දොඩම් බත
අවශ්‍ය ද්‍රව්‍ය :
- හාල් අවශ්‍ය තරමට (සූදුරු සම්බා,බාස්මති රසයි)
- බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමානයෙන් හරි අඩක ප්‍රමානයට දොඩම් යුශ (දොඩම් යුශ කෝප්ප එකක් නම් වතුර කෝප්ප එකක් වගෙ)
- සිහින්ව ග්‍රේට කරගත් දොඩම් පොතු මේස හැන්දක් (මම හාල් 500g වලට ගත්තේ ඒ ප්‍රමානය)
- එනසහල්
- කුරුදු පොත්තක්
- තලාගත් ඉගුරු සහ සුදු ලූනු
- බටර් ටිකක්
- බැදගත් කජු සහ ලූනු ටිකක්
- සූදුරු සහ කොත්තමල්ලි කුඩු තේ හැන්දක්
සාදා ගන්නා ආකාරය :
පියවර 01
හාල් සෝදා දිය බේරිමට තියන්න.බටර් ටික රත් කරගෙන ඉගුරු සුදුලූනු සහ
එනසහල් හොදින් තෙම්පරාදු කරන්න.එයට සූදුරු කොත්තමල්ලි කුඩු ටික දමා මිශ්‍ර
කරන්න. දැන් සෝදා දියබේරා ගත් හාල් ටික දමා තරමක් වෙලා බැදගන්න.දැන් එයට
වතුර සහ දොඩම් යුශද , දොඩම් පොතුද , කුරුදු කැබැල්ලද එකතු කර බත පිස ගන්න.
පියවර 02
මම ගත්තේ කහ දොඩම් පොතු නිසා කහ කුඩු බතට දැම්මේ නෑ.අවශ්‍ය නම් කහ ටිකක්
දාන්න.මේක ගොඩක් සුවද නිසා රම්ප කරපින්චා එකතු කලෙත් නෑ.බත ඉදුනු පසු
ලිපෙන් බා බැදගත් කජු,ලූණු සහ වියලි මිදි දමා බත හොදින් මිශ්‍ර කර වසා ටික
වෙලවක් තියන්න.
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් රාත්තල් 1 1/2දුන්තෙල් අවුන්ස 3ස්ටොක් සාරය පයින්ට් 3 1/2බිත්තර 4න් සිහින්ව සාදා ගත් ඔම්ලට් කජු අවුන්ස 4සුල්තානා මිදි...
අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200 බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර...
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1එළවලු තෙල් මේස හැදි 3රතු ළූණු ග්‍රෑම් 50සුදු ළූණු පෙති මේස හැදි 1වියලි ඉගුරු කැබලි 1කරදමුංගු...