පොලොස් කට්ලට්
අවශ්‍ය ද‍්‍රව්‍ය
- පොලොස් ගැට (ඉතා ළපටි) 1යි
- මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම්
- රතුලූනු ගෙඩි කිහිපයක්
- සුදුලූනු බික් කිහිපයක්
- ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි
- ලූණු කුඩු
- අමුමිරිස් කරල් කිහිපයක්
- දෙහිගෙඩි 1යි
- කරපිංචා ටිකක්
- කරඳමුංගු, කුරුඳු
- පොතු කුඩු ටිකක්
- බිත්තර 2යි
- පාන්පිටි 250යි ග‍්‍රෑම්
- පාන්කුඩු (බිස්කට් කුඩු) 250 ග‍්‍රෑම්
- බැදීමට අවශ්‍ය පමණ තෙල්
සාදන ක‍්‍රමය :
පොලොස් ගෙඩියේ පොත්ත ඉවත් කර කුඩා කැබැලි කපා ලූණු දමා තම්බා පෙරා ගන්න. මාළු නම් තම්බා හෝ සැමන් ගෙන හොඳින් පොඩි කර ගන්න. ඉන්පසු රතුලූනු, සුදුලූනු, අමුමිරිස් සිහින්ව ලියා මාළු හා පොලොස් සමඟ මිශ‍්‍ර කරගන්න. දැන් එයටම ගම්මිරිස්, ලූණු, කරඳමුංගු, කුරුඳු කුඩු හා දෙහි ඇඹුල් ද එක්කරමින් හොඳින් අනාගන්න. ඉන්පසු තෙල් ටිකක් රත්වෙන්න හැර කරපිංචා කොළ කිහිපයක් පළමුව තෙලට දමා ඉන්පසු මිශ‍්‍රණය ද දමා හොඳින් තෙම්පරාදු කරගන්න. එම මිශ‍්‍රණය නිවෙන්නට හැර කුඩා බෝල සාදා බිත්තර සාරුවල පොඟවා පාන් පිටිවලින් බැටරයක් සාදා (පාන් පිටි උකුවට ජලයේ දියකර) එහි ගිල්ලා පාන් කුඩුවල තවරා ගැඹුරු තෙළේ බැදගන්න. උණු උණුවේම මේසයට යැවීමෙන් වඩාත් රසවත්ව කෑමට ගත හැකිය
අවශ්‍ය ද්රව්ය : චොප්කරගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක්පොඩියට කැබැලි කර ගත් සැමන් ග්‍රෑම් 200ක්පාස්තා ග්‍රෑම් 500ක්ලුණුෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්ග්‍රේට් කරගත්...
අවශ්‍ය ද්‍රව්‍ය : හාල් පිටි ග්‍රෑම් 450 ලුණු ස්වල්පයක් නටන වතුරසාදා ගන්නා ක්‍රමය : පිටි හොදින් බැද හලා ගන්න. ලුණු සහ වතුර එක් කරමින් නොඇලෙන...
අවශ්‍ය ද‍්‍රව්‍යපොලොස් ගැට (ඉතා ළපටි) 1යි මාළු හෝ සැමන් 250 ග‍්‍රෑම් රතුලූනු ගෙඩි කිහිපයක් සුදුලූනු බික් කිහිපයක් ගම්මිරිස් කුඩු තේ හැඳී 1යි ලූණු කුඩු අමුමිරිස් කරල් කිහිපයක් දෙහිගෙඩි...
කොහොමද යාලුවනේ? ඉඳලා ඉඳලා ඔන්න ආයෙමත් කාලෙකින් රෙසිපි එකක් අරන් ආවා. අද අපි වෙනසකටත් එක්ක ඉනිදියන් කෑමකට රස බලමුද? අලූ පරාටා...
අවශ්‍ය ද්‍රව්‍ය :හොදින් හලා ගත් කුරක්කන් පිටි ග්‍රෑම් 225 වාෂ්පයෙන් තම්බා ගත් හාල් පිටි ග්‍රෑම් 225 උතුරන වතුර අවශ්‍ය වේ. පමණට ලුණු. රස අනුව.සාදා...
අවශ්‍ය ද්‍රව්‍ය : පැණි ග්‍රෑම් 250 හාල්පිටි ග්‍රෑම් 250 කුරක්කන් පිටි ග්‍රෑම් 250 ගාගත් පොල් ගෙඩි 1 කුඩු කරගත් කරදමුංගු කරල් 3-4 ලුණු රසය අනුවසාදා ගන්නා ක්‍රමය...