රසම රස පැස්ටා කොත්තු
කොත්තු කන්න හිතුනම මතක් වෙන්නෙම කඩෙන් ගන්න ඕනා කියලනේ. ඒත් පිටින් මිලදී නොගෙන රසම රස කොත්තුවකින් ඔබේ පවුලේ අයට සංග්‍රහ කිරීම කොහොම අත්දැකීමක් වෙයිද? ඉතින් ඉක්මනින්ම ඒ අත්දැකීම විඳ ගන්නටයි මේ අවස්තාව ……
පැස්ටා කොත්තු සැදීමට අවශ්‍ය දේ:
- තම්බාගත් පැස්ටා ග්‍රෑම් 500 ( මඳක් හැපෙන මට්ටමට )
- ගල් මාළු, ඉස්සන්, දැල්ලන් ග්‍රෑම් 500 ( තරමක කැබලි කපාගත් )
- එළවලු තෙල්
- ලොකු ළුණු ( සිහින්ව කපාගත් )
- ඉඟුරු, සුදු ළුණු ( කුඩාවට කපාගත් )
- රම්පෙ, කරපිංචා ස්වල්පය බැගින්
- ගෝවා, කැරට්, මාළු මිරිස් සහ ලීක්ස් ( දිග අතට සිහින්ව කපාගත් )ග්‍රෑම් 400
- බිත්තර 7, 8
- කෑලි මිරිස් කුඩු මේස හැඳි 2
- කහ කුඩු සහ තුනපහ කුඩු ස්වල්පය බැගින්
- ලුණු සහ ගම්මිරිස් කුඩු
- තක්කාලි (කුඩාවට කපාගත් ) ග්‍රෑම් 100
- අමු මිරිස් (කුඩාවට කපාගත් ) කරල් 2, 3
සාදන ආකාරය :
රත්වූ වතුර බඳුනකට තෙල් සහ ලුණු ටිකක් එක්කර පැස්ටා තම්බා ගන්න .කපාගත් මාළු සියල්ලම හොඳින් සෝදා ගෙන පෙරාගෙන එයට ලුණු , ගම්මිරිස්, කහ කුඩු, සහ තුනපහ කුඩු ස්වල්පය බැගින් දමාගෙන හොඳින් අතගාගෙන එය ගැඹුරු තෙලේ ක්‍රිස්පී ලෙස බැද ගන්න.
දැන් බඳුනකට තෙල් මේස හැඳි 4, 5 පමණ දමා ගෙන එය රත්වන විට ලොකු ළුණු, ඉඟුරු, සුදු ළුණු, සමග රම්පෙ කරපිංචා දමා හොඳින් තෙම්පරාදු වන අතරම මෙයට අමුමිරිස් සමග කපාගත් එළවලු සියල්ල දමා තවදුරටත් තෙම්පරාදු කරන්න. ඊළඟට බිත්තර ටිකද දමා තවත් ස්වල්ප වේලාවක් පිසගෙන එයටම ස්පයිසස් ටික සමග ලුණු, ගම්මිරිස්, අවශ්‍ය පමණට දමාගෙන තක්කාලි ටිකද කලවම් කරන්න.
ඊට පසු තම්බාගත් පැස්ටා ටික එක්කර පත්තකින් කොටා ගනිමින් හොඳින් මිශ්‍ර කරන්න. සියල්ල හොඳින් මිශ්‍ර වූ පසු රස බලා උණුසුම්ව කෑමට පිළිගන්වන්න.
– ඉරේෂා –
පැණිපොල් සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :කිතුල් පැණි මිලී 50සීනි ටිකකලුණු අවශ්‍ය පමණපොල් අවශ්‍ය පමණකුඩුකරගත් රටකජු වැනිලා ස්වල්පයක්පැණිපොල් සාදා ගන්නා ක්‍රමය :පැණි, සීනි,...
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි ග්‍රෑම් 250 හාල්පිටි ග්‍රෑම් 250 කුරක්කන් පිටි ග්‍රෑම් 250 ගාගත් පොල් ගෙඩි 1 කුඩු කරගත් කරදමුංගු කරල් 3-4 ලුණු රසය අනුවසාදා ගන්නා ක්‍රමය...
අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි...
අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 ආප්ප සෝඩා ග්‍රෑම් 2.5 හීනියට ගාගත් හකුරු මුල් 1 3/4 ලුණු ස්වල්පයක් නටන උණු වතුර කෝප්ප 1/2 පොල් ගෙඩියක කිරි කරදමුංගු...
කොහොමද යාලුවනේ? ඉඳලා ඉඳලා ඔන්න ආයෙමත් කාලෙකින් රෙසිපි එකක් අරන් ආවා. අද අපි වෙනසකටත් එක්ක ඉනිදියන් කෑමකට රස බලමුද? අලූ පරාටා...
අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200 බටර් ග්‍රෑම් 20 බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...