හුලංකීරිය අල මාළුව
අවශ්‍ය ද්‍රව්‍ය :
- හුලංකීරිය අල කීපයක්
- හාල්මැස්සන් ටිකක්
- සුදුළූණු බික් කීපයක්
- රතුළූණු ටිකක්
- තුනපහ, කහ හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට
- ලුණු රස අනුව
- කරපිංචා ටිකක්
සාදා ගන්නා ක්‍රමය :
හුලංකීරිය අල මත තිබෙන සිවිය ගලවා ඉවත්කර හොදින් සෝදාගන්න. ඉන්පසු නටුව වැනි කොටස කපාදමා සිහින්ව පෙති කපාගන්න. දැන් භාජනයකට අලටික දමා වතුර දමා තැම්බෙන්නට හරින්න. හාල්මැස්සන් සෝදා ඔළුකඩා දිය බේරෙන්නට හරින්න. අල තැම්බුණු පසු රතුළූණු, අමු මරිස්, කරපිංචා ලියා දමන්න. දැන් හාල්මැස්සන්ද, තුනපහද, කහ කුඩුද එකතු කරන්න. පොල්කිරිද එකතුකර කලවම්කර මදගින්නේ හොදින් පිසගන්න
අවශ්‍ය ද්‍රව්‍ය :තම්බාගත් මැකරෝනි කෝප්ප 1හීනියට දිගට කපාගත් බෝංචි ග්‍රෑම් 100ලියාගත් ළූණු ගෙඩි 1කපාගත් අමුමිරිස් කරල් 2කරපිංචා ටිකක්ලුණුකහකුඩු තේ හැඳි 1/2අබ...
අවශ්‍ය ද්‍රව්‍ය : කරවල ග්‍රෑම් 250 අමූ මිරිස් ග්‍රෑම් 25 ඉඟුරු කැබැල්ලක් (සිහින් තීරු කැපූ) කබලේ බැද කුඩූ කරගත් කොත්තමල්ලි...