඕනෑම සමකට හොඳයි.

මනාලියක්‌ ලස්‌සන වෙන්නේ මිල අධික ඇඳුම් ඇඳීමේදී නොවෙයි. හැකි තරම් ආලේපන ගැල්විමේදී නොවෙයි. ඒ සඳහා මුල සිටම රූපය ගැන වෙහෙස මහන්සි විය යුතුයි.

තරබාරු සිරුරක්‌ නම් සිරුරේ හැඩය ඇතිකර ගැනීමට ව්‍යායාමයක යෙදිය යුතු අතර ආහාර පාලනය පිළිබඳ අවදානය යොමු කළ යුතුයි.

ආහාර පාලනය හිතු මනාපයට නොකළ යුතු අතර පෝෂණවේදියකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස්‌ ලබා ගත හැකියි. උසට සරිලන බර පවත්වා ගැනීම අවශ්‍ය නිසා හිතු මනාපයට ආහාර පාලනය නොකළ යුතුමයි.

උපුටා ගැනීම නවලිය

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
මවගේ රන් ආභරණ හිමිවිය යූත්තේ දුවට පමණද?
උඩරට ඔසරිය මනාලියගේ ගාම්භීරත්වය ප්‍රකට කරයි
මංගල දිනයේදී මාල හත පළඳින්නේ ඇයි?
හෝම් කමිං පාට රතුම වෙන්න ඕනෑද?
මටත් තිබූණෙ එහෙම කෙනෙක් එක්ක විවාහ වෙන්න
මනාලියක්‌ වන ඔබට
මංගල සාරිය තෝරා ගැනීම
සැමියාගේ ආදරය අඩූ වැඩිවීම ගැහැනියකගේ ජීවිතයට බලපාන්නේද?
උඩරට ඔසරියට නම් ඇත්දළ පාට වඩා සුදුසුයි