හෙළ රස රුහුණේ මාළු ඇඹුල් තියල්
අවශ්‍ය ද්‍රව්‍ය :
- රතු මාළු කිලෝ 01
- ගම්මිරිස් ඇට ග්‍රෑම් 50
- ගොරකා මේස හැඳි 01
- මිරිස් තේ හැඳි 01
- අමු කුරුඳු කොළ 10
- තෙල් මේස හැඳි 02
- කරපිංචා කිනිති 02
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය :
* මැටි ඇතිලියක් ගන්න. එය වටා පිළිවෙළට කුරුඳු කොළ අතුරා ගන්න.
* එය මතුපිටට කරපිංචා කිනිති නටුව ද සමඟ අතුරන්න.
* ගම්මිරිස්, ගොරකා, මිරිස් ලුණු හොඳින් අඹරන්න.
* අඹරා ගත් මිශ්‍රණය සෝදා පිරිසිදු කර කැබලිවලට කැපු මාළුවලට කලවම් කරන්න.
* අතුරා ගත් කුරුඳු කොළ කරපිංචා තිබෙන ඇතිලියට මාළු කැබලි අතුරා ගන්න.
* මිශ්‍රණයේ ඉතිරි බොර හා තෙල් ද මාළු කැබලිවල දැවටෙන සේ එකතු කරන්න.
* මැටි පියනකින් වසා පොල්කටු අඟුරු පියන මත තබන්න.
* කුරුඳු දර දැමු ලිපක් මත තබා පිසගන්න. සැලකිය යුතු කරුණු - ගොරකා, ගම්මිරිස්, මිරිස්, කැට ලුණු සියල්ලම මාළුවලට අතගා පැය භාගයක් පමණ ලුණු ඇඹුල් ඇල්ලීමට තැබීම වඩාත් සුදුසුයි.
අවශ්‍ය ද්‍රව්‍ය :පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්තෙල් මේස හැඳි 5ක්චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්චොප් කරගත් ලූනු ගෙඩියක්කුරුඳු පොතු කෑල්ලක්කහ...
අවශ්‍ය ද්‍රව්‍ය : රතු මාළු කිලෝ 01 ගම්මිරිස් ඇට ග්‍රෑම් 50 ගොරකා මේස හැඳි 01 මිරිස් තේ හැඳි 01 අමු කුරුඳු කොළ...
අවශ්‍ය ද්‍රව්‍ය : කඩල ග්‍රෑම් 250ක්ළපටි බණ්ඩක්කා ග්‍රෑම් 250ක්තක්කාලි ගෙඩි 4 - 5ක්රම්පේ, කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට ගන්නඅමු මිරිස් කරල් 2 - 3ක්රතුලුනූ...