Biz Log
Classifields
Biz Log
Classifields

නිවිති සුප්

නිවිති සුප්


අවශ්‍ය ද්‍රව්‍ය : 

  • නිවිති ග්‍රෑම් 500
  • පාන් පිටි ග්‍රෑම් 100
  • බටර් ග්‍රෑම් 50
  • කිරිපිටි තේ හැඳි 4
  • එළවළු තම්බපු වතුර ලීටර් 1 1/2
  • ලුණු හෝ ගම්මිරිස් පදමට

සාදා ගන්නා ක්‍රමය : 

දඩු සහිත නිවිති කැබලි වලට කපා ගන්න. භාජනයක් ගෙන ලිපේ තබා එයට බටර් දමා රත්වේගෙන එනවිට එයට පාන් පිටි දමා තලපයක් සේ සාදා එයට නිවිති දමා කවලම් කර ගන්න. එසේ කර අවසානයේ එළවළු තම්බපු වතුර ද එක්කර නිවිති තම්බා ගන්න. ලිපෙන් බා නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කරගෙන පෙරා ගන්න. එසේ නැවතත් ලිපේ තබා රත්කර ගන්න. එසේ රත් කරන ගමන් හැඳි ගාමින් උඩට එන සෙවල ගතිය ඉවත් කර ගන්න. අවසානයේ කිරිපිටි හැඳි හතර දියකර සුප් එකටම දමා ලුණු, ගම්මිරිස් දමා පදම බලා බා ගන්න.

Share This Article

පාන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පෙති 3-4 බටර් ටිකක් බිත්තරයක් දියකරගත් පිටිකිරි හෝ කල්කිරි ටිකක් මස් හෝ මාළු තම්බාගත් වතුර ලීටරයක් පමණ චීස් කැබැල්ලක් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්සාදා...

පොල්පලා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය : පිරිසිදු කරගත් පොල්පලා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදුළූනු බික් 2-3 ලුණු අවශ්‍ය පමණ වතුර කෝප්ප 3 පොල්කිරි කෝප්ප 2සාදා ගන්නා ක්‍රමය : සාමාන්‍ය...

මිශ්‍ර වෙජිටබල් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :අල ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 150 කැරට් ග්‍රෑම් 50 ගෝවා ග්‍රෑම් 50 සුදු ළුෑනු බික් 04 රතු ළුෑණු ගෙඩි 04 ගෝවා මල් ග්‍රෑම් 50 ලුණු පදමට දෙහි...

මාළු සුප්

අවශ්‍ය ද්‍රව්‍ය :මාළු ග්‍රෑම් 200(සුදු පැහැති මාළු වර්ගයක්) මාළු ස්ටෝක් ලීටර් 1 තක්කාලි 50g බටර් තේ හැඳි 1 සේර ස්වල්පයක් බීළූණුගෙඩි 01 සැල්දිරි ග්‍රෑම් 10 සුදුළූණු ග්‍රෑම්...

ඉරිගු සහ කොත්තමල්ලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ඇට වෙන්කර ගත් ඉරිගු කරල් 1 කුඩුකරගත් කොත්තමල්ලි තේ හැදි 2 තක්කාලි ගෙඩි 1 කැරට් අල 2 ලියාගත් ළූණු ගස් කීපයක් තෙල් මේසහැදි...

තක්කාලි සුප්

අවශ්‍ය ද්‍රව්‍ය : ඉදුණු තක්කාලි ග්‍රෑම් 500 හීනියට කපා ගත් ලොකු ළුෑණු ගෙඩි 1/2 එළවළු තෙල් තේ හැඳි 02 කපා ගත් සුදු ළුෑනු බික් 04 ලූණු...