Biz Log
Classifields
Biz Log
Classifields

සේවරි චිකන් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කුකුල් මස් කිලෝ ග්‍රෑම් 1 ක්
  • ලූනු ග්‍රෑම් 250
  • තක්කාලි ග්‍රෑම් 250
  • ඉඟුරු අඟලක කැබැල්ලක්
  • සුදුළූණු බික් 2,3
  • මිරිස් කුඩු තේ හඳි 1/2
  • මාජරින් හෝ තෙල් මේස හැඳි 2
  • තුනපහ කුඩු තේ හැඳි 2
  • කරඳමුන්ගු 2
  • කරාබුනැටි 3
  • කුරුඳුපොතු කැබැල්ලක්
  • රම්පෙ
  • කරපිංචා
  • රස අනුව ලුණු
සාදන ක්‍රමය :

තක්කාලි , ළූණු , කුකුල් මස් ලොකුවට කපන්න. බඳුනකට තෙල් දමා ළිප තබා රත් කරන්න. එය රත්වන විට කරපිංචා , රම්පෙ , ඉඟුරු , සුදුළූණු , කුරුඳු පොතු , කරඳමුංගු , කරාබුනැටි තෙලට දමා බැදෙන විට හාල් දමා එය බැදෙන්න හැර එයට කුකුල් මස් සහ මිරිස් කුඩු , ලුණු , කහ , තුනපහ කුඩු දමා බත ඉදීමට අවශ්‍ය තරමට වතුර හෝ ස්ටොක් දමා බත පිසින්න. බත සැරසීමට බැදගත් ළූණු , සුල්තානා , කජු , කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ දමා සරසා ගන්න.

Share This Article

මක්ලූබා රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය :ගැඹුරු තෙලේ බැදගත් කැරට් ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් වම්බටු ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් අලගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් මල් ගෝවා...

මුංඇට බත්

අවශ්‍ය ද්‍රව්‍යය :මුංඇට ග්‍රෑම් 100 (සෝදා දිය බේරෙන්නට තබන්න)පදමට ලූණු, ඔබට අවශ්‍ය පමණ සම්බා හාල් කිලෝ 1/2 පමණ වතුර අවශ්‍ය පමණ සාදා ගන්නේ මෙහෙමයි...

නමක් නෑ ඒත් රස බත් එකක්

මේ බත් එකේ රස දන්නවා නම් ආයේ කවදාවත් ම ඉතුරු බත් විසි කරන එකක් නෑ. ඉතුරු බත් වලින් හදපු සුපිරිම රස...