පොල් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :
- ගා ගත් පොල් ග්‍රෑම් 400ක්
- සීනි ග්‍රෑම් 500ක්
- බැදගත් රුලං ග්‍රෑම් 100ක්
- වතුර කෝප්ප 2 1/2ක්
- පාන් පිටි ග්‍රෑම් 175ක්
- වියළි මිදි ග්‍රෑම් 50ක්
- රටඉඳි ග්‍රෑම් 300ක්(සාමාන්‍ය කැබැලි වලට කපා ගන්න)
- මාදුරු තේ හැඳි 1/2ක් සහ එනසාල් ස්වල්පයක් බැද කුඩු කරගන්න
- කජු ග්‍රෑම් 150ක් (සාමාන්‍ය කැබැලි වලට කපා ගන්න)
- වැනිලා තේ හැඳි 1 1/2ක්
- ලුණු තේ හැඳි 1/4ක්
- බේකිං පවුඩර් තේ හැඳි 1ක්
- සැරසීම සඳහා කජු මද කිහිපයක්
පළමුව සීනි ග්‍රෑම් 500න් ස්වල්පයක් ගෙන බඳුනක් ළිප තබා සීනි කැරමල් කරගන්න. පසුව එයට වතුර කෝප්ප දෙකහමාර දමා ඉතිරි සීනි ටික එයට දමා ගන්න. සීනි හොඳින් දිය වූ පසු පොල් එයට දමා ගන්න. (පැණිපොල් ආකාරයට) මෙය සාමාන්‍ය උකු ස්වභාවකට පැමිණි පසුව ළිපෙන් බාගන්න.
පාන් පිටි සහ බේකිං පවුඩර් පෙනේරයකින් හලා එයට පැණිපොල් මිශ්‍රණය දමා කලවම්කර ඉහත කී සියලු ද්‍රව්‍ය එයට දමා හොඳින් කලවම් කරගන්න.
කේක් තැටියකට බේකිං පේපර් එකක් දමා එහි බටර් ස්වල්පයක් තවරා සාදා ගත් මිශ්‍රණය එයට දමන්න. කජු මද ටිකක් මිශ්‍රණයේ උඩින් තබා ලස්සන කරගන්න. බේක් කිරීමට පෙර අවන් එක රත්කරගෙන සෙල්සියස් අංශක 175ක උෂ්ණත්වයට සැකසූ අවන් එකේ විනාඩි 45ක පමණ වේලාවක් තබා බේක්කර ගන්න. සීනී වෙනුවට පොල් පැණි ද යොදා ගත හැකියි.
බොහෝම පහසුයි. ඔබ කිරි ටොෆී හදනවා වගේමයි. ඒත් රස නම් ඊට වඩා වෙනස්.අවශ්‍ය ද්‍රව්‍ය :මිල්ක් මේඩ් ග්‍රෑම් 400අයිසින් සීනි කෝප්ප ½ කජු...
අවුරුද්දට පුරුද්දට වගේ තල කැරලි අනිවාර්යෙන් තියනවා. ඒ තල කැරලි මේ අළුත් අවුරුද්දේ නිවසේම සකසා ගන්න ඔබ කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :සෝදා පිරිසිදු...
අවශ්‍ය ද්‍රව්‍ය :උදු ඇට ග්‍රෑම් 500හාල් පිටි ග්‍රෑම් 250මිටි කිරි අඬු කෝප්ප 5ලුණු තේ හැඳි 2පැණි අඬු කෝප්ප 4බැඳ ගැනීමට පොල්...
ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි රෝයල් අයිසින් කියන්නේ. මේ රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ මෝස්තර සදහා.අවශ්‍ය ද්‍රව්‍ය :ශීතකරණයේ නොදැමූ බිත්තර සුදුමද...
අවශ්‍ය ද්‍රව්‍යය :කඩල පිටි ග්‍රෑම් 250හාල් පිටි මේස හැඳි 1බේකිං සෝඩා තේ හැඳි 1/2සීනි ග්‍රෑම් 400රෝස වතුර තේ හැඳි 1කහ කුඩු...