Biz Log
Classifields
Biz Log
Classifields

කට්ල්ෆිශ් බීන්ස්

කට්ල්ෆිශ් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • රවුමට කපා ගත් දැල්ලො ග්‍රෑම් 100
  • කපා ගත් බෝංචි ග්‍රෑම් 100
  • කපා ගත් ළූණු ගෙඩි 1
  • කපා ගත් තක්කාලි ගෙඩි 2
  • තලා ගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 2
  • කෑලි මිරිස් තේ හැඳි 1
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • කහ කුඩු තේ හැඳි 1/2
  • රම්පේ හා කරපිංචා
  • අබ ස්වල්පයක්
  • මිටිකිරි කෝප්ප 1/2
  • තෙල් ස්වල්පයක්
  • ලුණු හා ගම්මිරිස් කුඩු

සාදා ගන්නා ආකාරය :

  • දැල්ලො වලට ලුණු හා ගම්මිරිස්කුඩු අතගාලා තියාගන්න.
  • තෙල් ටික ලිපේ තියලා රත්වෙනකොට අබ ටික දාගන්න. ඒකට ළූණු, රම්පේ, කරපිංචා, තක්කාලි, ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාලා තෙම්පරාදු කරගන්න.
  • දැන් දැල්ලො ටික දාලා මිරිස්කුඩු, කහකුඩු හා කෑලි මිරිස් එකතු කරගන්න.
  • දැල්ලො ටික විනාඩි 3ක් වගේ පිසගෙන බෝංචි ටික දාගන්න. බෝංචි බාගෙට තැම්බීගෙන එනකොට මිටිකිරි ටික එකතු කරලා උතුරවගෙන ලිප නිවාගන්න.

Share This Article

බෝංචි මැල්ලුම්

අවශ්‍ය ද්‍රව්‍ය :සිහින්ව රවුමට කපාගත් බෝංචි ග්‍රෑම් 100ගාගත් පොල් කෝප්ප 1/2අමු තුනපහකුඩු තේ හැඳි 1/2කහකුඩු තේ හැඳි 1/2ලුණුඅබ ස්වල්පයක්කරපිංචාසුදුළූණු බික් 3සාදා...

ස්ටර් ෆ්‍රයිඩ් ග්‍රීන් බීන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය : දික් අතට කපාගත් බෝංචි ග්‍රෑම් 150තලාගත් සුදුළූණු බික් 2චොප්කරගත් රතුළූණු ගෙඩි 2තලාගත් ඉඟුරු තේ හැඳි 1/2රම්පේ හා කරපිංචාලුණු...