මධුසමයට පිටත්වීම
මධුසමයට පිටත්වීම නැතිනම් Going Away යනුවෙන් හඳුන්වන අළුත් අනවශ්‍ය විලාසිතාවක් දැන් මංගල උත්සවවලට එකතු වී ඇත. මනාලියක් නිවසින් හෝ මංගල උත්සවය පැවති ශාලාවෙන් පිටවී යා යුත්තේ මනාලියක් ලෙසින්මය. අප මංගල උත්සව පවත්වන්නේ චාරිත්‍රානුකූලව, පුරාණ සිරිත් විරිත් අනුවය. අපේ විවාහ චාරිත්‍රවල කොතනකවත් මධුසමයට යාමට වෙනම විලාසිතාවක් තිබී නැත. මෙහිදී සිදුවී ඇත්තේ කොහෙන් හෝ පැමිණි විලාසිතාවක් අපේ මංගල උත්සවයට එකතු කරගෙන එය විලාසිතා දැක්මක් බවට පත්කර ගැනීමයි. මංගල උත්සවයට නැකැත් බැලීමක් සිදුවේ. උත්සවයට ආරාධනා කිරීම, කෑම හැදීමට පටන් ගැනීම, පෝරුවට නැගීම ආදී සියල්ල සිදුවන්නේ නැකතටය. අවසාන නැකත මනාල යුවල පිටත්වන නැකැතයි. අපි මනාල ඇඳුම් ගලවා දමා වෙනත් දෙයක් ඇඳගෙන වෙනමම දෙන්නෙක් ලෙස පිටත්වී යයි. මෙය කිසිසේත්ම ගැලපෙන්නක් නොවේ. මෙයින් මුදල් නාස්තියක්ද සිදුවේ. ඛොහෝ අය මංගල ඇදුම තරමටම හෝ ඊටත් වඩා මේ මධුසමයට පිටත්වීමේ ඇදුමට වියදම් කරයි. මෙය අනවශ්‍ය වියදමකි.ඇතැම් විට මේ හදන ඇුම නැවත කිසි දිනෙක ඇදීමට පවා නොහැකිය. ඒනිසා මෙවන් විලාසිතාවක් සඳහා මුදල් වැය කරනවාදැයි ඔබ දෙවරක් සිතා බැලිය යුතුමය
විවාහ දිනය ජීවිතයක අපූරු සංධිස්ථානයක් කිව්වොත් එය නිවැරැදියි. පැරැණි සමාජය විවාහ දිනය හැඳීන්වූයේ දෙවැනි උපත හැටියටයි. තනිකඩ ජීවිතයක වගකීම සමබරව ඛෙදා...
ගැහැනියක සාර්ථකත්වයට හා ප්‍රීතියට පත්වීම යනූ ඇය තම සැමියාගේ අප්‍රමාණ ආදරයට ලක්වීමය. එසේ නොමැතිව ඇය කෙතරම් උසස් රැකියාවක් කළද, ධනය, වාහන,...
හෝම් කමිං එසේත් නැත්නම් දෙවැනි දිනයේදී මනාලියක් කෙසේ සූදානම් විය යුතුද යන්න ගැන අපි අද කතා කරමු. මේ සඳහා සාම්ප්‍රදායික වර්ණය...
මනාලියක් ලස්සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා. එහෙම නම් බලමු මනාලියක් වන යුවතිය මනාලිය වන දිනයේ ලස්සනට...
මනාලියක් ලස්සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා. එහෙම නම් බලමු මනාලියක් වන යුවතිය මනාලිය වන දිනයේ ලස්‌සනට...
මංගල සාරියක් තෝරා ගැනීමේදී සැළකලිමත් විය යුතු වැදගත්ම කරුණ නම් තමන්ට ඒ සඳහා වැය කල හැකි මුදල් ප‍්‍රමාණයයි.සමේ වර්ණය, උස ප‍්‍රමාණය,...