Biz Log
Classifields
Biz Log
Classifields

අලු පරාටා

අලු පරාටා

කොහොමද යාලුවනේ? ඉඳලා ඉඳලා ඔන්න ආයෙමත් කාලෙකින් රෙසිපි එකක් අරන් ආවා. අද අපි වෙනසකටත් එක්ක ඉනිදියන් කෑමකට රස බලමුද? අලූ පරාටා කියන්නේ බොහෝම රසවත්  ආහාරයක්. මේක ඉන්දියානුවන් ප්‍රධාන ආහාරක් විදිහට ගත්තත් අපිට ඔින නම් තේ වෙලාවට කන්න ගන්නත් පුළුවන්. ටිකක් එළවලු රොටි වගේ තමයි. අලු කියන්නේ අල වලට හින්දියෙන්. ඉතින් මේ අල පරාටා කිව්වත් වරදක් නෑ සිංහලෙන්. 

අවශ්‍ය ද්‍රව්‍ය :

  • අල 
  • තෙල් ස්වල්පයක්
  • පිටි
  • ලුණු අවශ්‍ය පරිදි

පිටි, තෙල්, ලුණු හා වතුර දමා පිටි dough එක හදාගෙන එය cover කර fridge එකේ පැය 03ක් පමණ තියන්න. දැන් තම්බාගත් අල පොඩිකර තෙම්පරාදුව හදා ගන්න. හරියට කට්ලට් වලට ගන්නවා වගේ. පිටි dough එකෙන් කුඩා බෝල සකසා‍ගෙන ඒවා ටිකක් තුනි කරගෙන මැදට අල දමා ඇතුලට නවලා එක ගුලියක් ලෙස cover කරගන්න. දැන් මැද අල තියෙන බෝලයක් වගේ. ඒක දැන් පරෙස්සමට roller එකකින් තුනි කරගන්න. ඇතුලෙ තියෙන අල එළියට නොඑන විදිහට පරෙස්සමින් තුනි කරගෙන පෑන් එකකට තෙල් දමා පිසගන්න. මම මේක chicken එක්ක cheese දාලා හැදුවා. ඒක නම් ඉතාමත් රසවත්ව තිබුනා. ඔයාලටත් පුලුවන් තමන් කැමති දෙයක් filling එකට දාලා හදාගන්න. 

Share This Article

චීස් පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය :පිටි ග්‍රෑම් 250 බිත්තර 01 බටර් ග්‍රෑම් 25 ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් සිහිනියට ගා ගත් චීස් ටිකක් බැද ගැනීමට තෙල්සාදා ගන්නා ක්‍රමය :බිත්තරය හොදින්...

පැටිස් හදමු

හවසට ඔබ නිවසේ අයත් එක්ක බොන රස තේ කෝප්යත් එක්ක උණු පැටිස් එකක් තිබ්බොත් අපූරුයි නේද? ඒ පැටිස් එක ඔබම...

රසම රස පැස්ටා කොත්තු

කොත්තු කන්න හිතුනම මතක් වෙන්නෙම කඩෙන් ගන්න ඕනා කියලනේ. ඒත් පිටින් මිලදී නොගෙන රසම රස කොත්තුවකින් ඔබේ පවුලේ අයට සංග්‍රහ කිරීම කොහොම...

පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි ග්‍රෑම් 200  බටර් ග්‍රෑම් 20  බිත්තර 1 ලුණු , ගම්මිරිස් බේකින් පවුඩර් තේ හැදි 1/4 තම්බා ගත් ඉස්සන් කීපයක් ලූනු පෙති සාදා...

හාල් පිටි ආප්ප (ආප්ප 20 පමණ)

අවශ්‍ය ද්‍රව්‍ය :හාල් පිටි ග්‍රෑම් 675 පොල් කිරි කෝප්ප 4 වතුර ග්‍රෑම් 60 දියකරගත් ඊස්ට් ග්‍රෑම් 5 ලුණු සහ සීනි ස්වල්පයක්සාදා ගන්නා ක්‍රමය : හලා ගත්...

හාල්පිටි රොටී (4 දෙනෙකුට)

අවශ්‍ය ද්‍රව්‍ය : බැදපු හාල් පිටි ග්‍රෑම් 240 ගාගත් පොල් බෑයක් ලුණුසාදා ගන්නා ක්‍රමය :පිටි සහ පොල් බදුනකට දමා මිශ්‍ර කරන්න. ලුණු එකතු කර...