Biz Log
Classifields
Biz Log
Classifields

පොල් ටොෆි

පොල් ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :

  • ගා ගත් පොල් 200g
  • සීනි 150g
  • මිල්ක් මේඩ් 100g
  • බටර් 20g
  • කැමති පාටක අහාර වර්ණකයක්

සාදන ආකාරය :

පියවර 01

මුලින්ම පිරිසිදු භාජනයක් ලිපේ තියන්න. (සැර දේවල් හදපු භාජන ගන්න එපා) රත් වෙද්දි බටර් ටික දාන්න. බටර් ටික දිය වෙද්දි  සිනි ටික දාන්න. ඒකටම මිල්ක් මේඩ් ටිකත් දාන්න. හොදින් හැදි ගාන්න. මද ගින්නේ නිතරම හැදි ගාන්න. දියරය බුබුලු දාද්දි පොල් ටික එකතු කරන්න. නොනවත්වාම හැදිගන්න ඕනේ නැත්තම් අඩියට අල්ලනවා. ඔබේ අහාර වර්ණකය එකතු කරන්න. බින්දු දෙක තුනක් දාන්න. ගොඩක් දාන්න එපා. හොදින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය එක ගුලියක් වගේ එකතු වෙන වෙලාවක් එනවා. ඒ වෙලාවේ ලිපෙන් බාගන්න.

මේ මිශ්‍රණය තුනී කරන්න ලෑල්ලක් හරි තැටියක් හරි ඕනේ වෙනවා. ඒක කලින් ලෑස්ති කරගෙන තියා ගන්න. මිශ්‍රණය අගල් බාගයක් විතර උස තියෙන්න තුනී කරගන්න. හොදින් තද වෙන්න තුනී කරන්න. කොටු කපලා නිවෙන්න තියන්න. හරියට පදමට ගත්තොත් උඩ ටිකක් හයි වෙච්ච මැද ගොඩක් මෘදු පොල් ටොෆියක් ඔයාට ලැබෙයි. හදලා බලන්න. ගොඩක් රසයි.

Share This Article

රසවත් තල ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය :තල ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 200 වතුර කෝප්ප 1/3 වැනිලාසාදා ගන්නා ක්‍රමය :පළමුව තල ‍හොදින් සෝදා ගරා වියළා ගන්න. භාජනයකට සීනි දමා...

බටර් කුකීස්

සාම්ප්‍රධායික කෑම මේසට වෙනස් රසක් එක් කරමුද? ලේසියෙන්ම සකසා ගන්න පුළුවන් ඔබ හදන බටර් කූකිස් කවුරුත් ආසාවෙන් රස විදීවි.අවශ්‍ය ද්‍රව්‍ය :අයිසින්...

චොක්ලට් ෆජ්

බොහෝම ‍පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු...

රස දිව පිනවන බතල ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය : හොඳින් තම්බාගත් බතල කෝප්ප 1 යිසීනි කෝප්ප 1 1/2 යිකිරි පිටි මේස හැඳි 2 යිලුණු කුඩු ස්වල්පයක්වැනිලාරෝස හෝ කොළ...

පැණි වළලු

අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීම‍ට පොල්...

කජු අලුවා

අවුරුදු මේසයේ පොඩිත්තන් ආසම කෑම අලුවා. වෙනසකටත් එක්ක කජු අලුවා කෑල්ලක රස විදිමු.අවශ්‍ය ද්‍රව්‍ය :කජු මද ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 500බටර් ග්‍රෑම්...