පෑන් කේක්
- කිතුල් පැණි මිලී 50
- සීනි ටිකක
- ලුණු අවශ්‍ය පමණ
- පොල් අවශ්‍ය පමණ
- කුඩුකරගත් රටකජු
- වැනිලා ස්වල්පයක්
පැණිපොල් සාදා ගන්නා ක්‍රමය :
පැණි, සීනි, ලුණු මිශ්‍රකර ලිපතබා රත්වනවිට පොල් එකතු කර හොදින් කලවම් කරන්න. පැණිපොල් පදම එනවිටදී වැනිලා දමා කලවම් කර කුඩුකරගත් රටකජු එක්කරන්න.
පෑන් කේක් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :
- උළුදු පිටි ග්‍රෑම් 125
- හාල්පිටි ග්‍රෑම් 30
- ලුණු ස්වල්පයක්
- බිත්තරයක්
- කහ කුඩු අවශ්‍ය පමණට
- සීනි තේ හැදි 1 ක් පමණ
- නිවාගත් වතුර හෝ පොල්කිරි ස්වල්පයක්
- උණුකර නිවාගත් බටර් තේහැදි 1
- ඉහත ආකාරයට සකස්කරගත් පොල්පැණි
පෑන් කේක් සාදා ගන්නා ක්‍රමය :
උදුපිටි හා හාල්පිටි කලවම්කර පසෙකින් තබන්න. බිත්තර සහ ලුණු ස්වල්පයක් බදුනකට දමා හොදට ගසාගන්න. නැවත ඊට සීනි හා උණුකර නිවාගත් බටර් දමා හොදින් ගසාගන්න. මෙම මිශ්‍රණයට උදු පිටි හා හාල්පිටි මිශ්‍රණය ටික ටික එකතු කරන්න. පසුව එය හොදින් ගසාගෙන මිනිත්තු 15ක් වසා තබන්න. දැන් පිටි මිශ්‍රණය ගෙන තැටියක යන්තමින් බටර් හෝ තෙල් ස්වල්පයක් තවරා පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා රොටියක් ආකාරයට තුනීකර පුළුස්සා ගන්න. පසුව බදුනෙන් ඉවත්කර රස්නය තිබියදීම පැණි පොල් මිශ්‍රණය තබා රෝල්කර කෑමට ගන්න.
අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි...
අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 250 බිත්තර 01 බටර් ග්‍රෑම් 25 ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සිහිනියට ගා ගත් චීස් ටිකක් බැද ගැනීමට තෙල්සාදා ගන්නා ක්‍රමය :බිත්තරය හොදින්...
අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල් පිටි ග්‍රෑම් 240 ගාගත් පොල් බෑයක් ලුණුසාදා ගන්නා ක්‍රමය :පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර...
කොහොමද යාලුවනේ? ඉඳලා ඉඳලා ඔන්න ආයෙමත් කාලෙකින් රෙසිපි එකක් අරන් ආවා. අද අපි වෙනසකටත් එක්ක ඉනිදියන් කෑමකට රස බලමුද? අලූ පරාටා...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 225 කුරක්කන් පිටි ග්‍රෑම් 225 ගා ගත් පොල් ගෙඩි 1ක් ලුණු ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය :පිටි දෙවර්ගයම මිශ්‍ර කර එයට...
අවශ්‍ය ද්‍රව්‍ය: කැමති වර්ගයක මස් පෙති 6 (තරමක් මහත රවූම් කපා) ලුණූ, ගම්මිරිස් රස අනූවමාගරින් කෝප්ප1/4ඇස්පැරගස් ඉති 12 (හීනි ලික්ස් වූවද සූදුසූයි)කුඩා...