මනාලියක් වන ඔබට
![මනාලියක් වන ඔබට](https://www.sithmalyaya.com/images/wedding/wedding-23/larges/bride.jpg)
මනාලියක් වීමට යුවතියක් සිහින මවන්නේ බොහෝ කාලයක සිටයි. මේ සිහිනය සැබෑ කරගන්නට ඇයට විවිධ වූ ක්‍රියාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. මේ සෑම දෙයක් අතරින්ම රූපලාවනය කොටසට හිමි වන්නේ සුවිශේෂී තැනක්. එයට හේතුව මංගල දිනයේදී හැම දෙනාගේම අවධානය නිරන්තරයෙන්ම යොමු වන්නේ මනාලියට වීමයි.
මනාලියක් තමන්ගේ ඇඳුම්, ආභරණ ගැන දක්‌වන තරමටම උනන්දුවක් තමන්ගේ සම ගැනද දැක්‌විය යුතුයි. ඇතැම් යුවතියන් ඉන්නවා. බොහෝම නිරෝගී, පිරිසිදු ලස්‌සන සමක් තියෙන ඔවුන් සිතනවා මගේ සමට ප්‍රතිකාර අවශ්‍ය නෑ මගේ සම ලස්‌සනයි කියලා. නමුත් එහෙම හිතුවොත් ටික දවසක් යනකොට ඒ ලස්‌සන සම අවලස්‌සන වෙන්න පුළුවන්. ඒ නිසා නිරෝගී සමක් වුවත් ගල්වන මොයිෂ්චරයිසර් ක්‍රීම් ආලේප කරලා ආරක්‍ෂා කරගන්න ඕන. ඇතැම් අයගේ සමේ කුරුළෑ ලප කැළැල් තියෙනවා. මේවාට ප්‍රතිකාර ලබා ගන්න ඕන. මේකප්වලින් සෑම කැලලක්‌ම වහගන්න බැහැ. කුරුලෑ සඳහා මුලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕන. ලප, කැළැල්, පැල්ලම්වලට රූපලාවන්‍ය ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. නමුත් මෙය දිනකින් දෙකකින් කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. ඒ නිසා මංගල්‍යයට දින නියම කරගත් විගසම ඔබ රූපලාවන්‍ය ප්‍රතිකාරවලටත් යොමු වීම අවශ්‍යයි.
තවත් කාරණයක් තමයි පේෂල් කිරීම. ඇතැම් අය හිතනවා පේෂල් කරන්න ඕන නෑ කියලා. ඇතැම් රූපලාවන්‍ය ශිල්පීන් පවා පේෂල් කිරීම අවශ්‍ය නෑ කියලා කියන වෙලාවල් තියනවා. නමුත් තමන්ගේ සමට ගැලපෙන ආකාරයෙන් පේෂල් එකක් කිරීම අවශ්‍යයි කියලයි මගේ අදහස. ඇතැම් අයගේ මුහුණේ පේෂල් කලාට පස්‌සේ ගෙඩි, ලප, පලු ආදිය ඇති වෙන්න පුළුවන්. එයට හේතුව සම නියමාකාරයෙන් හඳුනාගෙන නොමැති කමයි. අනෙක් අතට සම අසාත්මිකතාවලට ලක් වීම අපට වලක්‌වන්න බැහැ. සමට ගැලපෙන ක්‍රීම්වර්ගත්, නොගැලපෙන වර්ගත් තියෙනවා. එක් අයෙකුට ගැලපුනු වර්ගය අනෙක් කෙනාට නොගැලපෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ගේ සමට ගැලපෙන වර්ගයේ ආලේපන තෝරා ගැනීමයි වැදගත්ම දේ. පේෂල් එකක් කිරීම මගින් සම නිරෝගී වෙනවා. මුහුණේ තිඛෙන කුණු, දූවිලි හොඳින් ඉවත් වී මුහුණ පැහැපත් වෙනවා. මුහුණෙ නිරෝගී නම් අපට වැඩිපුර ෆවුන්ඩේෂන් ක්‍රීම් එහෙම භාවිත කිරීමට සිදුවන්නේ නෑ. නමුත් සමට ගැලපෙන ස්‌ක්‍රබ් එකක්, ෆෙෂ් වොෂ් එකක්, ජෙල් එකක්, මොයිෂ්චර්රයිසර් ක්‍රීම් එකක් තෝරාගෙන භාවිත කළ යුතුයි. මාසයකට වරක් පමණ පේෂල් එකක් සිදු කර ගැනීමත් හොඳයි. නමුත් මෙය තමන්ගේ රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනියගේ උපදෙස් මත සිදු කළ යුතුයි. වරක් පේෂල් එකක් කළ විට අසාත්මිකතාවක් ඇති වුවහොත් ඔබ පේෂල් කිරීම නැවැත්විය යුතු නැහැ. ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය වෙනස් කිරීමයි කළ යුතු වන්නේ.
