චිකන් කුරුමා
විශේෂ අවස්ථාවකදී කුකුල් මස් කියන්නේ මේසයට අනිවාර්ය අංගයක්. හැමදාම හදන කුකුල් මස් කරියක් වෙනුවට අමුත්තන්ට පිළිගන්වන්න වෙනසකටත් එක්ක අද චිකන් කුරුමා හදලා බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය :
- කුකුල් මස් ග්‍රෑම් 750
- එළඟිතෙල් මේස හැදි 5
- ලොකු ළූණූ ගෙඩි 2
- සුදුළූණු බික් කිහිපයක්
- ඉඟුරු ස්වල්පයක්
- අමු මිරිස්,මිරිස් කුඩු, කොත්ත කුඩු, කහ, කුඩු කරගත් සූදුරු මහදුරු එනසාල් කරාඹු නැටි
- මීකිරි ස්වල්පයක්
- කජු
- ලුනු අවශ්‍ය පමණට
කුකුල් මස් කපා වතුර බේරෙන්න හරින්න. ලූණු සුදුලූණු හා අමු ඉඟුරු අඹරා එයට අනෙකුත් කුලු බඩු සියල්ල එකතු කරන්න. කපා ගත් කුකුල් මස් වල එය අතුරා මද වේලාවක් තබන්න. දැන් බදුනකට එළඟිතෙල් දමා රත්වන විට කුකුල් මස් ටික එකතු කරන්න. මද වේලාවකින් එයට මීකිරි එකතු කර අවශ්‍ය නම් පමණක් වතුර කෝප්පයක් එකතු කරන්න. එයට කුඩු කරගත් කජු එක්කර මේසයට යැවීමේදී කොත්තමල්ලි කොළ වලින් සරසා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...
අවශ්‍ය ද්‍රව්‍ය :පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්තෙල් මේස හැඳි 5ක්චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්චොප් කරගත් ලූනු ගෙඩියක්කුරුඳු පොතු කෑල්ලක්කහ...
අවශ්‍ය ද්‍රව්‍ය : පොකුරු වදමල් උම්බලකඩ රතුළූණු කරපිංචා මිටිකිරි දෙහියුෂ හා ලුණු අවශ්‍ය පමණට සාදා ගන්නා ක්‍රමය : මලේ නැට්ට සහ මනි පත්‍රිකා ගලවා...