ලස්සන මනාලියක් වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්
![ලස්සන මනාලියක් වෙන්න කැමති ඔබට රුව රැකෙන රහස්](https://www.sithmalyaya.com/images/wedding/wedding-17/larges/sri-lanka-wedding-bridal-dressing.jpg)
මනාලියක් ලස්සන වෙන්නෙ ආලේපන තුළින් ම නොවන බව දැන් ඔබ දන්නවා. එහෙම නම් බලමු මනාලියක් වන යුවතිය මනාලිය වන දිනයේ ලස්සනට ඉන්න නම් ඊට මාස තුනකට විතර කලින් කළ යුතු දේවල් මොනවද කියලා.
- අනිවාර්යයෙන් ම ඇය රාත්‍රියේ හොඳ නින්දක් ලබාගත යුතුමයි. රෑ බෝ වන තුරු රූපවාහිනි යන්ත්‍රය නරඹමින් නැතිනම් නිකරුණේ කාලය ගත නොකරමින් නොඉද හැකි තරම් ඉක්මණින් නින්දට යා යුතුයි.
- ඒ වගේ ම හිරු එළිය වැටෙන්නට පෙර අවදිවිය යුතුමයි. ඔබම මොහොතක් සිතා බලන්න. දවල්වන තුරු නිදාගෙන නැගිටීමේදී සිරුරට පණනැති ගතියක් ඇතිවෙනවා නේද? අන්න ඒ නිසා තමයි උදෑසන අවදිවිය යුතු වන්නේ. ඒ තුළින් සිරුරට ලැඛෙන ප්‍රබෝධමත් බව අමතක කරන්න එපා. මුහුණටත් එම ලස්සන ලැඛෙන බව අමතක කරන්න එපා. දිගටම එලෙසින් වීමේදී මුහුණේ ලස්සන දිගටම පවතිනවා.
- පිරිසිදු වතුර බෝතල් හයක් පානය කිරීමට වගබලා ගැනීම. එය අමතක කරන්නටත් එපා. ඇත්තටම ජලය පානයෙන් රූපයේ ලස්සනට ප්‍රබල පිටිවහලක් ලැඛෙනවා.
- උදේ ආහාරයට පාන් බත් වගේ දේවල් ගැනීම වරදක් නෙමෙයි. ඒත් අනිවාර්යයෙන්ම කඩල, මුංඇට, කව්පි වගේ දෙයක් මාරුවෙන් මාරුවට උදේ ආහාරයට එක්කර ගත යුතුමයි. ඒ අතරතුරට ගස්ලබු, සීනි කෙසෙල් වැනි පලතුරු වර්ගත් එක්කර ගැනීමටත් අමතක කරන්න එපා.
- දිවා ආහාරයේ දී අනිවාර්යයෙන් ම පලා වර්ගයක් ආහාරයට එකතුකර ගත යුතුයි. දිවා ආහාරය සමබල ආහාර වේලක් ලෙසින් සකස් කර ගැනීම ඔබේ ලස්සන සඳහා ඉවහල් වෙයි. රුව රැකෙන පුංචි රහසක් කියන්නම්. හැකි සෑම විටෙකම අමුවෙන් කැරට් ආහාරයට ගන්න. කැරට් ජුස් ලෙස සකස් කර පානය කිරීමත් හොඳයි. ඇත්තටම කැරට් කියන්නේ සමේ පැහැපත් බවට සම ආරක්ෂා කෙරෙන දෙයක්.
- ෆෙස් වොෂ් එකක් තෝරාගෙන දිනපතා හොඳින් මුහුණ සෝදන්න. මුහුණ වගේම ඛෙල්ලත් පිරිසිදු කරන්න. දිනපතා නිසිලෙස කුණු දුහුවිලි ඉවත් කර ගැනීමේදී සමේ කුණු එකතුවන්නේ නැහැ. ඕනෑම සමකට සුදුසු ලෙස තෝරාගත හැකි ෆෙස් වොෂ් වර්ග දෙකක් තිඛෙනවා. කැරට් වගේ ම ගස්ලබු වලින් සාදා තිඛෙන ෆෙස් වොෂ් ඕනෑම සමකට හොඳයි.
- මනාලියක් ලස්සන වෙන්නේ මිල අධික ඇඳුම් ඇඳීමේදී නොවෙයි. හැකි තරම් ආලේපන ගැල්විමේදී නොවෙයි. ඒ සඳහා මුල සිටම රූපය ගැන වෙහෙස මහන්සි විය යුතුයි. තරබාරු සිරුරක් නම් සිරුරේ හැඩය ඇතිකර ගැනීමට ව්‍යායාමයක යෙදිය යුතු අතර ආහාර පාලනය පිළිබඳ අවදානය යොමු කළ යුතුයි.
- ආහාර පාලනය හිතු මනාපයට නොකළ යුතු අතර පෝෂණවේදියකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත හැකියි. උසට සරිලන බර පවත්වා ගැනීම අවශ්‍ය නිසා හිතු මනාපයට ආහාර පාලනය නොකළ යුතුමයි.
උපදෙස් ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පි අතුල මෙන්ඩිස්
ලේලියට රන් ආභරණ ලබාදෙන්නට නැන්දම්මලා අකැමැති ඒවා පිටට යනවා කියලා හිතන නිසයි. බොහොම පැරණි සමාජයේ ඉදලා දෙමව්පියන්ගෙන් දරුවන්ට පරම්පරාවෙන් එන චංචල...
මනාලියක් වීමට යුවතියක් සිහින මවන්නේ බොහෝ කාලයක සිටයි. මේ සිහිනය සැබෑ කරගන්නට ඇයට විවිධ වූ ක්‍රියාවන්ට මුහුණ දීමට සිදු වෙනවා. මේ...
හෝම් කමිං එසේත් නැත්නම් දෙවැනි දිනයේදී මනාලියක් කෙසේ සූදානම් විය යුතුද යන්න ගැන අපි අද කතා කරමු. මේ සඳහා සාම්ප්‍රදායික වර්ණය...
කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?
බොහෝ යූවතියන් පෙම් සබඳතා පවත්වන්නේ තම පෙම්වතාගේ බොහෝ නොගැළපීම් ඇති බව වටහා ගනිමිනි. එනම් ඔහූගෙන් ලබන පීඩනය බොහෝ දැඩි බව අවබෝධ...
ස්වයං වින්දනය කියන දේ මේ වෙද්දි හරි සාමාන්‍ය කරුණක් වී තිබෙනවා. ඒ වගේම තමයි ස්වයං වින්දනය පිරිමින්ට විතරක් කියන මතය මෑත...
නිසි වයස එළඹෙන සෑම තරුණියකගේම පැතුම යහපත් පෙම්වතෙකි. සහකරුවෙකි. මේ නිසාම බොහෝ යුවතියන් තරුණ වියට එළඹෙත්ම ප්‍රේමයේ පැටලීම සිදුවන්නේ දැන හෝ...