මීළග කාරණය තමයි අනවශ්‍ය රෝම. අපි දකිනවා බොහෝ යුවතියන්ගේ මුහුණේ රෝම බහුලව පිහිටා තිඛෙනවා. උඩු තොල අසල හා ඇහි බැම අවට අනවශ්‍ය රෝම ඉවත් කළත් මුහුණේ, දෙකම්බුල්වල අනවශ්‍ය රෝම ඉවත් කිරීම ගැන අවධානය යොමු කරන්නේ නෑ. බොහෝ විට අපි මුහුණේ රෝම ඉවත් කරන්නේ ත්‍රෙඩිං ක්‍රමයෙන්. මෙහිදී නිසි ලෙස රෝම ඉවත්වීම සිදු නොවුනහොත් නූල් පාරවල් මුහුණේ තැන් තැන් වල තියෙනවා. ඒවා මේකප් කරනවිට පේනවා. ඒ නිසා ත්‍රෙඩිං කරනවා නම් නියමිත ලෙස හොඳින් එය කරගත යුතුයි. මංගල දිනයට පෙර පමණක් වැක්‌ස් ක්‍රමය මගින් මුහුණේ රෝම ඉවත් කිරීම කරන්න පුළුවන්. මෙය දිගින් දිගටම කිරීම අවශ්‍ය නෑ. වැක්‌ස් කරන විට සම ඇදෙන්නේ නැතිව ප්‍රවේශමෙන් එය කළ යුතුයි. වැක්‌ස් කර අවසන් වූ වහාම ගැළපෙන මොයිෂ්චර්රයිසර් ක්‍රීම් එකක් ආලේප කිරීම කළ යුතුයි. එයින් මුහුණේ වියළි බව නැති වෙනවා.
සමතැන් ඉල්ලා බටහිර කතුන් සටන් වැදුනත් ආසියාතික කාන්තාවන් ජීවත්වන්නේ සම තැනටත් වඩා ඉහළ තැනකය. ඒ නිසි තැනයි. ගැහැණියටක පවූල තුළ සමාජය...
මංගල දිනයකදී අප ඇස් පුරා දකින්නට බලාපොරොත්තු වෙන්නේ මනාලියගේ සැබෑ සුන්දරත්වයයි. චාම්බව මනාලිය වන යුවතියට කෙතරම් ආඩම්බරයක්ද? එහෙත් දැන් බොහෝ විට...
හොඳ අවබෝධයක් තිබෙන, ඉදිරි ජීවිතය ගැන ගැඹුරින් සිතන අයට පුංචි මංගල උත්සවයක් ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් අය කරන නිසා, තමන්ගේ...
අද කාලේ ඇතිවෙන ආදර සබදතා අතරමග නතර වෙන්න ප‍්‍රධාන හේතුව තමයි එකිනෙකාට එකිනෙකා තේරුම් නොගැනීම. ඒ වගේම ගොඩක් දෙනා කැමති නැහැ...
මංගල දිනයට සූදානම් වීමේදී කල්වේලා ඇතිව කළයුතු බොහෝ දේ ගැනත් කල් ඇතිව සූදානම්වීමේ වැදගත්කම ගැනත් අප ගිය සතියේ කතා කළා. මේ...
ලේලියට රන් ආභරණ ලබාදෙන්නට නැන්දම්මලා අකැමැති ඒවා පිටට යනවා කියලා හිතන නිසයි. බොහොම පැරණි සමාජයේ ඉදලා දෙමව්පියන්ගෙන් දරුවන්ට පරම්පරාවෙන් එන චංචල...