මාලු ඉඹුල් කිරි බතක්
අවශ්‍ය ද්‍රව්‍ය :
සුදු සහල් කිරි බත්
රතු සහල් කිරි බත්
තලපත් මාලු ග්‍රෑම් 100
බල මාලු ග්‍රෑම් 100
ඉස්සන් ග්‍රෑම් 100
දැල්ලන් ග්‍රෑම් 100
මිරිස් කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු මේස හැඳි 1/
තුනපහ කුඩු මේස හැඳි 1/2
ගොරකා පේස්ට් ටිකක්
ලුණු කුඩු
කරපිංචා
උලුහාල් ඇට කීපයක්
තෙල් ටිකක්
සුදු ලුනු බික් දෙකක්
සාදා ගන්නා ක්‍රමය :
මාලු වර්ග සියල්ල හොඳින් සෝදා කුඩා කොටු ලෙස කපා ගන්න. සුදු ලුනු ටික තලා ගන්න. කරපිංචාද ඉතා කුඩාවට කපා ගන්න. දැන් තෙල් ටික ලිප තබා රත් කරන්න. සුදු ලුනු, උලු හාල් බැදෙන්නට හරින්න. බැදීගෙන එන විට මාලු වර්ග ටික දමා තෙලෙන්ම ටික වේලාවක් තැම්බෙන්නට හරින්න. දැන් පහේ කුඩු වර්ග ලුණු හා ගොරකා පේස්ටිද වතුර හෝ කිරි ඉතා ස්වල්පයක්ද එකතු කර හොදින් තම්බා ඉස්ම සිදුවා ගන්න. දැන් ටිකක් ඝනකම් බත් ඔතන කොලයක් හෝ පුවක් කොලපු කැබැල්ලක් ගන්න. සුදු කිරි බත් හැන්දක් පමණ දමා අතින් කුඩා වලක් ලෙස සාදා ගන්න. දැන් මාලු කරියෙන් ටිකක් එහි දමන්න. දැන් එය වැඩෙන ආකාරයට රතු කිරි බත් තට්ටුවක් එහි දමන්න. දැන් කොලය දෙපැත්තෙන් විරුද්ධ පැති වලට අඹරවන්න. මේ ආකාරයට කිි බත් කැට සාදා ගන්න. මෙය පිලිගන්වන විට ලුණු මිරිස් හෝ තවත් හොදි ටිකක් හෝ දමා පිලිගැන්විය හැකිය.
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් රාත්තල් 1 1/2දුන්තෙල් අවුන්ස 3ස්ටොක් සාරය පයින්ට් 3 1/2බිත්තර 4න් සිහින්ව සාදා ගත් ඔම්ලට් කජු අවුන්ස 4සුල්තානා මිදි...
අවශ්‍ය ද්‍රව්‍ය :සුදු කැකුළු සහල් ග්‍රෑම් 500ක්මිටිකිරි කෝප්ප 03ක්හකුරු ග්‍රෑම් 250ක්වියළි මිදි ග්‍රෑම් 50ක්අවශ්‍ය තරම් වතුරරස අනුව ලුණුසාදන ආකාරය :01. පළමුව...
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1 1/2කරදමුංගු කුඩු තේ හැදි 2කරාබු නැටි 5කුරුදු පොතු අගල් 1 පමණ කැබැල්ලක්ගම්මිරිස් තේ කුඩු හැදි...