චොක්ලට් මූස්

null

චොක්ලට් කියන්නේ ලොකු කුඩා සියලු දෙනා ප්‍රිය කරන කෑමක්. අද චොක්ලට් වලින් ඉතාමත් අසවත් අතුරු පසක් නිවසේදීම සාදා ගන්නා ආකාරය යි මේ..


අවශ්‍ය ද්‍රව්‍ය : 

  • චොක්ලට් ග්‍රෑම් 250
  • බිත්තර සුදුමද 6
  • සීනි ග්‍රෑම් 100
  • රම් මේසහැදි 1
  • විප්ඩි ක්‍රීම් මිලි ලීටර් 500

සාදා ගන්නා ක්‍රමය : 

චොක්ලට් කෑලි වලට කඩා පිරිසිදු බදුනකට දමා වතුර බදුනක් මත තබා උණු කරගන්න. බිත්තර සුදුමද හා සීනි එකට ගසා ගන්න. විප්ඩි ක්‍රීම් වෙනම ගසා ගන්න. දැන් දිය කර ගත් චොක්ලට් මිශ්‍රණයට විප්ඩි ක්‍රීම්, බිත්තර සුදුමද මිශ්‍රණය හා රම් එක්කර කලවම් කරන්න. දැන් මෙය භාජනයකට දමා ස්ට්‍රෝබෙරි හා චොක්ලට් වලින් සරසා ගෙන ශීතකරණයේ තබන්න.

Share This Article

Back