Biz Log
Classifields
Biz Log
Classifields

ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට විශේෂ කරුණු අටක්‌

ලස්‌සන මනාලියක්‌ ලෙස හැඩවෙන්නට කැමති ඔබට විශේෂ කරුණු අටක්‌

  1. මංගල දින පළඳින පාවහන් යුවළ තෝරා ගැනීමේදී මනාලයාගේ උස පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුය.
  2. ඔබ කැමැත්තක්‌ දක්‌වන්නේ උස්‌ වු කොණ්‌ඩා මෝස්‌තරයකට වුවත් මනාලයා උසින් අඩු නම් ඔබට උස්‌ වූ කොණ්‌ඩා මෝස්‌තරය ගැළපෙන්නේ නැත. එවිට ඔබ බෙල්ලට සකස්‌ කරන කොණ්‌ඩා මෝස්‌තරයක්‌ ඔබේ මුහුණට ගැළපෙන ලෙසින් තෝරාගත යුතුය.
  3. වේලය රැඳවීමේදීද විලාසිතා තිබුණද එය පැළඳවිය යුත්තේ මනාලයාගේ උස අනුවය. මනාලයා උසින් වැඩි අයෙකු නම් මනාලියට උස්‌ වූ ආකාරයට වේල් එක පැළඳීමට පුළුවන.
  4. කර මාලය කරවටා පැළඳීමට බොහෝ මනාලියන් කැමැත්තක්‌ දක්‌වයි. මේ සඳහා ද මනාලයාගේ උස බලපාන බව ඔබ මොහොතකටවත් සිතුවාද? මනාලයා උස නම් මනාලියගේ කර මාලය ගෙලවටා පැළඳිය හැක. මනාලයා එතරම් උස නැතිනම් මනාලියගේ කර මාලය පපු පෙදෙස දක්‌වා දිගුවිය යුතුය. දෙදෙනාගේ ලස්‌සන මතුවන්නේ මෙවැනි පුංචි කාරණා එක්‌වූ තැනදී බව අමතක නොකළ යුතුය.
  5. කරාබු ජෝඩුව තෝරා ගැනිමේදීද සැලකිලිමත් විය යුතුය. මනාලයාගේ උස අඩුනම් මනාලියට ටසල් (එල්ලෙන) කරාබු සුදුසු නැත. මනාලයා උස අයෙකු නම් මනාලියට ටසල් කරාබු පැළඳීමේ හැකියාව තිබේ. නැතිනම් ඇය ටසල් කරාබු පැළඳීම කිසිසේත්ව සුදුසු නැත.
  6. ඇතැම් මනාලියන් v හැඩති කරට කැමතිය. තවත් අය රවුම් කර සහිත හැට්‌ටයටද කැමතිය. තවත් පිරිසකට හතරැස්‌ කර සහිත හැට්‌ටය සුදුසුය. මනාලයා උස නම් මනාලියට ඪ හැඩැති කර සහිත හැට්‌ටය යෝග්‍යය. හැට්‌ටය යෝග්‍යය. 
  7. හැට්‌ටයේ අතද තීරණය වන්නේ උස අනුවය. මනාලයා උස අයෙකු නම් හැට්‌ට අත දිගුවට මැසීම අවලස්‌සන නැත. එය සුදුසු විලාසිතාවකි.
  8. මංගල සාරියේ පොට රැඳවීමේදී එය ඉනටද, උරහිසටද යන්න තීරණය කරන්නේද මනාලයා ගේ උස අනුවය. මනාලයා උස නම් සාරි පොට රැඳවිය යුතු ක‍්‍රමය උරහිසටය. එනම් ෆිලීට්‌ අප් ක‍්‍රමයටය. සැබවින් ම දෙදෙනකු එකතැන සිටින විට දෙදෙනා ගැළපෙන ලෙසින් හැඩවිය යුතුය. මනාලිය හැඩවීමේදී අනිවාර්යයෙන් ම මනාලයාගේ උස පිළිබඳ සැලකිලිමත් විය යුතුමය.

Share This Article

ලස්සන මනාලියක් වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්

මනාලියක් ලස්සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා. එහෙම නම් බලමු මනාලියක් වන යුවතිය මනාලිය වන දිනයේ ලස්සනට...

සැමියාගේ ආදරය අඩූ වැඩිවීම ගැහැනියකගේ ජීවිතයට බලපාන්නේද?

ගැහැනියක සාර්ථකත්වයට හා ප්‍රීතියට පත්වීම යනූ ඇය තම සැමියාගේ අප්‍රමාණ ආදරයට ලක්වීමය. එසේ නොමැතිව ඇය කෙතරම් උසස් රැකියාවක් කළද, ධනය, වාහන,...

හෝම් කමිං පාට රතුම වෙන්න ඕනෑද?

හෝම් කමිං එසේත් නැත්නම් දෙවැනි දිනයේදී මනාලියක් කෙසේ සූදානම් විය යුතුද යන්න ගැන අපි අද කතා කරමු. මේ සඳහා සාම්ප්‍රදායික වර්ණය...

මංගල සාරිය තෝරා ගැනීම

මංගල සාරියක් තෝරා ගැනීමේදී සැළකලිමත් විය යුතු වැදගත්ම කරුණ නම් තමන්ට ඒ සඳහා වැය කල හැකි මුදල් ප‍්‍රමාණයයි.සමේ වර්ණය, උස ප‍්‍රමාණය,...

මංගල දිනයට පුංචි කරුණු ටිකක්

මනාලියක් විදිහට ඔබ හැඩවන අවස්ථාව වගේම ඒ දිනයත් ඔබට හුගාක් වැදගත්. ඒ වැදගත්කම දන්න නිසාම ඒ දිනය තවත් සුන්දර කර ගන්න...

වෙඩින් සාරි එකක් හරියටම තෝරා ගන්නේ කොහොමද?

වෙඩින් එකක් කියන්නේ අපි හැමෝගෙම ජීවිතයේ අමතක නොවන ලස්සන දවසක්. ඉතින් එදාට මනාලියක් විදියට ලස්සනට ඉන්න තමයි අපි හැමෝම කැමති නේද?...