පොකිරිස්සන් බත
- තම්බා ගත් ලොකු පොකිරිස්සන් කිලෝ ග්‍රෑම් 1
- තක්කාලි ග්‍රෑම් 225
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 02
- කරාබු නැටි 04
- කුරුඳු කැබැල්ලක්
- දුන් තෙල් ම්.ලි. 60
- අඹරා ගත් සුදු ළුණු බික් 6-8
- කැබලි කර ගත ළුණු ග්‍රෑම් 50
- කරපිංචා කිනිති 02
- එනසාල් ගෙඩි 04
- කොත්තමල්ලි කොළ මිටි 01
- දෙහි ගෙඩි 1/2 ඇඹුල්
- මුදවපු කිරි ග්‍රෑම් 250
- මිරිස් කුඩු තේ හැඳි 02
- ලුණු කුඩු තේ හැඳි 02
- බාස්මති ග්‍රෑම් 700
- කුරුඳු කැබලි 01 (අඟල් 02)
- රම්පේ කැබැල්ලක් (අඟල් 04)
- කරපිංචා කිනිති 02
- කරාබු නැටි 04
- ලියා ගත් ළුණු ග්‍රෑම් 100
- කුකුල්මස් / පොකිරිස්සන්
- වඩා සැර නැති ස්ටොක්පයි 4-5
- එනසාල් ගෙඩි 6-10
- දුන්තෙල් ග්‍රෑම් 100
පොත්ත ඉවත් කල පොකිරිස්සන් 1 1/2" කෑලි කපා අනෙක් ද්‍රව්‍ය සමග මුදවපු කිරි වල බහා තබන්න.
තෙල් උණු කර ලුණුද, කුළු බඩුද එක්කර ලුණු රන්වන් පැහැ වනතුරු බදින්න.
පොකිරිස්සන් සහ අනිත් සියලු දෑ එක් කර ඉස්ම ගොරෝසු වන තුරු මඳ ගින්නේ පිසින්න.
බත පිළියෙළ කරන ක්‍රමය :
හාල් සෝදා ගන්න.
තෙල් උණු කර පෙති ගසා ගත් ඵෑණු රන්වන් දුඹුරු පැහැය වන තුරු බැද තෙලින් ඉවත් කරන්න.
ස්ටොක් හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකතු කර විනාඩි 5-7 ක් පිස ගන්න.
වුවමනා පමණ ස්ටොක් එකතු කර බත හුගක් දුරට ඉදෙනතුරු පිසින්න. වතුර ස්වල්පයක් තිබිය යුතුය.
මෙසේ පිස ගත් සහල් වලින් පොකිරිස්සන් / මස් වසා, බැද ගත් ළුණු වලින් 1/2 ක් මිශ්‍ර කරන්න. බත මනාව පිසෙන තුරු ඉතා අඩු ගින්නේ පිස ගන්න.
දිසියකට බත් බෙදා පොකිරිස්සන් මැදට තබන්න. ඉතිරි ළුණු මතුපිටට ඉසින්න.
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් අවශ්‍ය තරමට (සූදුරු සම්බා,බාස්මති රසයි)බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමානයෙන් හරි අඩක ප්‍රමානයට දොඩම් යුශ...
මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ. ඉතුරු බත් වලින් හදපු සුපිරිම රස...
අවශ්‍ය ද්‍රව්‍යය :මුංඇට ග්‍රෑම් 100 (සෝදා දිය බේරෙන්නට තබන්න)පදමට ලූණු, ඔබට අවශ්‍ය පමණ සම්බා හාල් කිලෝ 1/2 පමණ වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි...