Biz Log
Classifields
Biz Log
Classifields

කිසස් හදමු

කිසස් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර සූදු මද 3
  • සිහින් කැට සීනි ග්‍රෑම් 300 (රෝලින් පින් එකෙන් අඹරාගන්න)
  • වැනිලා තේ හැඳි 1·2
  • කැමති වර්ණයක කලරිං තේ හැඳි 1·2
  • කුඩාවට කපාගත් කජූ ග්‍රෑම් 50
  • ලුණූ ස්වල්පයක් (ඇඟිලි දෙකට අසූවන ප්‍රමාණය)

සාදන ක්‍රමය :

බිත්තර සූදු මද හොඳින් බීටි කරගන්න. වැඩිම වේගයෙන් නවත්වන්නේ නැතිව ලුණූ දමාගෙන බීටි කරගන්න. බිත්තර සූදුමද හිම මෙන් පෙන නගින තෙක් බීටි කරගන්න. අතර මග බීටි කිරීම නවත්වන්න එපා.

බෝල් එක අනෙක් පැත්තට හැරෙව්වත් බිත්තර සූදු මද වැටෙන්නේ නැති පදමට බීටි කර ගන්න. පසූව සීනි ස්වල්පය බැගින් එකතු කරමින් මිශ්‍රණය ඝනවන තුරු බීටි කරගන්න. මෙයට වර්ණක, වැනිලා, කජූ දමාගන්න දෑන් මිශ්‍රණය ලොකු පේස්ට්‍රි බෑග් එකකට දමා, ලොකු තරු නොසලයකින් බටර් තවරන ලද තැටියකට පයිප් කරගන්න.

කිසස් බේක් කර ගැනීමට පෙර උදුන හොඳින් රත් වෙන්නට තැබීම අවශ්‍යයි. උෂ්ණත්වය ෆැරන්හයිටි අංශක 400 විය යූතුයි. පයිප් කරගත් කිසස් විනාඩි 10 - 12 දක්වා කාලයක් බේක් කර ගන්න

Share This Article

කොකනට් බර්ෆි

තවත් ලෙසීයෙන්ම සකසා ගත හැකි කුඩා දරුවන් ආසම කෑමක්.අවශ්‍ය ද්‍රව්‍ය :ඩෙසිකේටඩ් කොකනට් ග්‍රෑම් 350මිල්ක්මේඩ් ග්‍රෑම් 400කජු ග්‍රෑම් 100සාදා ගන්නා ක්‍රමය :පොල්...

‍රෝයල් අයිසින්

ඔන්න තවත් අයිසින් කරන විදිහක් තමයි ‍රෝයල් අයිසින් කියන්නේ. ‍මේ ‍රෝයල්අයිසින් එක භාවිතා කරන්නේ ‍මෝස්තර සදහා.අවශ්‍ය ද්‍රව්‍ය :ශීතකරණ‍යේ ‍නොදැමූ බිත්තර සුදුමද...

ජෑම් බිස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 90බේකිං පවුඩර් තේ හැදි 1/2මාගරින් ග්‍රෑම් 60සීනි ග්‍රෑම් 60බිත්තර කහ මද 1වැනිලා තේ හැදි 1කජු ග්‍රෑම් 50ජෑම්...

කොකනට් ස්නෝ බෝල්ස්

කොකනට් ස්නෝ බෝල්ස් පොඩ්ඩන් අතර ඉතාම ජනප්‍රිය රසකැවිල්ලක්. විශේෂයෙන්ම නත්තල් කාලයෙදී නම් ගෙවල්වල මේ කොකනට් ස්නෝ බෝල හදන්න අමතක කරන්නෙම නැහැ.අවශ්‍ය...

 රුලං ලඩ්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය:රුලං ග්‍රෑම් 500සීනි ග්‍රෑම් 250කජු ග්‍රෑම් 100 (කපාගත්) එළඟිතෙල් මේස හැඳි 1සුල්තානා ග්‍රෑම් 50එනසාල් තේ හැඳි 1වැනිලා තේ හැඳි 1ටින්...

පොල් ටොෆි

අවශ්‍ය ද්‍රව්‍ය : ගා ගත් පොල් 200gසීනි 150gමිල්ක් මේඩ් 100gබටර් 20gකැමති පාටක අහාර වර්ණකයක් සාදන ආකාරය : පියවර 01 මුලින්ම...