Biz Log
Classifields
Biz Log
Classifields

වෙඩින් සාරි එකක් හරියටම තෝරා ගන්නේ කොහොමද?


වෙඩින් එකක් කියන්නේ අපි හැමෝගෙම ජීවිතයේ අමතක නොවන ලස්සන දවසක්. ඉතින් එදාට මනාලියක් විදියට ලස්සනට ඉන්න තමයි අපි හැමෝම කැමති නේද? ඉතින් ඔයාලා සාරියකින් සැරසෙන්න හිතන් ඉන්නවානම් ඔයාලාගේ ඇඟට ගැළපෙන ලස්සන සාරියක් තෝරා ගන්න එක ලේසි වැඩකුත් නෙමේ නේද? ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. කොයි වගේ සාරියක්ද මම අදින්න ඕනා? මගේ ඇඟේ පැහැයට ගැලපෙන්නේ මොන වගේ සාරියක්ද? මගේ උසට ගැළපෙන්නේ කොයි වගේ වෙඩින් සාරියක්ද? වගේ නොයෙකුත් ප්‍රශ්න.

ඉතින්, අපි අද හිතුවා ඔයාලට හරියටම match වෙන වෙඩින් සාරි එකක් select කර ගන්න උදව් වෙන tips ටිකක් ගැන කතා කරන්න. ඇත්තටම මේ tips, මනාලියන්ට විතරක් නෙමේ සාරියකින් හැඩ වෙන්න කැමති ඕනෑම තරුණියකට shopping කරද්දී සලකල බැලිය හැකි කරුණු.

සාරි එකක් මිලදී ගැනීමට යද්දී මුලින්ම සැලකිලිමත් විය යුතු කරුණු :

  • සාරිය ඇදීමට බලාපොරොත්තු වන අයුරු තීරණය කල යුතුයි. මොකද එය, ඔයාගේ පෙනුමට බලපායි.
  • සාරි එකේ රෙදි වර්ගය
  • සාරි එකේ බෝඩර් එකේ ප්‍රමාණය (ඔයා උස තරුණියක් නම්, මහත් බෝඩර් එකක් සහිත සාරියක් match වෙන අතර ඔයා මිටි කෙනෙක් නම්, බෝඩර් එකක් නැති හෝ කුඩා බෝඩර් එකක් තියෙන සාරියක් ගැලපේ) 
  • සාරි එකේ මෝස්තරය (එම්බ්‍රෝඩර්, ගල් නිර්මාණ වැනි; ඔයා සිහින් තරුණියක් නම්, heavy work සාරි එකක් ගැලපේ)

ශරීරයේ හැඩය අනුව කොහොමද perfect සාරි1ක් තෝරා ගන්නේ?

  • ඔයා උස තරුණියක් නම් පළල් heavy බෝඩරයක් තියෙන සාරි තෝරා ගන්න. මේ වගේ සාරි උස සිහින් තරුණියන්ට ඉතා අලංකාර පෙනුමක් ලබා දේ
  • ඔයා මිටි තරුණියක් නම් කුඩා බෝඩර් තියෙන, ලා පැහැති සහ සිරස් අතට මෝස්‌තර ඇති සාරි තෝරා ගන්න. වෙඩින් සාරි විතරක් නෙමේ අනිත් අවස්ථාවන්ට අදින සාරි සදහාත් මේ ටිප් එක ප්‍රයෝජනවත්. Chiffon, Georgette, Shimmer සහ Silk සාරි උසින් අඩු තරුණියන්ට ගොඩක් හොදයි.
  • ඔයා ගොඩක් කෙට්ටු තරුණියක් නම් heavy සිල්ක් සාරි ගොඩක් ගැලපෙනවා.

ඉතින්, ඔයාලා සාරියක් ගන්න යන විට මේ පුංචි tips follow කලොත්, අනිත් girls ලට වඩා හැඩට ඉන්න පුළුවන්....

Share This Article