කිරි කජු මාළුව
![කිරි කජු මාළුව](https://www.sithmalyaya.com/images/recipes/recipes-153/larges/763.jpg)
- කජු ග‍්‍රෑම් 300
- රතු ළුණු ගෙඩි 2 ( සිහින්ව ලියා )
- අමුමිරිස් කරල් 2 ( සිහින්ව ලියා )
- සුදු ළුණු ගෙඩි 3 ( සිහින්ව ලියා )
- රම්ප / කරපිංචා
- මිරිස් කුඩු තේ හැදි 1
- කහ කුඩු තේ හැදි 1/4
- උම්බලකඩ කුඩු මේස හැදි 1
- උකු මිටිකිරි කෝප්ප 3
- රස අනුව ලූණු
- දෙහි යුෂ තේ 1
- තෙල් මේස හැදි 1
කජු උණුසුම් වතුරෙහි පැය 1/2 ක් පමණ පොගවා ගන්න. භාජනයක් ලිප තබා තෙල් එක් කර රත් වන විට එයට රතු ළුණු ,සුදු ළුණු ,අමුමිරිස් ,රම්ප කරපිංචා හා උම්බලකඩ එක් කර සුවද හමන තෙක් තෙම්පරාදු කරගන්න. පොගවා ගත් කජු වතුර පෙරා තෙම්පරාදුවට එක් කර මිරිස් කුඩු හා කහ කුඩු එක් කර උකු මිටිකිරි ටිකද එක් කරන්න. රස අනුව ලූණු එක් කර ගන්න. කිරි හොදින් උතුරවා සිදුන පසු දෙහි යුෂ එක් කර ගන්න. කහ බත් සමඟ අවුරුදු කෑම මේසයේදී සතුටින් රස බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : රතු මාළු කිලෝ 01 ගම්මිරිස් ඇට ග්‍රෑම් 50 ගොරකා මේස හැඳි 01 මිරිස් තේ හැඳි 01 අමු කුරුඳු කොළ...