Biz Log
Classifields
Biz Log
Classifields

කූනිස්සන් සමඟ තෙම්පරාදු බත

කූනිස්සන් සමඟ තෙම්පරාදු බත

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කූනිස්සො ග්‍රෑම් 100 ක්
  • කීරි සම්බා ග්‍රෑම් 500 ක්
  • බී ලූනු ගෙඩි 2 ක්
  • රම්පෙ, කරපිංචා
  • අමු ඉඟුරු / සුදුලූනු
  • ගී ඔයිල් (එළඟිතෙල්)
  • මේස හැඳි 3 ක්
  • එනසාල් ඇට 3 ක්
  • කරාබු නැටි 3 ක්
  • කහ ස්වල්පයක්
  • තුනපහ කුඩු ස්වල්පයක්
  • ලුණු අවශ්‍ය පමණ
  • පොල්කිරි කෝප්පයක්

සාදන ක්‍රමය :

පළමුව කූනිස්සො හොඳින් සෝදා ගන්න. ඉන්පසු අමු ඉඟුරු සහ සුදු ලූනු ද සිහින්ව ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ගී ඔයිල් දමා රත්වන විට ලූනු, රම්පෙ, කරපිංචා සහ අමු ඉඟුරු එකතුකර විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න.

ඉන්පසු එයට කූනිස්සන් ද කුඩු කරගත් එනසාල් සහ කරාබු නැටි ද එකතුකර මඳ ගින්නේ විනාඩි තුනක් පමණ පිසගන්න.

පසුව කහ, තුනපහ, ලූනු සහ හාල් එයට එකතුකර අවශ්‍ය පමණට වතුර දමා බත සකසා ගන්න. බත හොඳින් ඉදුණු පසු පොල්කිරි කෝප්පය එයට එකතුකර ලී හැඳි මිටකින් කලවම් කරගන්න.

ඉන්පසු ළිපෙන් බා බත් දීසියකට කෙසෙල් කොළයක් තබා පිළිගන්වන්න.

Share This Article

දොඩම් බත

අවශ්‍ය ද්‍රව්‍ය  : හාල් අවශ්‍ය තරමට (සූදුරු සම්බා,බාස්මති රසයි)බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමානයෙන් හරි අඩක ප්‍රමානයට දොඩම් යුශ...

ඉඹුල් කිරිබත්

සිංහල ගෙදරක කිරිබත් කියන්නේ සාමාන්‍යයෙන්ම විශේෂ හෝ විශේෂ නොවන ඕනෑම අවස්ථාවක හදන කෑමක්. ඒත් ඉඹුල් කිරිබත් නම් ටිකක් හදනවා අඩු වුනට...

හකුරු කිරිබත

අවශ්‍ය ද්‍රව්‍ය :සුදු කැකුළු සහල් ග්‍රෑම් 500ක්මිටිකිරි කෝප්ප 03ක්හකුරු ග්‍රෑම් 250ක්වියළි මිදි ග්‍රෑම් 50ක්අවශ්‍ය තරම් වතුරරස අනුව ලුණුසාදන ආකාරය :01. පළමුව...

චිකන් ඩම් බිරියානි

හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.බිරියානි කියන...