ඉඹුල් කිරිබත්
සිංහල ගෙදරක කිරිබත් කියන්නේ සාමාන්‍යයෙන්ම විශේෂ හෝ විශේෂ නොවන ඕනෑම අවස්ථාවක හදන කෑමක්. ඒත් ඉඹුල් කිරිබත් නම් ටිකක් හදනවා අඩු වුනට කන්න නම් සියලු දෙනාම ප්‍රිය කරනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
- සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 100
- කරදමුංගු 2
- කරාඹුනැටි 3
- ලුණු ස්වල්පයක් රස අනුව
භාජනක් ලිප තියල ඒකට සීනි මේස හැදි 3ක් දමා උණු කර ගන්න. සීනි රන්වන් පාටට හැරුණට පසු ඒකට උණුවතුර ටිකක් එක්කර හොදින් හැදිගාගන්න. ඊට පස්සේ ඒ මිශ්‍රණයටම ඉතුරු සීනි, කුඩුකරගත්ත කදමුංගු, කරාඹුනැටි, ලුණු එකතු කරලා මද ගින්දරේ හොදට හැදි ගාන්න. මිශ්‍රණය විනාඩි පහක් විතර උණු උනාට පස්සේ ගාගත් පොල් ටිකත් ඒකටම එකතු කරලා හොදට කලවම්කර ගන්න. පැණි සේරම පොල් වලට උරාගෙන පොල් ටික විනාඩි 10ක් විතර හොදින් මලවා ගන්න.
කිරිබත
අවශ්‍ය ද්‍රව්‍ය :
- කැකුලු හාල් කෝප්ප 2 (300g)
- වතුර කෝප්ප 3 1/2
- මිටිකිරි කෝප්ප්ප 1 1/2
- ලුණු තේ හැදි 1 1/2
සාදා ගන්නා ක්‍රමය :
හාල් ටික හොදට හෝදල වතුර වෙනුවට දිය කිරි එකතු කර බත උයාගන්න දැන් මිටි කිරි ටිකට ලුණු කලවම් කරලා බත් එකට එකතු කරලා කලවම් කර ලිපේ ගිණ්දර අඩු කරන්න. කිරිබත තෙත ගතියට තියෙද්දිම ලිපෙන් බා ගන්න. දැන් ඉටි කොලක් මතට කිරිබත් බෙදා ටිකක් තුනී කර ගන්න.ඒ මැදට හදාගත් පොල් පැණි දමා ඉටි කොලේ කිරිපත් එක්ක රෝල් කරගන්න. දැන් ඉටිකොලේ දෙපැත්තෙන් අල්ලා දෙපැත්තට කරකවා තද කරන්න. සීරුවෙන් ඉටි කොලේ විවර කර හදා ගත් කිරිබත් බෝල පිගානක අතුරා මේසයට යවන්න.
අවශ්‍ය ද්‍රව්‍ය :බාස්මතී හාල් ග්‍රෑම් 250තක්කාලි ගෙඩි 2තම්බාගත් ඉස්සන් ග්‍රෑම් 100ළුෑනූ කොළ (හීනියට කපා) ග්‍රෑම් 50හීනියට කපාගත් ළුෑනූ මේස හැඳි 4ෂ්‍රිම්ප්...
අවශ්‍ය ද්‍රව්‍යය :සම්බා හාල් කිලෝ 1 1/2කරදමුංගු කුඩු තේ හැදි 2කරාබු නැටි 5කුරුදු පොතු අගල් 1 පමණ කැබැල්ලක්ගම්මිරිස් තේ කුඩු හැදි...
අවශ්‍යද්‍රව්‍ය :පාන් පිටි ග්‍රෑම් 200 බටර් තේ හැදි 02 බේකින් පවුඩර් තේ හැදි 1/4 බිත්තර 01 ලුණු සාදා ගන්නා ක්‍රමය : මේ සියල්ල එකට මශ්‍ර කර...
හයිද්‍රබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත් විඳින්න එකම රසය එපා වෙලාද? එහෙනම්, හයිද්‍රාබාද් චිකන් ඩම් බිරියානි එකක වෙනස අත්විඳින්න.බිරියානි කියන...
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් අවශ්‍ය තරමට (සූදුරු සම්බා,බාස්මති රසයි)බත ඉදීමට අවශ්‍ය වතුර ප්‍රමානයෙන් හරි අඩක ප්‍රමානයට දොඩම් යුශ...
අවශ්‍ය ද්‍රව්‍ය :ගැඹුරු තෙලේ බැදගත් කැරට් ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් වම්බටු ගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් අලගෙඩි 02ගැඹුරු තෙලේ බැදගත් මල් ගෝවා...