කැරට් පුඩිම
![carrot pudding](https://www.sithmalyaya.com/images/recipes/recipes-47/larges/carrot-pudding.jpg)
අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් කුඩු කෝප්ප 1 1/2 යි
- බේකින් පවුඩර් තේ හැඳි 1 යි
- බටර් මේස හැඳි 1 යි
- සීනි අඩු කෝප්ප 3/4 යි
- ග්‍රේට් කරගත් (සිහින්ව ගාගත්) කැරට් කෝප්ප 1 යි
- ග්‍රේට් කරගත් දෙහි ගෙඩියක ලෙල්ල
- චොප් කරගත් රට ඉඳි කෝප්ප 1/2 යි
- වියළි මිදි අඬු කෝප්ප 1/2 යි
- චොප් කරගත් කජු අඬුකෝප්ප 1/4 යි
- එළකිරි හෝ පිටිකිරි අඬු කෝප්ප 1 යි
- දෙහි ඇඹුල් මේස හැඳී 2 යි
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය :
පාන් කුඩු, බේකින් පවුඩර් හා ලුණු එකට මිශ්‍රකර ගන්න. ඉන්පසු අනෙක් ද්‍රව්‍ය සියල්ල භාජනයකට දමා කලවම් කර මඳ ගින්නේ උයා පාන් කුඩු මිශ්‍රණයට කලවම් කරන්න. දැන් බටර් තැවරූ අච්චුවකට මෙම මිශ්‍රණය දමා වතුර තැටියක් තුළ තබා සෙන්ටිග්‍රේඩ් අංශක 180 උණුසුම් පෝරණුවක විනාඩි 25 ක් - 35 ක් අතර කාලයක් බේක් කර ගන්න. අවන් එකෙන් බා නිවෙන්නට හැර ශීතකරණයේ තබා පිළිගන්වන්න. මෙය උණුසුම් පුඩිමක් හැටියට ද පිළිගැන්විය හැකිය.
කුඩා දරුවන්ටත් නිවසේ අයටත් එකසේ රසවිදින්න ලේසියෙන්ම හදා ගන්න පුළුවන් පුඩිං වර්ගයක් තමයි බිස්කට් පුඩිම. දවසේ ඕනෑම වෙලාවක ආහාරයට ගන්න...
අවශ්‍ය ද්‍රව්‍යය :තම්බා ගත තෝරා මාළු ග්‍රෑම් 250රතු ළුෑණු ගෙඩි 1හීනියට ලියූ අමුමිරිස් කරල් 2පොල් කිරි කෝප්ප 1/2ලූණු, ගම්මිරිස්, කහ කුඩු,...
කොහොමද යාලුවනේ? අද ඔයාලාට කියලා දෙන්‍නේ රසම රස ඩෙසර්ට් එකක් හදන හැටි. ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදිහේ පුඩිං වර්ගයක් තමයි මේ චොක්ලට් මෝල්ඩ්...
ඔයාලට මතක ඇති මම කලින් රෙසිපි එකක චොක්ලට් මූස් හදන හැටි කියලා දුන්නා. මෙතන click කරලා ඔයාලට ඒ රෙසිපි එක බලන්න...
අවශ්‍ය ද්‍රව්‍යය :කිරි පයින්ට් 1බිත්තර 4සීනි රාත්තල් 1/4වැනිලා ස්වල්පයක් වියලි මිදි ස්වල්පයක්සාදා ගන්නේ මෙහෙමයි : කිරි භාජනයකට දමා උණු කර නිවෙන්නට හරින්න. බිත්තර...
කොහොමද යාලුවනේ? ගොඩාක් කාලෙකින් රෙසිපියක් දාන්න බැරි වුන නිසා අද මං අරගෙන ආවේ ඉතාමත් රසවත් dessert එකක්. මේක මං හැදුවේ මගේ...